Friday, October 24, 2014

අභ්‍යාසයක් - සරල ජීව චිත්‍රයක් ඇඳීම






ත්‍රිමාණ වස්තූන් සහ
මිනිස් රූප, සත්ව රූප බලා ඇඳීමත්
ඇට සැකිල්ල පේශි ආදිය සමග
මිනිස් රූප, සත්ව රූප  අවබෝධ කර ගැනීමත්
චිත්‍ර ශිල්පියෙකු විදියට
නිර්මාණාත්මකව ඉදිරියට යාමට
අත්‍යාවශ්‍යයි..

මෙවැනි සරල රූපයක්
ඉතාම පහසුවෙන් අඳින්න පුහුණු වෙන්න පුළුවන්.

සජීවී බවක් ඇති
මෙවැනි සරල නිශ්චල වස්තුවක්
පළමුව  තෝරාගන්න..

එහි සමස්ත හැඩය
දළ වශයෙන් සටහන් කරගන්න.

එහි එක තැනක් තෝරාගෙන
ඒ තැනට අනිත් දේවල් සම්බන්ධ කර ගන්න.

මේ විදියට අංග අතර ප්‍රමාණාත්මක සම්බන්ධය
සටහන් කරගන්න පුළුවන්..

ඒ ඒ අංග අතර හිස් අවකාශයත්
දකින්නට හුරු විය යුතුයි..
 

වැදගත්ම දේ නම්
වස්තුවෙහි ත්‍රිමාණ බව, ඝන බව
සිතින් විඳීම සහ චිත්‍රයට එක් කිරීමයි.

Video with Instructions in English subtitles.


අපි වස්තුවක් ඇත්තට දකින කොට
ත්‍රිමාණ ස්වරූපය දකින්නෙ
ඇස් දෙකෙන්ම ලැබෙන තොරතුරු වලින්.

කැමරාව එකැස් කණෙක්.
කැමරාවට එළිය විතරක් නෙමෙයි..
අඳුරත් අවශ්‍යයි.

 ඇසට එළිය වැදගත්.
ඇසට අඳුර වැදගත් නැහැ.
අපේ පැත්තෙන් එළියක් දැල්වුවත්
අපිට වස්තුවක ත්‍රිමාණ බව පෙනෙනවා.

එවැනි අවස්ථාවක
කැමරාවට පෙනෙන්නෙ පැතලි රූපයක්.
කැමරාවට අඳුර නැතුව බැහැ.

 කැමරාව දකින්නෙ ත්‍රිමාණ රූපයක් වුණාට
කැමරාවට ගන්නෙ එළිය අඳුර මගින් ලබා දෙන
සීමිත තොරතුරු ටිකක්.

අපි කියවන්නෙ එළිය අඳුර නෙමෙයි.

වස්තුවක සැබෑ හැඩයයි.

අපි අඳින්නෙත් එළිය අඳුර නෙමෙයි..
වස්තුවේ සැබෑ ත්‍රිමාණ හැඩයයි.

ඒ හැඩය මතුවෙන විදියට
අපේ අත, ඇඟිලි, පින්සල, පෑන, සායම් හැසිරෙනවා.

No comments:

Post a Comment