Thursday, October 17, 2013

ඡායාරූප බලා ඇඳීමෙදි වරදින තැන.




http://www.loisgreenfield.com/images/content/2000/200/10/1/web_bodyscapes_09_2010_027_r.jpg
මිනිස් සිරුරක හැඩ හැදෙන්න
ඇටසැකිල්ල සහ පේශි
තියන ආකාරය අනුවයි.
http://www.scott-eaton.com/news/uploaded_images/archerEcorche-727276.jpg 

hm


tyut
  
 මෙවැනි චිත්‍රයක් අඳිද්දි ඒ දැනුම ප්‍රයෝජනවත්.
 

හැඩ එකක් මතින් අනික තියන විදිය අනුව
රේඛා චිත්‍රයෙ ගැඹුර සහ
ත්‍රිමාණ බව තීරණය වෙනවා.

 http://www.wetcanvas.com/Community/images/14-Feb-2011/95424-Bridgman.jpg
ඒ දේවල් සැලකීමෙන්
රසිකයාට විඳින්න පහසුවක් සැලසෙනවා.


--------------------------------------------------------------------------------------
කලාකරුවෙක් සත්‍යය
පිටපත් කළයුතු නැහැ.

අසත්‍යය මගින් වුවත්
සත්‍යය ප්‍රකාශ කිරීම
ඔහුගේ වගකීමක්.


---------------------------------------------------------------------------
http://ridmasankalana.blogspot.com/2012/11/lee-jefrees.html
  ලී ජෙෆ්‍රීස්ගේ ඡායාරූපක්.

පැන්සලෙන් හො වර්ණ වලින් වුවත්
නිදහසේ අඳින්නට සුදුසු ඡායාරූප රැසක්
ලී ජෙෆ්‍රීස්ගේ ඡායාරූප අතුරෙන්
සොයා ගන්නට පුලුවන්..

මෙහි ඇති අපූර්වත්වයේ සුන්දරත්වය
විඳින්න බොහෝ දෙනෙකුට අපහසු වෙයි.

සාමාන්‍ය ඡායාරූපයකට වඩා
මෙවැන්නක් ඉතාම අභියෝගාත්මකයි.

නිතර ඇඳීමෙන් එන ඇබ්බැහිකම්
චිත්‍රවල ජීවගුණයට හා හැඟීමට
බාධා පමුණුවනවා.

මෙවැන්නක් අඳින විට
ඇබ්බැහි වුණ ආකාරයට අඳින්න බැහැ.


 මේ ඡායාරූපය ඇසුරෙන්
Ajith Sanjeewa Cooray
අඳින ලද චිත්‍රයයි මේ.
 මම අජිත්ගෙ දක්ෂකම
වැඩියෙන්ම දැක්කෙ
මේ චිත්‍රයෙන්..

අජිත් ඉතාම සාර්ථකව ඇඳල තියනවා.

අඩුපාඩු විදියට තියෙන්නෙ
ඡායාරූප බලාගෙන අඳිනවිට
වැළැක්වීමට අපහසු මූලික අඩුපාඩු තමයි..




   ඇස කියන්නෙ ගෝලයක්..

කුහරයක් තුල තියන ගෝලයක්..
frhf

ඇසේ ගෝලාකාර හැඩයත්
ඇස් කුහරයෙ ඇතුළට නෙරා ගිය ගතියත්
ඡායාරූපයක සටහන් වෙන්නෙ
එළිය අඳුර වශයෙන්..

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0pUkhTH1VN4nzBXsq0lEH8gpRm6gVfc_PtGHClraWzzXxy4o7zFwPvSgDB_m-QzDKP44lE0KBaJt2524wGRmWEhNVPFBt0N9GCEqfJBPXeiTRbIsGB9g1DeDVa4th39Ym1qNtH_nZiMqO/s1600/SteveCushner_EyeCloseup_Filtered_600x600.jpg 
ඉතාම ප්‍රාථමික හා බාල විදියට
ඇස වටා තියන එළිය අඳුර පිටපත් කරල
ඒ පෙනුම ගන්න පුලුවන්.
එය චිත්‍රයක් නෙමෙයි...
මි
නිස් යන්ත්‍රයක් විසින් කළ ඡායා පිටපතක්.

අජිත් එහෙම කරල නැහැ.
එහෙම කළා නම් වටිනාකමකුත් නැහැ.


 
ඒත් ඡායාරූපයකින් ඇන්දත්
චිත්‍රශිල්පියා ඇසේ සහ..
මුහුණෙ අනික් පෙදෙස් වල
ගෝලාකාර ත්‍රිමාණ හැඩය
සිතින් විඳිය යුතුයි.
ඒ හැඟීමෙන් යුතුව
ගෝලාකාර ත්‍රිමාණ හැඩය මතුකරන්න
එළිය හා අඳුර යොදා ගත යුතුයි.

 
මුහුණෙ යම් යම් තැන්වල
පේශි තුනී වෙලා හිස් කබල මතු වෙනවා.
එවැනි තැන් හඳුනාගෙන මතුකළ යුතුයි. 


https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash4/q71/1458559_10201092613704192_85576197_n.jpg
ඡායාරූප ශිල්පියා කැමරාවෙන් සටහන් කරගන්නෙ
ආලෝකය ඇති හා නැති පදාස රැසක්.

ඒ පදාස වල හැසිරීම අනුව,

අපි හැඩ තල විඳිනවා.

ආලෝකය අඩු නම්
ඡායාරූප ශිල්පියාට හිසකෙස් කියන්නෙ
කළු පැහැති පදාසයක්.
https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash4/q71/1458559_10201092613704192_85576197_n.jpg

පියවි ඇසෙන් දකින අපිට
හිස කියන්නෙ
රිද්මයකට ගලන හිසකෙස් පෙළක්.
http://www.short-haircut.com/wp-content/uploads/2013/03/Modern-hair-color-for-short-hair.jpg
අපි අඳින කොට
අපිට හිසකෙස් වල පැහැය පමණක් නොව
හැඩයත් ගමන් කරන දිසාවත්,
ඒ දිසාවේ ත්‍රිමාණ බවත්
දැනෙන්න ඕනෙ.
https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-frc3/q71/s720x720/1456126_10201092635584739_1423781319_n.jpg.




අපි ගෝලාකාර දෙයක් අඳින කොට
ගෝලාකාර ලෙස දැනෙන්න ඕනෙ.
http://previewcf.turbosquid.com/Preview/2012/01/19__16_31_03/19_Perspective.jpg6a2d7dec-9879-40bb-ae09-fd763fea8a4eLarge.jpg
 වස්තුවක ත්‍රිමාණ බව
දෑසින්ම විඳින අත්දැකීම මගින්
අපිට හැඟීමක් විදියට දැනෙනවා..


 ඒ හැඟීම හිතේ තියාගෙනඒ ත්‍රිමාණ හැඩය ලැබෙන විදියට
වර්ණ අතින් හසුරුවමින් අඳිනකොට
චිත්‍රශිල්පියා  එකතු කරන හැඟීම කැමරාව දෙන්නෙ නැහැ.


 =========================================================

තවත් අදාළ ලිපි

ඡායාරූප පිටපත් කිරීම ඉක්මවා ජීව චිත්‍ර ඇඳීම
.
 ජීව චිත්‍ර ඇඳීම, ඡායාරූපයක් බලාගෙන ඇඳීමට වඩා වෙනස්
 .
බොරුකාරයන්ගේ ඩිජිල්මාට් චිත්‍ර සහ සැබෑ චිත්‍ර


Wednesday, October 16, 2013

ජීව චිත්‍ර ඇඳීම, ඡායාරූපයක් බලාගෙන ඇඳීමට වඩා වෙනස් .






Color pencil art made in 1991



ඡායාරූපයක් බලාගෙන ඇඳීම
 http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQIH5YlXq7kCAgR6XRg7ATxCl3hgVlqJAHkd77PB3C1YTTIPFopLQ

සැබෑ ද්‍රව්‍යයක් බලාගෙන ඇඳීම
https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-frc3/1401426_10201035007144064_1818841830_o.jpg

සපුරාම වෙනස් අත්දැකීම් දෙකක්.


-------------------------------------------------------------------------------

පැතලි ඡායාරූපය මෙන්ම ඡායාරූපයක් බලාගෙන ඇඳීමත්
පැතලි නොගැඹුරු කලාවක්.
http://www.fine-art.com/members/41430/imagesBig/Couple_Pencil_drawing_from_Photo.jpg

==============================================================

දෘෂ්‍ය කලාව නිදහසේ වැඩෙන්නෙ චිත්‍ර ශිල්පයත් සමගයි.

මූලික අවස්ථාවෙදි ඇසින් දකින දේ ඒ විදියටම අඳින්න
ජීව චිත්‍රකරණය මගින් නවක චිත්‍ර ශිල්පියා හුරු වෙනවා.

පසු කාලීනව ඔහු යෙදෙන්නට අවකාශ ඇති,
 කලාත්මක නිර්මාණකරණයට පදනම ජීව චිත්‍රකරණයයි.

LIFE DRAWING

http://www.henry-moore.org/images/o_sculptorseducationforweb2_0_0.jpg
ඇසින් යමක් දෙස බලද්දී
අපට ආලෝකය අවශ්‍යයි.

ආලෝකය නැත්නම් අපට දැකිය නොහැක.
ඡායාරූපයකට අඳුර අත්‍යාවශ්‍ය සාධකයකි.

එහෙත් මිනිසාට ඇසින් දකින්නට
අඳුර අත්‍යාවශ්‍ය නොවේ.

ඇස් දෙකෙන් දකින රූපය මොළයෙන් කියවා
වෙනත් බොහෝ තොරතුරු සමග ත්‍රිමාණ බවද පෙන්වයි.



එක් ඇසකින් මේ කාර්යය කරන්නට අපට සිදු වුවහොත්
ආලෝකය සමග තවත් මූලික සාධක තුනක් ඇවැසි වෙයි.
1, අඳුර,
2, වර්ණ,
3,  තාන,
https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-frc3/q71/1457753_10201034803818981_63636273_n.jpg
මෙම සාධක නැතිව
ආලෝකයෙන් පමණක් කැමරාවක් තුළ
ඡායාරූපයක් ඇඳිය නොහැක.
  
ඡායාරූප ආලෝකයෙන් ඇන්දත්
අඳුර, වර්ණ, සමග තාන අවැසි වෙයි.

============================================================

1, පැතලි ඡායාරූප බලාගෙන සාර්ථක චිත්‍ර අඳින බොහෝ දෙනෙකු
ජීව චිත්‍රකරණයට අසමත්.

නුපුහුණු වැඩිහිටියන්ට ජීව චිත්‍රකරණය ඉතාම අපහසු කාර්යයක්.

http://fullerlodgeartcenter.com/images/Sunday-Session.jpg
ඡායාරූප බලාගෙන
කෙනෙක් ඉතා සාර්ථක චිත්‍ර ඇන්දත්
ඔහු ජීව චිත්‍රකරණයට යොමුවුණොත්
මුලින් දැක්වූ දක්ෂකම
එහිදී දකින්න ලැබෙන්නෙ නැහැ.

ජීව චිත්‍රකරණය අතින් දක්ෂයෙක් වෙන්න
ඡායාරූප බලාගෙන ඇඳීම
පදනමක් නෙමෙයි.

ජීව චිත්‍රකරණය
ඔහුට අයන්නෙ ඉඳලම
වෙනමම හදාරන්න වෙනවා.
වර්ණ හැසිරවීමෙ හුරුව හැරෙන්න
ඡායාරූප බලාගෙන ඇඳීමෙන්
ඔහුට ලැබෙන දෙයක් නැහැ.


ඡායාරූප බලාගෙන
සාර්ථකව චිත්‍ර අඳින අය අතරෙ
තමන්ගෙ සහජ හැකියාවෙන්
චිත්‍රයට නැවුම් ත්‍රිමාණ බවක් එක්කරමින්
පැතලි ඡායාරූපයකට ත්‍රිමාණ බව කවන
විශිෂ්ඨයන් දැකිය හැකි වුවත්
ඡායාරූපයක් බලාගෙන ඇඳීම
සරල සාමාන්‍ය දක්ෂකමක්.


ඡායාරූපයක් බලාගෙන අඳින විට
අපි වෙනත් ද්විමාන තලයක අඳින්නෙ
එවැනිම ද්විමාන තලයක
තනි ඇසකින් බලා
එළිය අඳුර මගින් සටහන් කරගත්
සීමිත තොරතුරු ටිකක්.


සැබැවින්ම අපි බොහෝවිට කරන්නෙ
ඡායා පිටපත් යන්ත්‍රයක් මෙන්
අපි දකින වර්ණ පදාස
පාට අඩු වැඩි කරමින්
ඒ විදියටම පිටපත් කිරීමක්.

කැමරාවක සටහන්වෙන පරාසය ඉක්මවා
ඇසට ආලෝකයත් අඳුරත් තුළ දකින්න පුලුවන්.
ඒ අනුවත් ඇසට වඩා කැමරාව දුර්වලයි.
ඡායාරූප මගින්
ත්‍රිමාණ රූප හදන විට
කැමරා දෙකකින් රූපගත කරනවා.


2, අපි වස්තුවක් ඇත්තට දකින කොට
ත්‍රිමාණ ස්වරූපය දකින්නෙ
ඇස් දෙකෙන්ම ලැබෙන තොරතුරු වලින්.
කැමරාව එකැස් කණෙක්.
කැමරාවට එළිය විතරක් නෙමෙයි..
අඳුරත් අවශ්‍යයි.

3, ඇසට එළිය වැදගත්.
ඇසට අඳුර වැදගත් නැහැ.
අපේ පැත්තෙන් එළියක් දැල්වුවත්
අපිට වස්තුවක ත්‍රිමාණ බව පෙනෙනවා.
එවැනි අවස්ථාවක
කැමරාවට පෙනෙන්නෙ පැතලි රූපයක්.
කැමරාවට අඳුර නැතුව බැහැ.

ඡායාරූප මගින්
ත්‍රිමාණ රූප හදන විට
කැමරා දෙකකින් රූපගත කරනවා.

4, කැමරාව දකින්නෙ ත්‍රිමාණ රූපයක් වුණාට
කැමරාවට ගන්නෙ එළිය අඳුර මගින් ලබා දෙන
සීමිත තොරතුරු ටිකක්.

අපි කියවන්නෙ එළිය අඳුර නෙමෙයි.

වස්තුවක සැබෑ හැඩයයි.

අපි අඳින්නෙත් එළිය අඳුර නෙමෙයි..
වස්තුවේ සැබෑ ත්‍රිමාණ හැඩයයි.

ඒ හැඩය මතුවෙන විදියට
අපේ අත, ඇඟිලි, පින්සල, පෑන, සායම් හැසිරෙනවා.

http://www.cia.edu/files/templates/cr=op/dsc4273.jpg

5, සැබෑ වස්තුවක් අපි දකින්නෙ ත්‍රිමාණවයි.
වස්තු කිහිපයක් එකට දකින කොට
අපිට දැනෙන සැබෑ ගැඹුර
කැමරාවට ලැබෙන්නෙ
පැතලි දත්ත සමූහයක් විදියට.
http://cdn.cambridgeincolour.com/images/tu=torials/macro_naskrecki1b.jpg
අපිට දැනෙන සැබෑ ගැඹුර ඡායාරූපයක සටහන් වෙන්නෙ
බොඳ වීම්, පර්යාලෝකය වැනි දේවල් නිසා..

6,  වස්තුවක ත්‍රිමාණ බව
දෑසින්ම විඳින අත්දැකීම මගින්
අපිට හැඟීමක් විදියට දැනෙනවා..

 ඒ හැඟීම හිතේ තියාගෙනඒ ත්‍රිමාණ හැඩය ලැබෙන විදියට
වර්ණ අතින් හසුරුවමින් අඳිනකොට
අපි එකතු කරන හැඟීම කැමරාව දෙන්නෙ නැහැ.

7, ඡායාරූප බලාගෙන
සාර්ථක චිත්‍ර අඳින අයට
ඔවුන් අඳින වස්තු ගැන
නිසි වැටහීමක් ලැබෙන්නෙ නැහැ.
චිත්ත රූප මගින් චිත්‍ර අඳින්න වුණොත්
ඔවුන්ගෙ තොරතුරු ගබඩාව හිස්.


8, සැබෑ වස්තුව දකින චිත්‍ර ශිල්පියාට
අනවශ්‍ය දේ ඉවත් කිරීමට සහ
අවශ්‍ය දේ මතු කිරීමට ඇති
විකල්ප ප්‍රමාණය අසීමිතයි.

ඡායාරූප ශිල්පියාට
අනවශ්‍ය දේ ඉවත් කිරීමට සහ
අවශ්‍ය දේ මතු කිරීම සඳහා ඇත්තේ 
ක්‍රොප් කිරීම,
එළිය අඳුර පාලනය හා
ක්ෂේත්‍ර ගැඹුර පමණයි.

මේ හේතුව නිසාම
චිත්‍රශිල්පීන් අතර අනන්‍යතාවය
ඡායාරූපශිල්පීන් අතරට වඩා වැඩියි.

ඡායාරූප ශිල්පීන්
කලාව වශයෙන් හදාරන්නෙ
චිත්‍රශිල්පීන් විසින්
මිනිස් ඇස හා මොළය භාවිතා කරමින් කළ
 නිර්මාණ වලට උපයෝගී වුණ රීතීන්.

ඡායාරූප ශිල්පීන්ගෙ මාධ්‍යය වන කැමරාව
ක්‍රියා කරන විදිය මූලික වශයෙන් සමානයි.
ඔවුන්ගෙ දර්ශනයත්, ප්‍රකාශනයත්
එළිය අඳුර මත පදනම් වෙනවා.
කැමරාවෙ වෙනත් සීමාවන් වලටත් යටත් වෙන්න
ඔවුන්ට සිදුවෙනවා.

ඔවුන්ගෙ පුද්ගලික ජීවන දර්ශනයත්
ඡායාරූපයෙ කලාත්මක සෞන්දර්යයත් මත
ඔවුන්ගෙ අනන්‍යතාවය සකස්වෙනවා.
එවැනි විශේෂත්වයක් නැති ඡායාරූප ශිල්පියා
යන්ත්‍රයක් ක්‍රියාකරවන කුලීකරුවෙක් පමණයි.

http://fc07.deviantart.net/fs71/i/20v10/171/f/d/The_Young_Man_and_the_Sea_by_DrkndPrspctv.jpg
ඇත්තට මුහුදු වෙරළෙ ඉන්න කෙනෙකුයි...
ඡායාරූපයකින් මුහුද දකින කෙනෙකුයි සැසඳුවොත්
http://25.media.t=umblr.com/7ef893d0d0a4fbb8bf80d998be8e5b38/tumblr_mr31ftwXQo1qcuqzso1_1280.jpg
ඔවුන්ගෙ අත්දැකීම් අතර පරතරය
අහසට පොළව වගෙයි.


http://us.123rf.com/400wm/400/4=00/jgroup/jgroup1005/jgroup100501860/9519846-artist-painting-on-canvas-in-studio-wearing-beret-and-holding-paint-palette.jpg
තමන්ගෙ චිත්‍රාගාරෙට වෙලා
ඡායාරූපයක් බලාගෙන මුහුද
පිටපත් කරන පිටපත් ශිල්පියාත්
මුහුදු වෙරළටම ගිහින්
මුහුද බලාගෙන අඳින චිත්‍ර ශිල්පියාත් අතර
එවැනිම වෙනසක් තියනවා.


හොඳ චිත්‍ර ශිල්පියෙක් කියෙන්නෙ
සීමිත සම්පත් වලින් අසීමිත සම්පත් නිර්මාණය කරන
විශ්වකර්මයෙක්.

=========================================================

https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-prn2/q71/s720x720/1476114_10201087576578267_348486051_n.jpg

 ================================================================



අපි ඉන්න කෝණය අනුව
හැම දෙයක්ම වෙනස් වෙලා පෙනෙනවා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEin6x_uA9l0paNGTMpAzsc9ceuKvpmahGNpa9K_fsl6v6RzgdKaxx_xLL_GdXgG-jAGblNRi6sz791UT3tEi2uhD0o8m2i9DDt-3oHTK2kZTvLB-T9c-tEBm6dDCX2478MvusSd3sjVvZU/s1600/head_perspective_01.jpg

දෙවනුව
ඔබ අඳුරු කරල තියෙන්නෙ
ඡායාරූප වල වගේ
පැතළි පදාස විදියට.
http://www.postcardfromholland.com/portrait_head_study_low.jpg

අපි ගෝලාකාර දෙයක් අඳින කොට

ගෝලාකාර ලෙස දැනෙන්න ඕනෙ.
http://previewcf.turbosquid.com/Preview/2012/01/19__16_31_03/19_Perspective.jpg6a2d7dec-9879-40bb-ae09-fd763fea8a4eLarge.jpg

අපේ පින්සල, පැන්සල, පෑන...
ඒ ගෝලාකාර තලයෙ හැඩය අනුව ගමන් කරන්න ඕන.
http://www.123inspiration.com/wp-content/uploads/2012/03/Painting-Nielly-Fran%C3%A7oise-1.jpg

http://www.artween.com/var/artween/storage/images/artists/yuri-yudaev/drawings/human-skull-stages-of-drawing-construction-detail-i/696083-1-eng-US/Human-Skull-Stages-of-drawing-construction-detail-I_reference.jpg

චිත්‍රයක් ඡායාරූපය ඉක්මවා යා යුතුයි.




කැමරාවට නොදැනෙන හැඟීමක්
චිත්‍ර ශිල්පියාට තියනවා.

http://www.photocase.com/stock-photos/30789-stock-photo-man-white-black-hair-hairstyles-head-perspective.jpg
ඡායාරූප ශිල්පියා කැමරාවෙන් සටහන් කරගන්නෙ
ආලෝකය ඇති හා නැති පදාස රැසක්.

ඒ පදාස වල හැසිරීම අනුව,

අපි හැඩ තල විඳිනවා.

ආලෝකය අඩු නම්
ඡායාරූප ශිල්පියාට හිසකෙස් කියන්නෙ
කළු පැහැති පදාසයක්.
https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash4/q71/1458559_10201092613704192_85576197_n.jpg

පියවි ඇසෙන් දකින අපිට
හිස කියන්නෙ
රිද්මයකට ගලන හිසකෙස් පෙළක්.
http://www.short-haircut.com/wp-content/uploads/2013/03/Modern-hair-color-for-short-hair.jpg
අපි අඳින කොට
අපිට හිසකෙස් වල පැහැය පමණක් නොව
හැඩයත් ගමන් කරන දිසාවත්,
ඒ දිසාවේ ත්‍රිමාණ බවත්
දැනෙන්න ඕනෙ.
https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-frc3/q71/s720x720/1456126_10201092635584739_1423781319_n.jpg

දක්ෂ ඡායාරූප ශිල්පීන්
මනාව ආලෝකකරණය කරමින්
චිත්‍රයක මෙන් හැඩතල හා අරමුණෙහි ත්‍රිමාණ බව
මතු කරන්නට සමත් වෙනවා.
http://georgessalon.com.au/wp-content/uploads/bg_UhQcHGD6Z5BjNEZ1.jpg

ඡායාරූප ශිල්පියාට  දැනෙන දේ
කොතරම් ප්‍රබලව දැණුනත්
සටහන් කරද්දී

ඔහු කැමරාවේ සීමාවන්ට යටත්.

ආලෝකය අඩු නම්
කැමරාවටහිසකෙස් කියන්නෙ
කළු පැහැති පදාසයක්.

චිත්‍රශිල්පියෙකුගෙ හැඟීම
චිත්‍රයකට සම්ප්‍රේෂණය කරන්නට
ඔහුට ඊට වඩා අවස්ථා තියනවා.

ඔබ  තමාට දැනෙන ත්‍රිමාණ බව
හැඟීමක් විදියට විඳිමින්
චිත්‍රය මගින් නිරූපණය කළ යුතුයි.

එහෙම නැතුව
ඔබ ඡායාරූපය පිටපත් කළොත්
ඔබ ඉන්නේ ඡායාරූප ශිල්පියාටත් පහළින්.

================================================================
තවත් අදාළ ලිපි

ඡායාරූප පිටපත් කිරීම ඉක්මවා ජීව චිත්‍ර ඇඳීම
 .
ඡායාරූප බලා ඇඳීමෙදි වරදින තැන.
 .
බොරුකාරයන්ගේ ඩිජිල්මාට් චිත්‍ර සහ සැබෑ චිත්‍ර