Friday, August 22, 2014

Zimou Tan - පදාස වලින් චිත්‍රය ගොඩ නගන videos.


http://static.wixstatic.com/media/33cdd4_1f25e662cd7843278ed3613f489c23a2.jpg_srz_619_493_85_22_0.50_1.20_0.00_jpg_srz

චිත්ර අඳින විට
ප්රධානම ගැටලුව වෙන්නෙ
රේඛා වලින් හැඩතල අඳින්න
වෑයම් කිරීමයි.

රේඛා වලින් පෙට්ටියක් ඇන්දට
ගෝලයක් රේඛා වලින් අඳින්න බෑ.
මේ බාධකය ජය ගන්න තුරු
කපන ඉනි සියල්ල ගඟේ.

චිත්රයක් රේඛාවලින් ඇඳගත්තාට
වර්ණ යොදන්නෙ පදාස වශයෙනුයි...
රේඛා අහර ත්රිමාණ හැඩය දැකීමට
කිසිදු සහායක් නැත්නම්
චිත්රය පැතලි වෙනවා...

වර්ණ කරන චිත්රය මුල සිටම
ත්රිමාණ ස්වරූපයෙන් ගොඩ නැගීම
චිත්රය හොඳින් නිම කරන්න පිටුවහලක්.

පදාස වලින්
චිත්රය ගොඩ නගන හැටි
ඇස හුරු වුණාට පසුව
රේඛා අවශ්ය වෙලාවට
සොයාගන්න පුලුවන්.

හරි විදියට මාස හයෙන් යන දුර
අවුරුදු හයක් ගියත්
වැරදි විදියට යන්න බැහැ.

රේඛා වලින් ඇඳීම නතර කරලා
පදාස වලින් අඳින්න හුරු වෙන්න.
මේ චිත්‍ර ශිල්පියා 
පදාස වලින් චිත්‍රය ගොඩ නගන හැටි
පදාසයෙන් පදාසයට බලන්න.
130601 0013
130601 0014
130601 0015
130601 0017
130601 0019

130601 0021
130601 0022
130601 0024
130601 0025
130601 0029
130601 0032

 
පදාස වලින් චිත්‍රය ගොඩ නගන හැටි
ඇස හුරු වුණාට පසුව
රේඛා අවශ්‍ය වෙලාවට
සොයාගන්න පුලුවන්..

.

 .
පැන්සල උපයෝගී කරගෙන
මූර්තියක් අඹන්නාක් මෙන්
මුහුණෙහි ත්‍රිමාණ බව
ගොඩ නගන විදිය හදාරන්නට
ඉතා හොඳ නිදර්ශනයක්.
පැන්සල උල් කර තියන ආකාරය
සහ හසුරුවන ආකාරය නිරීක්ෂණය කරන්න.
ඔහු මකනයක් යොදාගෙන නැහැ..

.

.

.

.


ඡායාරූප ශිල්පියෙකු මෙන්  එලිය අඳුර නොව
මිනිස් සිරුරෙහි ත්‍රිමාණ හැඩය මතු කරන්නට
කළු අළු සහ සුදු යොදා ගන්නා අයුරු..

කළු පැහැය පදාසයක් ලෙස
රිද්මයකට හසුරුවා ගන්නා අයුරු.


























 Zimou Tan විසින් 
Portrait අඳින්නට අයකරන මුදල ඩොලර් වලින්
http://zimoutanart.com/


http://zimoutanart.com/




No comments:

Post a Comment