Thursday, June 13, 2013

ඇහැට පෙනෙන දේ පෙනෙන විදියටම අඳින්න






මිනිස් මොළයෙ
වම්පැත්තත් දකුණු පැත්තත් ක්‍රියා කරන්නෙ
ආකාර දෙකකටයි.
'https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0JjjBgAx0qDYqbfYM028gQ9u0pawdexZHpvo4F6WrgoIlBKbeUna0B_y77_3BF6j9-shN4SFV27oZcM4TnGp3vnIPX0CDEpfS7N7R38KUVotLOZOE5UuSnWsxi_DAGZeRqsnLxkKTVwrB/s1600/right_brain_left_brain.jpg
ගණිතය, විද්‍යාව, සිද්ධාන්ත, භාෂාව, නීති,
දහවල, පිරිමිකම ආදිය වම්පැත්තට සම්බන්ධයි.

චිත්‍ර, සංගීතය, නර්තනය ආදී කලා මාධ්‍යයන්,
රීති, රාත්‍රිය, ගැහැණු කම ආදිය
මොළයෙ දකුණු පැත්තට සම්බන්ධයි.

මේ චිත්‍රය අඳිද්දි
මොළයෙ දකුණු පැත්ත මැදිහත් වෙලා
ලබා දුන් උපදෙස් තමයි,
ඇපල් ගෙඩියෙ චිත්‍රයෙ
පහත පෙනෙන වැරදීම් වලට හේතුව
https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash3/1404899_10200777374983421_460506713_o.jpg
චිත්‍ර ඉගෙන ගන්න නම්
ඉස්සෙල්ලා අපි දකින විදිය
වෙනස් කරන්න වෙනවා.

වීදුරුවක කටේ හැඩය රවුම් වුණාට
අපිට ඒ රවුම පෙනෙන්නෙ එක කෝණයකින් විතරයි.
http://upload.wikimedia.org/wikipedia/commons/c/c7/Drinking_glass_fingerprint_FTIR.jpg
අනිත් කෝණ වලට ඒ හැඩය
ඕවල් එකක් වගෙයි පෙනෙන්නෙ.
 http://p.globalsources.com/IMAGES/PDT/B1057324584/Drinking-Glass.jpg
එක කෝණයකින් අපිට පෙනෙන්නෙ
සරල රේඛාවක්..

http://t1.gstatic.com/images?q=tbn:ANd9GcTZ31JPdxsGY_7s8oAjegE2gUCu6kaRKWVA2SpHyV5hXWlSCJWK 
ඇසට පෙනෙන්නෙ එහෙම වුණාට
වීදුරුවක කට රවුම් බව
අපේ බුද්ධිය දන්නවා.
http://preview.turbosquid.com/Preview/2011/03/16__13_45_24/top001.jpg17abac89-53ec-4b8d-94ca-49d5ecf7013cLarge.jpg
ඒ දැනුම අපි චිත්‍ර අඳිද්දි
බලපානවා.
ඇහැට පෙනෙන දේට
හිත දන්න දේ මිශ්‍ර වෙලා
විකෘති දර්ශනයක් තමයි
අපි අඳින්නෙ.

 
මෙයින් මිදෙන්න නම්
අපි සැබෑ වස්තූන්,
සැබෑ පුද්ගලයන් බලාගෙන
ඇඳලා පුරුදු වෙන්න ඕනෙ.

අපි සැබැවින්ම
 
චිත්‍ර ඉගෙන ගන්න විට ඉගෙන ගන්නෙ
ඇහැට පෙනෙන දේ   පෙනෙන විදියටම අඳින්නයි.
 
වීදුරුවෙ කට අඳින කොට
සිතින් කියන රවුම් හැඩය
අඳින්නෙ නැතුව
ඇසට පෙනෙන ඕවල් හැඩය අඳින්නයි.


  

No comments:

Post a Comment