Thursday, July 11, 2019

බටහිර චිත්‍රකතා ශිල්පීන් චිත්‍රකතා අඳින අයුරු


බටහිර චිත්‍රකතා වෙළඳපොලට
පිවිසෙන්නට සිහින මවන චිත්‍ර ශිල්පීන්ට
චිත්‍ර කතා අඳින්න ඉගෙන ගැනීමට
චිත්‍රකතා අඳින චිත්‍ර ශිල්පියෙකු අසලට වී
ඔහු අඳින අයුරු බලාසිටීම තරම් හොඳ
වෙනත් ක්‍රමයක් නැත.

චිත්ර කතා පිටුවක් අඳින අයුරු සහ
චිත්රකතා පොතක කවරයක් අඳින අයුරු
ආදී ප්රායෝගික ක්රියාකාරකම් දැක්වෙන
තෝරාගත් වීඩියෝ කිහිපයක්,
මූලිකාංග පිළිබඳ හැඳින්වීම් කිහිපයක් සහ
වෙනත් එවැනි වීඩියෝ වලට යොමු
මෙම පිටුවේ ඇත.
අන්තර්ජාලයේ ඇති සුවහසක් වීඩියෝ අතර
ජිම් ලීගේ වීඩියෝ පෙළ අනභිභවනීයයි.
නවකයෙකුට පමණක් නොව ප්‍රවීණයෙකුට වුවද
ඔහුගෙන් උගත හැකි දේ බොහෝයි.

හිස් සුදු කඩදාසියකින් පටන් ගෙන
චිත්‍ර කතා පිටුවක් සම්පූර්ණ කරන අයුරු සහ
චිත්‍රකතා පොතක කවරයක් අඳින අයුරු
 පළමු වීඩියෝ දෙකේ දැක්වෙයි.






චිත්‍රකතා ඇඳීමේ නොයෙක් අංශ
වෙන වෙනම විස්තර කරමින්, පෙන්වා දෙමින්
අන්තර්ජාලයට ජිම් ලී එක් කළ වීඩියෝ රැසකි.
පහත දැක්වෙන පිටුවෙන් වීඩියෝ තෝරාගෙන
ක්‍රමානුකූලව හැදෑරීම කළ හැක.
https://www.youtube.com/user/jimlee00/videos

පැන්සලෙන් චිත්‍රකතා ඇඳීමට හැකියාවක් නැතත්
වෙනත් ශිල්පියෙක් පැන්සලෙන් අඳින චිත්‍රකතා

තීන්තෙන් අඳින්නට හැකි ශිල්පීන්ටත්
බටහිර චිත්‍රකතා වෙළඳ පොළ විවෘතයි

xxx





පින්සල් සායම් හෝ පරිගණකය භාවිතයෙන්
චිත්‍රකතා පිටු වර්ණගත කරන අයටත්
වෙනම ඉපයීම් ක්ෂේත්‍රයක් විවෘත වෙනවා.

චිත්‍රකතා පිටු වර්ණගත කරන ශිල්පීන්ට
තාක්ෂණික උපක්‍රම කියා දෙන වීඩියෝ
අන්තර්ජාලයේ බොහෝය.

චිත්‍රකතා පිටු වර්ණගත කරන ශිල්පීන්ට
අතිශයින් ප්‍රයෝජනවත් වන මූලිකාංගය වන
ශිල්පියා සිතිය යුතු ආකාරය කියා දෙන
මේ වීඩියෝව ඉතාම ප්‍රයෝජනවත්ය.

මතුකර පෙන්විය යුතු දේ මතුවන ලෙස
වර්ණ පාලනය කරන අයුරු මෙහි දැක්වෙයි.



මේ චිත්‍ර ශිල්පියාගේ තවත් වීඩියෝ
https://www.youtube.com/channel/UCps08eOJfFRm00TE5LStIIg


පහත දැක්වෙන වීඩියෝ වලින්
චිත්‍රකතා ඇඳීමේ නොයෙක් අංශ පිළිබඳව
දළ අදහසක් ලබා ගත හැක.















බටහිර චිත්‍රකතා වෙළඳපොලට
පිවිසෙන්නට සිහින මවන චිත්‍ර ශිල්පීන්ට
සිය හැකියාව හැඩගස්වා ගැනීමට අවශ්‍ය
බොහෝ වැදගත් උපදෙස් ලබාගත හැකි
හොඳම පොතයි මේ.

http://www.mediafire.com/file/mq8ttx2xi7jar8p/How_to_Draw_Comics_The_Marvel_Way.pdf/file
චිත්‍රකතා ප්‍රකාශයට පත් කරන
ස්වාධීන බටහිර කතා රචකයෙක් හෝ
චිත්‍රකතා ප්‍රකාශක ආයතනයක්
සුදුස්සන් තෝරා ගන්නා අවස්ථාවේදී
පළමුවෙන්ම සලකා බලන්නේ
චිත්‍ර ශිල්පියාගේ හැකියාවයි.
ඒ හැකියාව සහතික වලින් හෝ
සම්මාන වලින් පෙන්වීම පලක් නැහැ.

ශිල්පියා නිර්මාණයක් කිරීමේදී
අභියෝග ජයගන්නා ආකාරය
පැන්සලෙන්, තීන්තෙන්, වර්ණයෙන් කළ
නිර්මාණ මගින්ම පෙන්විය යුතුයි.

සිය හැකියාව බටහිර ක්ෂේත්‍රයට
ගැලපෙන බව ශිල්පියා ආදර්ශ නිර්මාණවලින්
අදාළ පුද්ගලයන්ට පෙන්වීම අවශ්‍යයි.
මේ සඳහා බටහිර චිත්‍රකතා
පුලුල්ව හැදෑරීමක් අවශ්‍ය වන නිසා
විශේෂයෙන් කැප වීමට සිදුවෙයි.

චිත්‍රකතා ශිල්පියාගේ හැකියාව
මනාව නිරූපණය වන ආකාරයේ
චිත්‍රකතා ආදර්ශ පිටු ගොනුවක්
හැම චිත්‍ර ශිල්පියෙකුටම අවශ්‍යයි.


බටහිර චිත්‍රකතා ක්ෂේත්‍රයට පිවිසීමට
අවස්ථාව සලසා ගන්නට
කැමති චිත්‍රකතා ශිල්පීන්ට
ආදර්ශ තිර කතා පිටු
මෙම යොමුවලින් ලබා ගන්නට පුලුවන්.
https://www.comicsexperience.com/scripts/
නිල් වර්ණයෙන් සකස් කළ පැන්සල් චිත්‍ර පිටුhttps://tinyurl.com/PencilPages01
මෙම යොමුවෙන් ලබාගත හැකියි.

වර්ණගත කිරීමට සුදුසු විශාල චිත්‍ර පිටු
මේ යොමුවෙන් ලබා ගන්න පුලුවන්.
දිවා කාලයේ ගුරුවරයෙක් ලෙස සේවය කරන
Sean Ellery නම් ඕස්ට්‍රේලියානු චිත්‍ර ශිල්පියා
පළමුවෙන් ආත්ම තෘප්තිය සඳහා
චිත්‍රකතා පිටු වර්ණ ගත කළා.
දැන් ඔහු වෘත්තීය වර්ණ චිත්‍රශිල්පියෙක්.
ඔහුගේ චිත්‍ර සිය ගණනක් මෙහි දකින්නට පුලුවන්.

---------------------------------------------

බටහිර චිත්‍රකතා ක්ෂේත්‍රයට චිත්‍රකතා අඳින්න

https://siththaraworkshop.blogspot.com/2019/07/blog-post.html

බටහිර චිත්‍රකතා ක්ෂේත්‍රයට චිත්‍රකතා අඳින්න


.

බටහිර චිත්‍රකතා ක්ෂේත්‍රය සරු බිමක්.
ලංකාවේ චිත්‍රකතා ශිල්පීන් දක්ෂයි.

ඒ සරුබිමට ගැලපෙන ආකාරයට
බටහිර චිත්‍රකතා රසික රුචිකත්වයට අනුව
තාක්ෂණික සුදුසුකම් වගා කරගත්තොත්
ඒ සරුබිමේ අස්වැන්න නෙළීමට
අපේ චිත්‍රකතා ශිල්පීන් ඉතාම සුදුසුයි.

 ලංකාවේ චිත්‍රකතා ශිල්පීන්
කතාවේ සිට වර්ණ කිරීම දක්වා
පැන්සලෙන් තීන්තෙන් වර්ණයෙන්
සිය චිත්‍ර කතා නිර්මාණය කළත්
බටහිර ශිල්පීන් බොහෝ විට
එක් අංශයක් සඳහා විශේෂණය වෙනවා.
පැන්සලෙන්, තීන්තෙන් අඳින ශිල්පීන් මෙන්ම
චිත්‍රකතා වර්ණගත කරන ශිල්පීන්
තම ක්ෂේත්‍රයේ නමක් දිනා ගන්නෙ
ඒ කාර්යයෙහි පමණක් යෙදීමෙන්.

මේ නිසාම අපේ චිත්‍රකතා ශිල්පීන්ටත්
තමන්ගේ හැකියාව අනුව විශේෂණය වන්නට
අවකාශ තියනවා.

පැන්සලෙන් බටහිරට චිත්‍රකතා ඇඳීම
අපේ සංස්කෘතික පරතරය නිසා
අභියෝගාත්මක පියවරක්.
ඒත් පැන්සලෙන් ඇන්ද චිත්‍ර තීන්තෙන් ඇඳීම
සාපේක්ෂව පහසු කාර්යයක්.
පහසුම අංශය චිත්‍රකතා වර්ණගත කිරීමයි.

බටහිර සමාජයට ගැලපෙන ලෙස
තාක්ෂණිකව සහ ආකල්පිකව
වෙනස්වීමට පැහැදිලි කැමැත්තක් ඇති
නම්‍යශීලී චිත්‍රකතා ශිල්පීන් සඳහා
බටහිර චිත්‍රකතා වෙළඳපොල විවෘතයි.

කැපවීමෙන්, නම්‍ය ශීලීව,සංයමයෙන් යුතුව
ඒ සරුපසට ගැලපෙන වැපිරීමේ හැකියාව
තමා තුළ වගා කරගන්නා චිත්‍ර ශිල්පියෙකුට
පහසුවෙන් ජීවත් වෙන්න මාර්ගයක්
ඒ ක්ෂේත්‍රයේ සකස් කර ගන්න පුලුවන්.

මේ සඳහා ඉදිරිපත්වී ක්රියා කරන
අතරමැදියෙකු වන ලෙස කළ ඉල්ලීම් අනුව
කලක් දන්නා හිතවතෙක් විසින්
ඒ වෙනුවෙන්ම නිර්මාණය කරන අතරමැදි ආයතනයක
මූලික කටයුතු මේ දිනවල සකස්වෙමින් තියනවා.

චිත්‍රකතා ප්‍රකාශයට පත් කරන
ස්වාධීන බටහිර කතා රචකයෙක් හෝ
චිත්‍රකතා ප්‍රකාශක ආයතනයක්
සුදුස්සන් තෝරා ගන්නා අවස්ථාවේදී
පළමුවෙන්ම සලකා බලන්නේ
චිත්‍ර ශිල්පියාගේ හැකියාවයි.
ඒ හැකියාව සහතික වලින් හෝ
සම්මාන වලින් පෙන්වීම පලක් නැහැ.

ශිල්පියා නිර්මාණයක් කිරීමේදී
අභියෝග ජයගන්නා ආකාරය
පැන්සලෙන්, තීන්තෙන්, වර්ණයෙන් කළ
නිර්මාණ මගින්ම පෙන්විය යුතුයි.

සිය හැකියාව බටහිර ක්ෂේත්‍රයට
ගැලපෙන බව ශිල්පියා ආදර්ශ නිර්මාණවලින්
අදාළ පුද්ගලයන්ට පෙන්වීම අවශ්‍යයි.
මේ සඳහා බටහිර චිත්‍රකතා
පුලුල්ව හැදෑරීමක් අවශ්‍ය වන නිසා
විශේෂයෙන් කැප වීමට සිදුවෙයි.

චිත්‍රකතා ශිල්පියාගේ හැකියාව
මනාව නිරූපණය වන ආකාරයේ
චිත්‍රකතා ආදර්ශ පිටු ගොනුවක්
හැම චිත්‍ර ශිල්පියෙකුටම අවශ්‍යයි.

බටහිර චිත්‍රකතා වෙළඳපොලට
පිවිසෙන්නට සිහින මවන චිත්‍ර ශිල්පීන්ට
සිය හැකියාව හැඩගස්වා ගැනීමට අවශ්‍ය
බොහෝ වැදගත් උපදෙස් ලබාගත හැකි
හොඳම පොතයි මේ.
http://www.mediafire.com/file/mq8ttx2xi7jar8p/How_to_Draw_Comics_The_Marvel_Way.pdf/file



පැන්සලෙන් ඇඳීමට හැකියාවක් නැතත්
වෙනත් ශිල්පියෙක් පැන්සලෙන් අඳින චිත්‍රකතා

තීන්තෙන් අඳින්නට හැකි ශිල්පීන්ටත්
බටහිර චිත්‍රකතා වෙළඳ පොළ විවෘතයි.


තීන්තෙන් අඳින චිත්‍රකතා ශිල්පීන් කිහිප දෙනෙක්
VIDEO
https://siththaraworkshop.blogspot.com/2013/11/blog-post.html

තීන්තෙන් අඳින ශිල්පීන්ට කළ හැක්කේ

වෙනත් දක්ෂ ශිල්පියෙක් පැන්සලෙන් අඳින ලද
චිත්‍රකතා පිටු හැකි ප්‍රමාණයක් තීන්තෙන් ඇඳ
තමන්ගේ ඉහළම දක්ෂතාවය
හොඳින් පෙනෙන ආදර්ශ චිත්‍රකතා පිටු ගොනුවක්
හැකි ඉක්මණින් නිර්මාණය කර ගැනීමයි.
නම්‍ය ශීලී විය හැකියාවක් ඇත්නම්
ඒ ඒ ශෛලියට අනුගත වෙමින්
විවිධ ශිල්පීන්ගේ චිත්‍ර තීන්තෙන් ඇඳීම
රැකියා අවස්ථා පුළුල් කිරීමට හේතු වෙයි.

තුන්වෙනුව
පින්සල් සායම් හෝ පරිගණකය භාවිතයෙන්
චිත්‍රකතා පිටු වර්ණගත කරන අයටත්වෙනම ඉපයීම් ක්ෂේත්‍රයක් විවෘත වෙනවා.


වර්ණගත කිරීමට සුදුසු විශාල චිත්‍ර පිටු
මේ යොමුවෙන් ලබා ගන්න පුලුවන්.
දිවා කාලයේ ගුරුවරයෙක් ලෙස සේවය කරන
Sean Ellery නම් ඕස්ට්‍රේලියානු චිත්‍ර ශිල්පියා
පළමුවෙන් ආත්ම තෘප්තිය සඳහා
චිත්‍රකතා පිටු වර්ණ ගත කළා.
දැන් ඔහු වෘත්තීය වර්ණ චිත්‍රශිල්පියෙක්.
ඔහුගේ චිත්‍ර සිය ගණනක් මෙහි දකින්නට පුලුවන්.

චිත්‍රකතා ඇඳීමට හැකියාව නැතත්
චිත්‍රකතා පොත් කවර නිර්මාණය කරන ශිල්පීන්ට
චිත්‍රකතා ක්ෂේත්‍රයේ අධික ඉල්ලුමක් පවතිනවා.
සමහර විශේෂ අවස්ථාවන් වලදී
එකම චිත්‍රකතා පොත කිහිප වර්ගයක කවර සමග
චිත්‍රකතා වෙළඳපලට නිකුත් වෙනවා.
චිත්‍රකතා එකතු කරන සමහරුන් විසින්
මේ සියලු කවර සහිත පොත්
සියල්ලම මිලදී ගැනීම නිසා
පොතේ අලෙවිය ඉහළ යනවා.

මුල් චිත්‍ර කතා පිටු අලෙවිය මෙන්ම
පැරණි චිත්‍රකතා පොත් අධික මිලට විකිණීම
බටහිර වෙළඳ පොලේ සාමාන්‍ය දෙයක්..

මුලින්ම සුපර්මෑන් පෙනී සිටින චිත්‍රකතා පොත
ACTION #1 මෑතකදී EBAY මගින් විකුණුනේ
ඩොලර් මිලියන 3.2කටයි. ( රු මිලියන 562යි.)

බටහිර චිත්‍රකතා ක්ෂේත්‍රයට පිවිසීමට
ඔබටත් අවස්ථාව සලසා ගන්නට
ආයතනිකව සහයෝගයක් අවශ්‍ය නම්
මේ සඳහා අතරමැදියෙකු ලෙස
නියෝජිත කාර්යයේ යෙදෙන්නට ආයතනයක්
මේ වන විට අවශ්‍ය කටයුතු සකස්කරනවා.
ආදර්ශ චිත්‍ර කතා පිටු
සකස්කොට සපයන්නට කැමති චිත්‍රකතා ශිල්පීන්ට
ආදර්ශ තිර කතා පිටු
මෙම යොමුවලින් ලබා ගන්නට පුලුවන්.
https://www.comicsexperience.com/scripts/
නිල් වර්ණයෙන් සකස් කළ පැන්සල් චිත්‍ර පිටුhttps://tinyurl.com/PencilPages01
මෙම යොමුවෙන් ලබාගත හැකියි.

ආදර්ශ තිර කතා වල සිංහල පරිවර්තන අවශ්‍ය නම්
ඉංග්‍රීසි දන්නා කලා රසිකයෙක් මගින්
දළ වශයෙන් පරිවර්තනය කරගන්න.
ඔහුගේ කාලය ඉතිරි කිරීමට අවශ්‍ය නම්
ඔහු වාචිකව කරන පැහැදිලි කිරීම
මොබයිල් ෆෝන් එකකින් රෙකෝර්ඩ් කරගන
සවන් දෙමින් අඳින්න පුලුවන්.

පැන්සලෙන් සහ තීන්තෙන් අඳින ආදර්ශ පිටු
නිර්මාණයෙන් පසු යොමුකළ යුතු ආකාරය
පසුව දැනුම් දීමට බලාපොරොත්තු වෙමු.

පැන්සලෙන් සහ තීන්තෙන් අඳින ආදර්ශ පිටුවල
මුල් පිටපත් ඔබ ළඟ සුරක්ෂිතව තබාගන්න.
කිසි විටෙකත් කිසිවෙකුටත් ඒ මුල් පිටපත්
විමර්ශනය සඳහා නොයවන්න.
ඡායා පිටපත් ලෙස හෝ
Scan
පිටපත් ඊමේල් ඇමුණුම් ලෙස
යැවීම ප්‍රමාණවත් වනු ඇත.
 
පැන්සලෙන් චිත්‍රකතා පිටුවක් ඇඳීමේදී
අඟල් 11 X 17 ප්‍රමාණය තුළ අඳින්න.
මේ සඳහාම රූල් ගසා සකස් කළ
11 X 17 ප්‍රමාණයේ කඩදාසි සහිත පොත්
ඇමරිකානු වෙළඳ පොලේ තියනවා.

 
අවශ්‍ය නම් නිල් වර්ණ රේඛා මුද්‍රිත ආදර්ශ පිටු
ඝණ A3 කඩදාසියක මුද්‍රණය කරගන්න.


තීන්තෙන් අඳින ශිල්පීන්
තීන්තෙන් අඳින්නට නිල් වර්ණ චිත්‍රකතා පිටු
ඝණ A3 කඩදාසියක
මුද්‍රණය
කරගන්න අවශ්‍ය.


නිල් වර්ණයෙන් චිත්‍ර කතා ඇඳීමට
ප්‍රබල හේතු දෙකක් තියනවා.
පළමුවැන්න
ඇඳීමේදී කළු තීන්ත රේඛා පැහැදිලිව පෙනීම.
දෙවැන්න
Scan කර ගැනීමෙන් පසු
නිල් පැන්සල් ඉරි
පහසුවෙන් තෝරා ඉවත් කිරීමට හැකි වීම.

නිල් වර්ණයෙන් සකස් කළ පැන්සල් චිත්‍ර පිටු
මෙම යොමුවෙන් ලබාගත හැකියි.
නිල් වර්ණ පැන්සල් චිත්‍ර පිටු තීන්තෙන් ඇඳීම සඳහා
අඟල් 11 X 17 ප්‍රමාණය තුළ නිල් වර්ණයෙන්ම
ඝණ කඩදාසියක මුද්‍රණය කරගන්න.


චිත්‍රකතා පිටු නිර්මාණය කරන විට මතුවන ප්‍රශ්න සහ
අවශ්‍ය අමතර උපදෙස් "පුද්ගලිකව නොවිමසන්න."
කමෙන්ට් කර විමසන්න.
FB SHARE කළ තැන්වල විමසනවා නම් TAG කරන්න.

=======================================
අදාළ වැඩි විස්තර සහිත වෙනත් ලිපි
1, An art agency

Clip Studio pens

Pencils, Art pens & Brushes for Inking
http://siththaraworkshop.blogspot.com/2013/12/blog-post.html
=====================================

පැන්සලෙන් හෝ තීන්තෙන් අඳින ලද

මුල් චිත්‍රය ආරක්ෂා කර ගැනීම
බටහිර චිත්‍රකතා ක්ෂේත්‍රයේ සාමාන්‍ය දෙයක්.
ඔවුන් තීන්තෙන් අඳින්නේ පැන්සල් චිත්‍රය නොවෙයි.
එහි මුද්‍රිත පිටපතකයි.

ඇමරිකානු චිත්‍රකතා නීති අනුව
සියලුම චිත්‍ර වල අයිතිය හිමි වන්නේ
එය නිමවන ශිල්පියාට හෝ ශිල්පීන්ටයි.

Jim Lee වැනි සමහර ශිල්පීන්ගේ චිත්‍ර පිටු
ලංකාවේ මුදලින් ලක්ෂ ගණන්වලට
අලෙවි වීම සිදු වෙනවා.

ජිම් ලීගේ බැට් මෑන් චිත්‍රයක්
$25000කට මිළ කර ඇති දැන්වීමක්



ලංකාවේ මුදලින් රු ලක්ෂ හතලිස් පහකට
මේ චිත්‍රකතා පිටුව මිල කරලා තියනවා...