Friday, May 2, 2014

කලාවේ මිල හා කලාව විකුණන් කෑම...







Prabath Zoysa
ඊයේ මට අපූරැ මිනිසෙකු මුණගැසින
මීට මාස කිහිපයකට පෙර රටේම ප්‍රසිද්ධ වුණු මොහු
මා දකින්නේ අනුන්ගේ හැකියාව හුරං කන වසලයෙකු ලෙසයි
මොහු දිනක් මාගේ සිතුවමක් දුටු ඔහු එය මිල දී ගැනීමට කැමැත්ත
ප්‍රකාශ කලේය. මා එවිට ඔහුගෙන් ඇසුවේ මෙය ඔහුට කොපමණ
වටිනවාද කියාය.
එවිට ඔහු එයට ගණන් හැදුවේ මෙසේය..
පැන්සල 10
ඉරේසරය 5
කොලය 75
මහන්සිය සමග 1000
ඉන් පසු මා එය නොවිකුණන බව පැවසූවිට
ඔහු ඔයා චිත්‍ර 10ක් අදින්න මම 1ක් 2500 ගානෙ ගන්නවයි කීවේය

මා දුප්පතෙකු බව සැබෑය එහෙත් මාගේ හැකියාව
දුප්පත් නැතැයි මා තරයේ විස්වාස කරමි (මට වඩා දක්ෂයි සිටින බව සබෑය)
ම සිතුවම් අදිනනේ මාගේ ආත්ම තෘප්තිය සදහාය
මාගේ සිතුවම් වලට මට කිසිදාක මිලක් නියම කල නොහැකිය
එහෙත් ඒවා මා කෙදිනකවත් බාල්දු නොකරමි
මන්ද මා අදින සෑම සිතුවමක්ම මා ඉතා කැපවීමෙන්
එයට සාධාරණයක් ඉෂ්ඨකොට මා අවසානයේ ඉතා
ආත්ම තෘප්තියක් ලබන බැවිනි
එය මට අමිලය
මා කෙදිනකවත් මාගේ බඩගින්න නිවා ගන්නට
සිතුවම් වටිනාකමක් නොදන්නා රසවින්දනයක් නොදන්නා
සිල්ලර වෙලෙන්දන්ට නොවිකුනමි
ඔබගේ අදහස් දැනගන්නට කැමැත්තෙමි.....
===================================
 
    Athula Siriwardhane .------------------
    ඔබත් ඔහු වැනි වෙළෙන්දෙකු නොවන්න..
    ඔහු ඔබේ චිත්‍ර දෙස
    මුදලට කෑදරකමෙන් බලන්නාක් මෙන්
    ඔබත් ඔබේ චිත්‍ර දෙස බැලීම
    ඔබ ඔබටම කරගන්නා අපහාසයකි.

    අප කළයුත්තේ චිත්‍ර ඇඳීමය..
    චිත්‍ර වෙළඳාම නොවේ.

    ඔබේ එක් චිත්‍රයකට
    රු 2500ක් දී ඔහු ඔබ නිදහස් කරන්නේ
    තවත් චිත්‍රයක් ඇඳීමටය.

    ඔබේ චිත්‍රයට රු 2501/=ක් දීමට කෙනෙකු නැත්නම්
    එහි මිළ රු 2500ක් පමණි.

    ඔබ චිත්‍ර ශිල්පයෙන් ජීවත්වන්නට සිතනවා නම්
    ඔහු ඔබේ හැකියාව ලෝකයට ගලන
    නාලයක් ලෙස සලකන්න..

ඔහු ඔබත් ඔබේ සැබෑ රසිකයාත් එක් කරන
අතරමැදියායි..
ඔහුට ඔබ නාඳුනන
ඔබේ මිතුරෙකුට මෙන් සලකන්න.

ඔබට සොයාගත නොහැකි රසිකයා
ඔහු ඔහුගේ ලාභය වෙනුවෙන් සොයා ගනියි..

මේ මුදල් එකතු කරගෙන
ප්‍රදර්ශනයකට චිත්‍ර එකතු කරගන්න.
චිත්‍ර පහළොවක් ඇන්දොත්
හොඳම පහ ඔබ තියාගෙන
ඉතිරි දහය ඔහුට දෙන්න.
ඒ චිත්‍ර වලින් ඔබේ ප්‍රදර්ශනය සරසන්න.

එදාට ඔබට අතරමැදියෙකු නොමැතිව
සැබෑ රසිකයා අනුග්‍රාහකයා කරගත හැක.

    ඒ චිත්‍ර දහය කීයට විකුණුවත්
    ඔබට වටින්නේ ඉන් ලබන පුහුණුවයි.

    ඔහු වෙළෙන්දෙකි.. රසිකයෙක් නොවේ.
    වෙළෙන්දා දෙස රසිකයෙකු දෙස මෙන් නොබලන්න.
    ඔහු ඔබේ චිත්‍රය රු 25,000කට විකුණුවත්
    ඔහු එසේ කරන්නේ
    ඊට ඔහුගේ ව්‍යාපාරික හැකියාව මුසු කිරීමෙනි.

    ඔබට ව්‍යාපාරික හැකියාව ඇත්නම්
    ඔබ කලාකරුවෙක් නොවෙයි.
    ඔබ වෙළෙන්දෙකු මෙන් සිතන්නට පටන් ගැනීම
    ඔබේ කලාත්මක සිතේ මළ බැඳීමකි.

    සිතුවමක වටිනාකම දන්නා රසවින්දනයක් ඇති
    රසිකයාගෙන් කිසිම මිළක් බලාපොරොත්තු නොවන්න.
    සිතුවමක වටිනාකම නොදන්නා රසවින්දනයක් නැති
    සිල්ලර වෙලෙන්දන්ගෙන් ඉහළ මිලක් බලාපොරොත්තු නොවන්න.

    ඔබ අද ඒ චිත්‍ර දහය රු 2500 ගණනේ
    ඔහුට විකුණා ඔහුත් ඒ දහයම විකුණුවොත්
    මීළඟ වතාවේ ඔබට රු3000ක් ලබාගැනීමට හැකිවනු ඇත.
    ඔබ අද ඔතන නතරවී සිටියොත්
    ඔබ පැහැර හරින්නේ චිත්‍ර දහයකින් ඉදිරියට යාමට හැකි
    අගනා අවස්ථාවකි.

    ඔහු ගැන හෝ ඔහු ඔබේ චිත්‍රවලින්
    ලබන ලාභය ගැන සිතා
    කරදර නොවන්න.
    විකුණූ පසු ඒ චිත්‍ර
    ඔහුට හිමි බව සලකන්න.

    අද දහ දොළොස් දහසකට මිළ කරන
    චිත්‍රයකට එදා රු 40ක් ලැබෙද්දී
    මා එයින් කම්පා වී අත්පා හකුළා ගත්තා නම්
    මා අද කොතැනක කුමක් කරමින් සිටියත්
    මෙතරම් ආත්ම තෘප්තියකින් නොසිටිනු ඇත.

    එදත් අදත් මම මගේ චිත්රවලට
    නියම කරන මිල අනුග්‍රාහකයාගේ මිලට
    ඉතා ආසන්නව පවතී.

    අපේ චිත්‍ර කිසිවෙක් මිල දී ගන්නවා නම්
    ඔහු අපට දක්වන මූල්‍යමය අනුග්‍රහය
    අපේ රසිකයන්ගෙන් අපට නොලැබෙයි.
    අපේ රසිකයා අපට දක්වන අනුග්‍රහය
    වෙළෙන්දාගෙන්ද බලාපොරොත්තු විය නොහැක.

    ඔවුන් එක්තැනකට ගන්නට නොසිතන්න.
    මේ චිත්‍ර දහය ඇඳ ඔහුට විකුණන්න.
    ඒ මගින් ඔබේ ජීවිතයෙහි වර්ධනයක් නොවුණොත්
    ඔබ කැමැත්තක් කරන්න.
    මේ අවස්ථාව අත්හදා බලන්න.
    -----------------------------------------------------------------
    මුදල් සියල්ලම අතට නොගෙන
    චිත්‍ර ටික ඔහුට නොදෙන්න..
    එසේ කළහොත්,
    ඔබට ඒ මුදලත් අනුග්‍රාහකයාත් අහිමි වනු ඇත.

============================================================

 මේ පොත්කවරයට මට ලැබුණේ
රු හය හත් දහසක් පමණ මුදලක්...

ඒත් මේ පොත මාස කිහිපයක් තුළ
පොත් තිස් දහසක් පමණ
අලෙවි වී තිබුණා.

ඒ සාමාන්‍ය පොතක් මෙන්
පස් ගුණයක පමණ අලෙවියක්.
තෙරේසා මව්තුමිය පිළිබඳ ගෞරවයත්
ඊට ප්‍රධානම හේතුවක්.

මේ මගේ දෙවැනි උත්සාහයයි..
පළමු වැන්න වුණත්
මට ඒ මුදලටම විකුණන්න තිබුණා.
ඒත් ඒ මුදල් වලටත්
කාලයටත්, ශ්‍රමයටත්
අප ලබන ඉහළම ඉපයීම
කිසිවෙකු මින් ලබන සතුටයි.
අන් කිසිවක් නොවෙයි..

මුදල් වියැකී යාවි.
ඒ ඉපයීම ඉතුරුවෙනවා.

========================================================

කවුරු හරි ගන්න කැමති උපරිම මිළ තමයි
මම මිළ වශයෙන් සලකන්නෙ.

ඔහු ඉන් ඔහුට ලාභයක් වුණා කියා හිතනවා නම්
මමත් මට ලැබුණ ලාභයෙන් තෘප්තිමත්.

ඔහු මට ජීවත් වෙන්නත්, චිත්‍ර අඳින්නත්
අනුග්‍රහය දක්වන්නායි.
ඔහු ඉන් ලාභයක් ලැබුවුවොත් මා සතුටුයි.
මට වටින්නේ ඔහු මගේ චිත්‍රය
කිසියම් වෙහෙසක් දරා
මගේ රසිකයන්ට ඉදිරිපත් කිරීමයි.
මට ඊට මිලක් නියම කරන්න බැහැ.

මට චිත්‍රයට ලැබෙන මුදලට වඩා
ඔහු කරන සේවය වටිනවා.