Friday, October 24, 2014

අභ්‍යාසයක් - සරල ජීව චිත්‍රයක් ඇඳීම






ත්‍රිමාණ වස්තූන් සහ
මිනිස් රූප, සත්ව රූප බලා ඇඳීමත්
ඇට සැකිල්ල පේශි ආදිය සමග
මිනිස් රූප, සත්ව රූප  අවබෝධ කර ගැනීමත්
චිත්‍ර ශිල්පියෙකු විදියට
නිර්මාණාත්මකව ඉදිරියට යාමට
අත්‍යාවශ්‍යයි..

මෙවැනි සරල රූපයක්
ඉතාම පහසුවෙන් අඳින්න පුහුණු වෙන්න පුළුවන්.

සජීවී බවක් ඇති
මෙවැනි සරල නිශ්චල වස්තුවක්
පළමුව  තෝරාගන්න..

එහි සමස්ත හැඩය
දළ වශයෙන් සටහන් කරගන්න.

එහි එක තැනක් තෝරාගෙන
ඒ තැනට අනිත් දේවල් සම්බන්ධ කර ගන්න.

මේ විදියට අංග අතර ප්‍රමාණාත්මක සම්බන්ධය
සටහන් කරගන්න පුළුවන්..

ඒ ඒ අංග අතර හිස් අවකාශයත්
දකින්නට හුරු විය යුතුයි..
 

වැදගත්ම දේ නම්
වස්තුවෙහි ත්‍රිමාණ බව, ඝන බව
සිතින් විඳීම සහ චිත්‍රයට එක් කිරීමයි.

Video with Instructions in English subtitles.


අපි වස්තුවක් ඇත්තට දකින කොට
ත්‍රිමාණ ස්වරූපය දකින්නෙ
ඇස් දෙකෙන්ම ලැබෙන තොරතුරු වලින්.

කැමරාව එකැස් කණෙක්.
කැමරාවට එළිය විතරක් නෙමෙයි..
අඳුරත් අවශ්‍යයි.

 ඇසට එළිය වැදගත්.
ඇසට අඳුර වැදගත් නැහැ.
අපේ පැත්තෙන් එළියක් දැල්වුවත්
අපිට වස්තුවක ත්‍රිමාණ බව පෙනෙනවා.

එවැනි අවස්ථාවක
කැමරාවට පෙනෙන්නෙ පැතලි රූපයක්.
කැමරාවට අඳුර නැතුව බැහැ.

 කැමරාව දකින්නෙ ත්‍රිමාණ රූපයක් වුණාට
කැමරාවට ගන්නෙ එළිය අඳුර මගින් ලබා දෙන
සීමිත තොරතුරු ටිකක්.

අපි කියවන්නෙ එළිය අඳුර නෙමෙයි.

වස්තුවක සැබෑ හැඩයයි.

අපි අඳින්නෙත් එළිය අඳුර නෙමෙයි..
වස්තුවේ සැබෑ ත්‍රිමාණ හැඩයයි.

ඒ හැඩය මතුවෙන විදියට
අපේ අත, ඇඟිලි, පින්සල, පෑන, සායම් හැසිරෙනවා.

Monday, October 20, 2014

Hyper realistic චිත්‍ර





 
Hyper realistic චිත්‍ර නමින් හැඳින්වෙන්නේ
ඡායාරූපයක් ඇසුරෙන් ඡායාරූපය ඉක්මවා යන තාත්විකත්වයකින්
දෑසින් දකින ත්‍රිමාණ බවින් යුතුව නිර්මාණය කරන චිත්‍රයක්
මෙහිදී සිදු වන්නේ
කැමරාව තනි ඇසින් කළ නිර්මාණය
දෑසින් දකින ත්‍රිමාණ බවින් යුතුව ප්‍රතිනිර්මාණය කරන්නට
චිත්‍ර ශිල්පියා වෑයම් කිරීමයි..
 
 ඔහුගෙ වෑයම සාර්ථක කරගන්නට නම්
ඔහුට ඉතා ප්‍රබල සංයමයක් අවශ්‍යයි.
එසේම ද්විමාන රූපය ත්‍රිමාණව සිතෙහි ඇඳගෙන
ඒ ත්‍රිමාණ බව අපට විඳින්නට සැලැස්වීම
විශාල අභියෝගයකි.

ඔහු කරන්නෙ ස්වයං නිර්මාණයක් නොවෙන නිසා
ඔහුට මූලික රේඛා ට්‍රේස් කර ගැනීමට නිදහස තියනවා.
ඔහු කරන්නෙ වෙනත් කෙනෙකුගෙ
පූර්ණ නිර්මාණයකට සිය හැකියාවෙන් ජීවය කැවීමක්.

 ඔහුගෙ නිර්මාණයෙ විශාල කොටසක්
ඡායාරූප ශිල්පියා විසින් අවසන් කොට තියනවා.
ආලෝකය සහ අඳුර, තානමය ගුණ, රේඛා, හැඩතල ආදිය
ඡායාරූප ශිල්පියා විසින් සම්පිණඩණය කල ඡායාරූපයට
නව පණක් දෙන්නට චිත්‍ර ශිල්පියා උත්සාහ කරනවා.

ඒ නිසා ඒ නිර්මාණය තුළ
එහි මුල් ලක්ෂණ ට්‍රේස් කිරීමෙන් රැකගැනීම
ඔහුගෙ කාර්යයේ අභිමානයට ගැටළුවක් නොවෙයි.
 
වෘතයක් ඇඳගන්නා ඔහු
සිය හැකියාවෙන් ගෝලයක් නිර්මාණය කරනවා.
 
 බොහෝ Hyper realistic චිත්‍ර
කළු සුදු වර්ණ වලින් සහ පැන්සලෙන් නිමවෙන්නත් හේතු තියනවා,
විශාල ප්‍රමාණයෙන් අඳින ඒ චිත්‍රවල විස්තර එක් කිරීමට යන කාලයත්
වර්ණයෙන් නිමවීමට අවශ්‍ය වන වර්ණ ශක්‍යතාවයත් ඉතා ඉහළයි.


 
ඇත්ත වශයෙන්ම ශිල්පියා ගෞරවාදරයට පත් වන්නේ
මේ චිත්‍රවලට අවශ්‍ය වන සංයමය අද මිනිසුන් තුළ නැති නිසයි.

මුල් ඡායාරූපයේ ජීවය, එහි රිද්මය, එහි කැපී පෙණුන චරිත ලක්ෂණ
තීව්‍ර කරන්නට, තියුණු කරන්නට, උද්දීපනය කරන්නට
ඔහුගේ සංයමය, කැපවීම භාවිතා වුණ තරමට
චිත්‍ර ශිල්පියා ගෞරවාදරයට පත් වෙනවා.

චිත්‍ර ශිල්පියා

Fabiano Millani





පැන්සල හැසිරවීම වුණත් විශාල අභියෝගයක්..
 Artist Emanuele Dascanio


 


 

 



 
 












 =============================================================
Artist Christina Papagianni




 =================================================================



Artist Douglas Mcdougall





 ======================================================================


Artist Franco-Clun







==================================================================

Hyper realistic චිත්‍ර අඳින 
නවක චිත්‍ර ශිල්පීන්ට අභියෝග කිහිපයක්

මේ ස්ටීව් මැක්කරිගේ ඡායාරූපයක්.

මේ ඡායාරූපයෙන් චිත්‍රයක් ඇඳීම ඔබේ චිත්‍ර එකතුවට වටිනා අංගයක් වෙයි..
ඔබට හොඳ අභ්‍යාසයක් වෙයි..


අළුපාට කඩදාසියක් ගන්න
සුදු පැන්සලකින් සුදුපාට අඳින්න..
මෙහි විවිධ තැන්වල
පෘෂ්ඨික ගුණ රැකගෙන අඳින්න..
තානමය ගුණ රැකගන්න..
ආලෝකය හිතට ගන්න..
සියුම් හැඟීම ග්‍රහණය කරගන්න.

මුහුණට වැඩි වටිනාකමක්
රෙදිවලට දෙන්න ඇතිවෙන උවමනාව
පාලනය කර ගන්න..

පොදු උපදෙස්..


Hyper realistic චිත්‍ර අඳින අයට අභියෝගයක්..


මෙහි පහත පළවෙන ඡායාරූපයෙ තියන හැඟීම
ආරක්ෂා කරගෙන Hyper realistic චිත්‍රයක් අඳින්න.

ප්‍රධාන රේඛා Trace කළත් කමක් නෑ.

Hyper realistic අඳින අය Trace කිරීම ප්‍රශ්නයක් නෙවෙයි.

ඩිජිටල් ප්‍රින්ටරයකින් A3 ප්‍රමාණයට
ප්‍රින්ට් එකක් අරන් Trace කරගන්න පුළුවන්..



 මේ ස්ටීව් මැක්කරිගේ තවත්  ඡායාරූපයක්.

ආච්චිගෙ ඉරියව්ව
මෙහි වටිනාම අංගය බව
හැම විටම සිහි කරන්න.

පසුබිමේ අංග
අනවශ්‍ය විදියට මතු නොවෙන්න

ඒ සියල්ල එකක් වශයෙන් පෙනෙන්න අඳින්න.

ඡායාරූප ශිල්පියා
ඒ ගුණය පවත්වාගන්න
සමත් වෙලා තියනවා.

මෙහි විවිධ තැන්වල
පෘෂ්ඨික ගුණ රැකගෙන අඳින්න..
ආච්චිගෙ ඉඳලා බිත්තිය දක්වා
ගැඹුර හිතට ගන්න.

තානමය ගුණ රැකගන්න..

ආලෝකය හිතට ගන්න..


=====================================================

තවත්  ඡායාරූප බලාපොරොත්තුවන්න...

Sunday, October 12, 2014

වතුර බින්දුවක් ප්‍රතිනිර්මාණය කරන්න.






.වතුර බින්දු තියන චිත්‍ර අඳින්න කලින්
තනි වතුර බින්දු හරියට ඇඳලා පුහුණු විය යුතුයි..
 .
වතුර බින්දුවක් කියන්නෙ විනිවිද පෙනෙන දෙයක්.

http://www.youtodesign.com/uploads/allimg/1311/1706.jpg
වතුර බින්දුවේ ආලෝක වර්තනය සහ පරාවර්තනය
ආලෝකය, අඳුර හා ඇතුළත පෘෂ්ඨයේ ඇති දේ විශාලනයට බලපානවා.


වතුර බින්දුවට ආලෝකය වැටුණාම
ඒ පෘෂ්ඨය අඳුරු වෙන විදියත්
ආලෝකවත් වෙන විදියත් හඳුනා ගැනීම
නිවැරදිව අඳින්න පහසුවක්..

චිත්‍රයකට අඳින්න කලින්
වතුර බින්දුවක් හරියට දකින්න
 ඔබ සාධක හයක් දැකිය යුතුයි.

1,
වතුර බින්දුව මත ආලෝකය
2,
වතුර බින්දුව මත අඳුර
3,
වතුර බින්දුව තුළ පෘෂ්ඨය මත ආලෝකය
4,
වතුර බින්දුව තුළ පෘෂ්ඨය මත  අඳුර
5,
බාහිර පෘෂ්ඨය මත ආලෝකය
6,
බාහිර පෘෂ්ඨය මත  අඳුර




සැබෑ වතුර බින්දු
විවිධ පෘෂ්ඨ මතුපිට දාලා
ආලෝකය, අඳුර වැටෙන විදිය හදාරන්න..
බලාගෙන අඳින්න.

ඡායාරූප පිටපත් කරද්දි
ඔබට ඒ හුරුව ලැබෙන්නෙ නැහැ..
ඡායාරූප ශිල්පියා ඒ රූපය
එළිය අඳුර වශයෙන් බෙදලා ඉවරයි..
ඔබට තියෙන්නෙ පිටපත් කරන්න විතරයි.

ඒත් සැබෑ වතුර බිංදුවක් අඳිනකොට
ඔබට එහි ත්‍රිමාණ ස්වභාවය හිතට දැනෙනවා.
ආලෝකය අඳුර ඇසට පෙනෙනවා.
http://www.photographyblogger.net/wp-content/uploads/2009/05/water-droplet.jpg
වතුර බින්දුවක්
අතේ පිටි අල්ලට දාලා බලන්න..

වියළි අතේ සමත්,
වතුර බින්දුව  තුලින් පෙනෙන සමත් අතර
ලොකු වෙනසක් තියනවා.

ඒ වෙනස ඔබ දැකලා නැහැ..

ඉතින් අඳින්න වෙන්නෙ හිතලුවක්..

වැරදියට ඇඳපු වතුර බින්දු
ඉටිපන්දම් කිරි වගේ පෙනෙන්න පුලුවන්..

වතුර බින්දු දිහා
චිත්‍ර ශිල්පියෙක් විදියට බලල නැති වුණාට
දකින කෙනා සංවේදී නම්
වැරදියට ඇඳපු වතුර බින්දු
වතුර විදියට විඳින්න
ඔහුට බැහැ..


මේ චිත්‍ර ශිල්පියා පැන්සල් ඉරි බොඳ කරන්නට
පින්සල උපයෝගී කරගන්නා අයුරු අපූරුයි.


ඔහු උපයෝගී කරගන්නේ අළු පැහැති කඩදාසියක්..

ඉන් ඔහුගේ කාලය ඉතිරි වෙනවා.
http://i.ytimg.com/vi/82e3Osa83_w/hqdefault.jpg
කලු සහ සුදු පැන්සල් වලින්
ආලෝකය සහ අඳුර ඔහු මතු කරගන්නවා.
කොළයේ සුද මතු කරනවාට වඩා
ඒ ක්‍රමය හොඳයි,

පෝට්‍රේට් අඳින අයත් මෙම ක්‍රමය උපයෝගී කර ගන්නවා.
__________________________________________________________

විනාඩි 1 තත්පර 20 සිට නරඹන්න.

http://i.ytimg.com/vi/4aoC91dWNBs/hqdefault.jpg
මේ චිත්‍ර ශිල්පියාත් පැන්සල් ඉරි බොඳ කරන්නට
පින්සල උපයෝගී කරගන්නවා
----------------------------------------------------------------------------
පහත පළවෙන නිදසුනෙන් දැක්වෙන්නේ
තෙල් සායමින් වතුර බින්දුවක් අඳින ආකාරයයි..

වතුර බිඳු ඇන්දත් ඡායාරූප ගත කළත්
වතුර බිංදු වල හැඩයත් ඒ හැඩ අතර රිද්මයත්
සමස්ත සම්පිණ්ඩණයත්
සුන්දරත්වයට බලපාන බව නිතර සිහිකරන්න.




 මේ නිදසුන් අතර චිත්‍ර, ඩිජිටල් චිත්‍ර මෙන්ම ඡායාරූපත් තියනවා.