Saturday, March 15, 2014

ඩිජිල්මාට් චිත්‍ර, සැබෑ ඩිජිටල් චිත්‍ර සහ සැබෑ චිත්‍ර




ඩිජිටල් ලෝකයෙ බොරුකාරයන් බහුලයි..
ඒවට අහුවෙන අහිංසක රසික රසිකාවියනුත් බහුලයි..

චිත්‍ර අඳින්නට මෘදුකාංග භාවිතා කිරීම
මදි කමක් හෝ අඩුවක් නොවෙයි..
අද කාලෙ කළයුතුම දෙයක්.

පරිගණක මෘදුකාංගය
රූපයක් සකස්  කරන්න පුලුවන් වුණාට
මෘදුකාංගය හසුරුවන්න හැම කෙනෙකුටම බැහැ..

අශ්වයට දුවන්න පුලුවන් වුණාට
ඕනම කෙනෙකුට
හොඳ අශ්වාරෝහකයෙක් වෙන්න බෑ.
පරිගණකය හොඳ වහලෙක්..
හසුරුවන ස්වාමියාත් දක්ෂ විය යුතුයි..

ඒ සඳහාත් දක්ෂ කමක්,
කලාත්මක ඇසක් අවශ්‍යයි..
මෘදුකාංගය- Manga Studio EX4


චිත්‍ර අඳින්නට ඡායාරූප භාවිතා කිරීම
මදි කමක් හෝ අඩුවක් නොවෙයි..


මමත් චිත්‍ර අඳින්න ඡායාරූප භාවිතා කරනවා.
http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQIH5YlXq7kCAgR6XRg7ATxCl3hgVlqJAHkd77PB3C1YTTIPFopLQ

නොර්මන් රොක්වෙල් ආදී
පැරණි අති දක්ෂ චිත්‍ර ශිල්පීනුත්
ඡායාරූප භාවිතා කළා.
නොර්මන් රොක්වෙල්

වරද තියෙන්නෙ
අතින් නො ඇඳපු රූපයක්
අතින් ඇන්ද චිත්‍රයක් ලෙස
සමාජයට ඉදිරිපත් කිරීමයි.
ඔහු ජිල්මාට්කාරයෙක් වෙනවා.


.
මේ තියෙන්නෙ
අතින් ඇන්දා කියල පෙන්නපු..
ඒත් බොරුවක් බව ඔප්පු වෙන ඡායාරූපයක්..

පහත තියෙන්නෙ
ඒ චිත්‍රය අඳින වීඩියෝ එක
Reverse කරලා පෙන්වීමක්..
මේ ශිල්පියා ඇත්තටම කළ බොරුව
ඒ වීඩියෝවෙන් හෙළි වෙනවා.




====================================================


මේ තියෙන්නෙ
මම විනාඩි පහකින් ඇන්ද ඩිජිල්මාට් චිත්‍රයක්..


තවත් ඩිජිල්මාට් එකක්..
මේක චිත්‍රයක් කියල ඔප්පු කරන්න පහසුයි.

 ----------------------------------------------------------------------------------
Photoshop Dry Brush Filter
and some Masking


ඩිජිල්මාට් එකේ සැබැවින්ම ඇඳල තියෙන්නෙ
මේ රේඛා ටික විතරයි.


මේ රේඛා වලින් පෙනෙන්නෙ
Photoshop, Dry Brush filter එක දාල සකස් කල
වමේ තියන රූපය අතරෙන් මතු කරගත්
මුල් ඡායාරූපයෙ කොටස්.
මම කරල තියෙන්නෙ
Dry Brush පෙරනය විසින් සකස් කළ රූපයට
මුල් ඡායාරූපයෙ  තෝරාගත් තැන් වලින්
ස්වාභාවික බව එක් කිරීම විතරයි.

 ==============================================================

පැන්සලෙන් ඩිජිල්මාට් චිත්‍රයක් අඳින්න ක්‍රමයක්..


මේ විදියට Opacity අඩුකරල
කොළේකට ප්‍රින්ට් එකක් අරගන්න පුලුවන්..

ඕනම කෙනෙකුට කරන්න පුලුවන් කියල
මම කියන්නෙ නෑ.

ඒත් එහෙම පහසුකම් උපයෝගී කර ගෙන
කරන අය එක්ක
තරඟ කරන වෙලාවක
ඔවුන්ට තියන පහසුකම් උපයෝගී කර නොගෙන
තමන්ගෙ ක්‍රමයකට අඳින එකෙන්
අන්තිමේදි බැලුවාම දක්ෂයා පරදිනවා.

අද මොකක හරි
අනුරුවක් නිර්මාණය කරන කෙනෙකුට
ඩිජිටල් පහසුකම ලබාගන්න වෙනවා.
ඒක මග හරින්න බැහැ.

 

ළී කැටයමක් යන්ත්‍රානුසාරයෙන් කපන ශීල්පියෙක් එක්ක
ලී කැටයම් කරුවෙක් තරඟ කරන්නෙ කොහොමද? අනුරුවකින්
ළී කැටයමක් යන්ත්‍රානුසාරයෙන් කපන හැටි.

මේ පිළිබඳ වැඩි විස්තර 

ඡායාරූපයකින් චිත්‍රයක් ඇඳගන්න නම්
හොඳම සහ වඩාත්ම නිර්මාණ ශීලී පහසු කම
Corel Painter මෘදුකාංගයේ කිරීමයි..

මේ ඡායාරූපයක් Clone කරල Corel Painter මෘදුකාංගයේ
මම ඇඳපු චිත්‍රයක වීඩියෝ එකක්..







 


 
Corel Painter මෘදුකාංගයේ
වඩාත්ම නිර්මාණ ශීලී පහසු කම නම්
මේ මත තමන්ටත් සායම් තවරලා
නිදහසේ තමන්ගෙ ගමනක් යන්න පුලුවන්..
වැරදුණොත් ආයෙමත් මේ වගේම
මතු කරගන්න පුලුවන්..

අද කාලෙ මේ වගේ ඇඳල
කැන්වස් රෙද්දකට
ප්‍රින්ට් එකක් අරගන්නත් පුලුවන්..
බොරු කරන අයට බොරු කරන්නත්..
නිර්මාණාත්මක හැකියාවක් තියන අයට
පදනමක් හදාගන්නත් දෙකටම
මෘදුකාංග උපයෝගී කරගන්න පුලුවන්..

 =====================================================




Photo Realistic අඳින අයට අත්වැලක්..
 


අතින් අඳින්න හැකියාවක් නැතත්,
Photoshop මගින් පැන්සලෙන් මෙන්

මේ විදියට රූපයක් සකස් කරන්න වුණත්
මෘදුකාංගයක සෙටින්ග්ස් හදන්න වෙනවා..
ඒ සඳහාත් දක්ෂ කමක්,
කලාත්මක ඇසක් අවශ්‍යයි..

පරිගණක මෘදුකාංගය
රූපයක් සකස්  කරන්න පුලුවන් වුණාට
මෘදුකාංගය හසුරුවන්න හැම කෙනෙකුටම බැහැ..

අශ්වයට දුවන්න පුලුවන් වුණාට
ඕනම කෙනෙකුට
හොඳ අශ්වාරෝහකයෙක් වෙන්න බෑ.
පරිගණකය හොඳ වහලෙක්..
හසුරුවන ස්වාමියාත් දක්ෂ විය යුතුයි..


 



ඔබ දකින පැන්සල් චිත්‍ර අතර මෙවැනි චිත්‍ර හඳුනාගත හැකිද?

=========================================================

මේ වෙනස නොසොයන තැනට
බටහිර රටවල් ඇවිත්...

මෙහි තියන හොඳ පැත්ත නම්
වඩාත් නිර්මාණ ශීලී අය ඉදිරියට යද්දි
පිටපත් කරන අය එක ගොඩකට වැටීමයි.
  ============================================

 
DREW STRUZAN ලොව පතළ දක්ෂ චිත්‍රපට පෝස්ටර් නිර්මාණ කරුවෙකි. 
ඔහුටම අනන‍ය වූ ශෛලියකින් චිත්‍ර අඳින DREW STRUZAN ගේ පෝස්ටර් 
George Lucas, Steven Spielberg, Frank Darabont and Guillermo del Toro වැනි 
විශිෂ්ඨ සිනමා අධ්‍යක්ශක වරුන්ගේ  Back To The Future, Raiders of the Lost Ark, Star Wars, 
Harry Potter and Bladerunner වැනි චිත්‍රපට ඇතුළු සිය ගණනක් 
පෝස්ටර් නිර්මාණය කල මෙම චිත්‍ර ශිල්පියා
ඡායාරූප ඇසුරෙන් ඇන්දත්
ඡායාරූප පිටපත් කිරීමක් කරන්නෙ නැහැ.


සැබෑ චිත්‍රයක ඇසට පෙනෙන දෙයින් එහාට ගිය
හිතට දැනෙන හැඟීමකුත් පවතිනවා.

ඇහැට පෙනෙන දේ පිටපත් කිරීමෙන්
ඒ අමතර හැඟීම දෙන්න බැහැ..
ඒ සඳහා තමන්ගෙ ක්‍රමවේද සොයාගන්න වෙනවා.

මේ චිත්‍රයේ ඇහිබැම  බලන්න.


ෆෙචින් මේ වර්ණ චිත්‍රයේ ඇහිබැම
තනි පින්සල් ඉරකින් ඇඳ ඇති ආකාරය විමසා බලන්න.
අතින් අඳින්න හැකියාවක් ඇති කෙනෙකුට
ඩිජිටල් සහයෝගය ලබන්න පුලුවන්.

අතින් අඳින්න හැකියාවක් නැති කෙනෙකුට
මෙවැනි චිත්‍රයක් අඳින්න පුලුවන්කමක් නෑ.
 
ෆෙචින් විසින් මේ චිත්‍ර බාහිර රේඛාව, 
Tone අවම කිරීම සමග අතිශය සජීවී අයුරින් නිර්මාණය කරලා තියනවා. 
අවශ්‍ය තැන් මතුකරමින් අනවශ්‍ය තැන් අත්හරිමින්, 
ඉතාම අරපිරිමැස්මෙන් 
චරිතය හුවා දක්වමින් චිත්‍රණය කරලා තියනවා. 
 
ඒ වගේම මුහුණුවල රළු හා මුදු බවට ගැලපෙන ශෛලීන් 
අනුගමනය කර තිබීමත් මේ චිත්‍ර වල විශේෂත්වයක්.
====================================================

අතින් අඳින දෙයක් වටින්නෙ
හිතෙන් එකතු වෙන දේකුත්
තියනවා නම් තමයි.

කැමරාවකින් ගත්ත ඡායාරූපයක්
ඡායා පිටපත් යන්ත්‍රයකින් වගේ පිටපත් කිරීමෙන්
එහි වටිනාකම වැඩි වෙන්නෙ නැහැ.
ඡායාරූප පිටපත් කිරීම
ආරම්භයට හොඳ අභ්‍යාසයක්.
යම් ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා.

ඒත් ත්‍රිමාණ වස්තූන් සහ
මිනිස් රූප, සත්ව රූප බලා ඇඳීමත්
ඇට සැකිල්ල පේශි ආදිය සමග
මිනිස් රූප, සත්ව රූප  අවබෝධ කර ගැනීමත්
චිත්‍ර ශිල්පියෙකු විදියට
නිර්මාණාත්මකව ඉදිරියට යාමට
අත්‍යාවශ්‍යයි.. 


චිත්‍ර ශිල්පියෙක් තමන්ගෙ මග තෝරාගන්න කලින්
මෙතෙක් විසූ විශිෂ්ඨ චිත්‍ර ශිල්පීන් ගැන සොයන්න ඕන.

පිළිගත් අධ්‍යාපන ආයතන මගින්
චිත්‍ර ශිල්පීන්ට සහ ඡායාරූප ශිල්පීන්ට
ලොව මෙතෙක් පැවති දෘෂ්‍ය කලාවේ ඉතිහාසය
අනිවාර්යයෙන් උගන්වන්නෙ ඒ ටික නොදැන
හරි මගක් තෝරා ගන්න බැරි නිසයි.

තමන් කැමති ශෛලියකට කොටුවෙනවට වඩා
විවෘතව සොයා බැලීමයි කළ යුත්තෙ..

No comments:

Post a Comment