Thursday, December 26, 2013

ඡායාරූප පිටපත් කිරීම ඉක්මවා ජීව චිත්‍ර ඇඳීම

ඡායාරූපයකට වඩා දෙයක් චිත්‍රයක තිබිය යුතුයි.
 
ඡායාරූප ශිල්පියා අරමුණට යටත්..
ඡායාරූප ශිල්පියාට අරමුණේ හැඟීම
උද්දීපනය කරන්න බැහැ.

 
සිනමා අධ්‍යක්ෂක වරයාට අපි ගරු කරන්නෙ
නළු නිළියන්ගෙ හැඟීම් උද්දීපනය කරලා
අපට දැනෙන්නට සලස්වන්න ඇති  හැකියාව නිසයි...
සිනමා පටයක කැමරා ශිල්පියා කවුද
කියල
අපි දන්නෙවත් නැහැ..
ඔහු අධ්‍යක්ෂක වරයාගේ
අතකොළුවක් විතරයි..

ඡායාරූපය ඉක්මවා යන්න
චිත්‍ර ශිල්පියා ක්‍රියා කළ යුතුයි.



රුසියානු චිත්‍රශිල්පී නිකොලායි ෆෙචින්ගේ
මේ චිත්‍ර දෙකම ඡායාරූප අභිබවා යන චිත්‍ර.

මේ චිත්‍රයේ ඇහිබැම  බලන්න.

ෆෙචින් මේ වර්ණ චිත්‍රයේ ඇහිබැම
තනි පින්සල් ඉරකින් ඇඳ ඇති ආකාරය විමසා බලන්න.


ඔබට එහි කෙස් ගණන් කරන්නට බැහැ.
එහි කෙස් ඇත්තෙම නැහැ..


ඒත් ඔබට මුහුණ රස විඳින්නට බාධාවක් නැහැ..

 
ඔහු අවශ්‍ය තොරතුරු සපයා තිබෙනවා.
ඔහු පිටපත් කරන්නෙකු නොවෙයි..
නිර්මාණ කරුවෙක්.


චිත්‍ර ඇඳීම යනු
ඇසට පෙනෙන දේ
ඒ ආකාරයෙන්ම පිටපත් කිරීම නොවන බවට
ඒ නිදහස් පින්සල් පහර හොඳ උදාහරණයක්.


ඔහු ඇසින් දකින දේට යටත් නැහැ.
ඔහ කැන්වසය මත රුවක් දකිනවා.
ෆෙචින් අපට පෙන්වන්නේ ඒ රුවයි. 
 =================================================================

 ඇසට පෙනෙන දේ ඒ ආකාරයෙන්ම පිටපත් කිරීම

මින් එකක් ඡායාරූපයක්. අනික චිත්‍රයක්.
ඒ සිත්තරා අජිත් සංජීව කුරේ

මේ මා ඔහුට පළ කළ අදහස.
-----------------------------------------------------------

ඔබ නිදහස් විය යුතුයි..
ඔය පාරෙ කොච්චර දුර ගියත් එකයි..

ඡායාරූප ශිල්පියා
මොහොතකින් කළ දේට
ඔබ දවස් ගාණක් ගත කරලා
ඔහුගෙ කැමරාව කරන දේ
ඔබටත් පුලුවන් කියල
ඔබ අපිට පෙන්වනවා.
අපිට එය පැහැදිලියි.

ඔබ ඒ දේ එක වරක් කළාම
ඔබේ දක්ෂකම පෙන්වන්න ප්‍රමාණවත්.

දැන් ඒ රූපය
ඔබ දකින ආකාරය නොව
ඔබ විඳින ආකාරය පෙන්වන්න.

ඒ සඳහා ඔබ ඔය ද්විමාන ලෝකයෙන් මිදී
ත්‍රිමාණ චිත්‍රකරණයට යොමුවිය යුතුයි.

සැබෑ දේවල් බලාගෙන ඇඳ පුරුදු වෙන්න.
එවිට ඔබට පහසුවෙන් කැමරාව ඉක්මවිය හැකියි.
කැමරාව තනි ඇසින් ලබා දෙන
සීමිත හා ද්විමාන තොරතුරු වලින්
ඔබ සීමා කර නොගෙන
ඔබේ දෑසින් දකින දේ
නිදහසේ  අඳින්න.
--------------------------------------------------------------------------

හරියටම බැලුවොත්
ඡායාරූපයක් බලාගෙන අඳින චිත්‍රයක
මුහුණෙන් දැක්වෙන හැඟීම් වෙනස් වෙන්නෙ
පිටපත් කිරීමෙ වැරදි නිසා කියල හිතන එක
වැරදි හැඟීමක්.
හැඟීමක් ඒ විදියටම හෝ
වඩාත් හොඳින් දැනෙන විදියට
ඉදිරිපත් කරන්න අපිට පුළුවන් වෙන්නෙ
අපි ඒ හැඟීම දැනෙන ප්‍රමාණයටයි.
අපිට දැනෙන හැඟීම
ප්‍රතිනිර්මාණය කරන්න
අපි කළයුත්තෙ
ඒ තොරතුරු ඒ විදියටම
පිටපත් කිරීම නෙමෙයි.
අපිට හැඟීම දැනෙන්න මුල්වුණ තොරතුරු
මුල් රූපයෙන් තෝරාගෙන
ඒ ටික මතු කරගැනීමයි.
චිත්‍ර ශිල්පියාගෙ අනන්‍යතාවය
චිත්‍රයට ලැබෙන්නෙ ඒ විදියටයි.
කැමරාවකින් පිටපත් කරන විදියට
රූපයක් පිටපත් කරද්දි
හැඟීම විකෘති වෙනවා.
Hypaer realistic චිත්‍ර අඳින අය
බොහෝ විට තෝරාගන්නෙ
දුර්වල හැඟීම් සහිත
සාමාන්‍ය ඡායාරූප.
ඔවුන්ගෙ සැබෑ ශිල්පීය දක්ෂකම් මතුවෙන්නෙ
ප්‍රබල හැඟීම් සහිත මෙවැනි රූප
ප්‍රතිනිර්මාණය කරන විටයි.

රූපයක් ප්‍රතිනිර්මාණය කරන විට
ශිල්පියා සාර්ථක වෙන්න
මූලික කරුණු දෙකක් මුල් වෙනවා.

1,
90% ඔහු හැඟීමට දක්වන සංවේදී බව.

2,
10% ඔහුගෙ ශිල්පීය දක්ෂතාවය.

චිත්‍ර ශිල්පියෙක් හෝ වෙනයම් කලාකරුවෙකුගෙ
වටිනාකම තීරණය වෙන්නෙ
ඔහු හැඟීම්වලට දක්වන සංවෙදී බව මතයි.
ඒ හැඟීමෙන් දැනෙන භාවයන්
ප්‍රතිනිර්මාණය කිරීමෙදි
ඔහු දක්වන ශක්‍යතාවය මත සහ
කාර්යක්ෂමභාවය මතයි.

දෙකට දෙකක් එකතු කිරීමෙන් පසුව
පිළිතුර ලෙස හතරක් ලැබේ
කියල දකින කලාකරුවෙක්
ඒ වචන ටික ඒ විදියටම
තමන්ගෙ අත් අකුරෙන් ලිවීම
ප්‍රබල ප්‍රකාශනයක් නෙමෙයි.

2 + 2 = 4 කියන්නෙ
සරල ප්‍රතිභාපූර්ණ ප්‍රකාශනයක්.

ඒත් ඒ දේ විඳින්න
රසිකයා තුළත්
විශේෂ හැකියාවක් තිබිය යුතුයි.

අද කාලෙ සමාජය තුළ
මේ දෙපිරිසම සොයාගන්න නැහැ.
--------------------------------------------------------

Frank Frazettaගේ චිත්‍රයක්..
මේ ඔහුගේම රුවයි.
http://frankfrazetta.org/images/frank_frazetta_selfportraet.jpg
හරි ආදායමක් නැති කාලයක
දිනක් ඔහුට මුදල් සොයාගන්නට නොහැකි වී
ඒ ආවේගය පිට
ඔහු සිතුවම් කළ චිත්‍රයකි මේ.

හැකියාව ඇති තරුණයන්
පහසු මායිම් වල කොටු නොවී
සිය නිම් වළලු පුළුල් කරගත යුතුයි.

මේ විස්කම කැමරාවකට කළ නොහැකියි..
----------------------------------------------------------------------

ඡායාරූප පිටපත් කිරීම
ආරම්භයට හොඳ අභ්‍යාසයක්.
යම් ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා.

ත්‍රිමාණ වස්තූන් සහ
මිනිස් රූප, සත්ව රූප බලා ඇඳීමත්
ඇට සැකිල්ල පේශි ආදිය සමග
මිනිස් රූප, සත්ව රූප  අවබෝධ කර ගැනීමත්
චිත්‍ර ශිල්පියෙකු විදියට
නිර්මාණාත්මකව ඉදිරියට යාමට
අත්‍යාවශ්‍යයි..

චිත්‍රයක් ඡායාරූපය ඉක්මවා යා යුතුයි.



අතින් අඳින දෙයක් වටින්නෙ
හිතෙන් එකතු වෙන දේකුත්
තියනවා නම් තමයි.

කැමරාවකින් ගත්ත ඡායාරූපයක්
ඡායා පිටපත් යන්ත්‍රයකින් වගේ පිටපත් කිරීමෙන්
එහි වටිනාකම වැඩි වෙන්නෙ නැහැ.

කැමරාවට නොදැනෙන හැඟීමක්
චිත්‍ර ශිල්පියාට තියනවා.
අපි වස්තුවක් ඇත්තට දකින කොට
ත්‍රිමාණ ස්වරූපය දකින්නෙ
ඇස් දෙකෙන්ම ලැබෙන තොරතුරු වලින්.

කැමරාව එකැස් කණෙක්.
කැමරාවට එළිය විතරක් නෙමෙයි..
අඳුරත් අවශ්‍යයි.

ඇසට එළිය වැදගත්.
ඇසට අඳුර වැදගත් නැහැ.


ඡායාරූපයකට අඳුර අත්‍යාවශ්‍ය සාධකයකි.

එහෙත් මිනිසාට ඇසින් දකින්නට
අඳුර අත්‍යාවශ්‍ය නොවේ.

ඇස් දෙකෙන් දකින රූපය මොළයෙන් කියවා
වෙනත් බොහෝ තොරතුරු සමග ත්‍රිමාණ බවද පෙන්වයි.

 වස්තුවක ත්‍රිමාණ බව
දෑසින්ම විඳින අත්දැකීම මගින්
අපිට හැඟීමක් විදියට දැනෙනවා..


 ඒ හැඟීම හිතේ තියාගෙන
ඒ ත්‍රිමාණ හැඩය ලැබෙන විදියට
වර්ණ අතින් හසුරුවමින් අඳිනකොට
අපි එකතු කරන හැඟීම කැමරාවට දෙන්න බැහැ..

දක්ෂ ඡායාරූප ශිල්පියෙක්
කැමරාවෙන් හැඟීමක් දෙන්නෙත්
චිත්‍ර ශිල්පයේ රීති ආධාර කරගෙනයි..

------------------------------------------------------
http://www.cia.edu/files/templates/crop/dsc4273.jpg

  ඇසට එළිය වැදගත්.
ඇසට අඳුර වැදගත් නැහැ.
අපේ පැත්තෙන් එළියක් දැල්වුවත්
අපිට වස්තුවක ත්‍රිමාණ බව පෙනෙනවා.

අපි කියවන්නෙ එළිය අඳුර නෙමෙයි.

වස්තුවක සැබෑ හැඩයයි.
ඒ හැඩය මතුවෙන විදියට
අපේ අත, ඇඟිලි, පින්සල, පෑන, සායම් හැසිරෙනවා.

අපි අඳින්නෙ එළිය අඳුර නෙමෙයි..
වස්තුවේ සැබෑ ත්‍රිමාණ හැඩයයි.

අපේ පින්සල, පැන්සල, පෑන...
ඒ ගෝලාකාර තලයෙ හැඩය අනුව ගමන් කරන්න ඕන.


----------------------------------------------------------------

සැබෑ ද්‍රව්‍යයක් බලාගෙන ඇඳීම
සපුරාම වෙනස් අත්දැකීමක්.
https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-frc3/1401426_10201035007144064_1818841830_o.jpg

මේ චිත්‍රය ඇඳ ඇත්තේ
චාකෝල් පදාස ලෙස භාවිතා කිරීමෙන්.


-------------------------------------------------------------------------------
බෝල්පොයින්ට් පෑන ඔසවන්නෙ නැතිව
එක පොයින්ට් එකක ඉඳන්
එතනට සම්බන්ධ කරගෙන
චිත්‍රය ගොඩ නැගීම විශේෂයක්.

No comments:

Post a Comment