Thursday, July 11, 2019

බටහිර චිත්‍රකතා ශිල්පීන් චිත්‍රකතා අඳින අයුරු


බටහිර චිත්‍රකතා වෙළඳපොලට
පිවිසෙන්නට සිහින මවන චිත්‍ර ශිල්පීන්ට
චිත්‍ර කතා අඳින්න ඉගෙන ගැනීමට
චිත්‍රකතා අඳින චිත්‍ර ශිල්පියෙකු අසලට වී
ඔහු අඳින අයුරු බලාසිටීම තරම් හොඳ
වෙනත් ක්‍රමයක් නැත.

චිත්ර කතා පිටුවක් අඳින අයුරු සහ
චිත්රකතා පොතක කවරයක් අඳින අයුරු
ආදී ප්රායෝගික ක්රියාකාරකම් දැක්වෙන
තෝරාගත් වීඩියෝ කිහිපයක්,
මූලිකාංග පිළිබඳ හැඳින්වීම් කිහිපයක් සහ
වෙනත් එවැනි වීඩියෝ වලට යොමු
මෙම පිටුවේ ඇත.
අන්තර්ජාලයේ ඇති සුවහසක් වීඩියෝ අතර
ජිම් ලීගේ වීඩියෝ පෙළ අනභිභවනීයයි.
නවකයෙකුට පමණක් නොව ප්‍රවීණයෙකුට වුවද
ඔහුගෙන් උගත හැකි දේ බොහෝයි.

හිස් සුදු කඩදාසියකින් පටන් ගෙන
චිත්‍ර කතා පිටුවක් සම්පූර්ණ කරන අයුරු සහ
චිත්‍රකතා පොතක කවරයක් අඳින අයුරු
 පළමු වීඩියෝ දෙකේ දැක්වෙයි.






චිත්‍රකතා ඇඳීමේ නොයෙක් අංශ
වෙන වෙනම විස්තර කරමින්, පෙන්වා දෙමින්
අන්තර්ජාලයට ජිම් ලී එක් කළ වීඩියෝ රැසකි.
පහත දැක්වෙන පිටුවෙන් වීඩියෝ තෝරාගෙන
ක්‍රමානුකූලව හැදෑරීම කළ හැක.
https://www.youtube.com/user/jimlee00/videos

පැන්සලෙන් චිත්‍රකතා ඇඳීමට හැකියාවක් නැතත්
වෙනත් ශිල්පියෙක් පැන්සලෙන් අඳින චිත්‍රකතා

තීන්තෙන් අඳින්නට හැකි ශිල්පීන්ටත්
බටහිර චිත්‍රකතා වෙළඳ පොළ විවෘතයි

xxx





පින්සල් සායම් හෝ පරිගණකය භාවිතයෙන්
චිත්‍රකතා පිටු වර්ණගත කරන අයටත්
වෙනම ඉපයීම් ක්ෂේත්‍රයක් විවෘත වෙනවා.

චිත්‍රකතා පිටු වර්ණගත කරන ශිල්පීන්ට
තාක්ෂණික උපක්‍රම කියා දෙන වීඩියෝ
අන්තර්ජාලයේ බොහෝය.

චිත්‍රකතා පිටු වර්ණගත කරන ශිල්පීන්ට
අතිශයින් ප්‍රයෝජනවත් වන මූලිකාංගය වන
ශිල්පියා සිතිය යුතු ආකාරය කියා දෙන
මේ වීඩියෝව ඉතාම ප්‍රයෝජනවත්ය.

මතුකර පෙන්විය යුතු දේ මතුවන ලෙස
වර්ණ පාලනය කරන අයුරු මෙහි දැක්වෙයි.



මේ චිත්‍ර ශිල්පියාගේ තවත් වීඩියෝ
https://www.youtube.com/channel/UCps08eOJfFRm00TE5LStIIg


පහත දැක්වෙන වීඩියෝ වලින්
චිත්‍රකතා ඇඳීමේ නොයෙක් අංශ පිළිබඳව
දළ අදහසක් ලබා ගත හැක.















බටහිර චිත්‍රකතා වෙළඳපොලට
පිවිසෙන්නට සිහින මවන චිත්‍ර ශිල්පීන්ට
සිය හැකියාව හැඩගස්වා ගැනීමට අවශ්‍ය
බොහෝ වැදගත් උපදෙස් ලබාගත හැකි
හොඳම පොතයි මේ.

http://www.mediafire.com/file/mq8ttx2xi7jar8p/How_to_Draw_Comics_The_Marvel_Way.pdf/file
චිත්‍රකතා ප්‍රකාශයට පත් කරන
ස්වාධීන බටහිර කතා රචකයෙක් හෝ
චිත්‍රකතා ප්‍රකාශක ආයතනයක්
සුදුස්සන් තෝරා ගන්නා අවස්ථාවේදී
පළමුවෙන්ම සලකා බලන්නේ
චිත්‍ර ශිල්පියාගේ හැකියාවයි.
ඒ හැකියාව සහතික වලින් හෝ
සම්මාන වලින් පෙන්වීම පලක් නැහැ.

ශිල්පියා නිර්මාණයක් කිරීමේදී
අභියෝග ජයගන්නා ආකාරය
පැන්සලෙන්, තීන්තෙන්, වර්ණයෙන් කළ
නිර්මාණ මගින්ම පෙන්විය යුතුයි.

සිය හැකියාව බටහිර ක්ෂේත්‍රයට
ගැලපෙන බව ශිල්පියා ආදර්ශ නිර්මාණවලින්
අදාළ පුද්ගලයන්ට පෙන්වීම අවශ්‍යයි.
මේ සඳහා බටහිර චිත්‍රකතා
පුලුල්ව හැදෑරීමක් අවශ්‍ය වන නිසා
විශේෂයෙන් කැප වීමට සිදුවෙයි.

චිත්‍රකතා ශිල්පියාගේ හැකියාව
මනාව නිරූපණය වන ආකාරයේ
චිත්‍රකතා ආදර්ශ පිටු ගොනුවක්
හැම චිත්‍ර ශිල්පියෙකුටම අවශ්‍යයි.


බටහිර චිත්‍රකතා ක්ෂේත්‍රයට පිවිසීමට
අවස්ථාව සලසා ගන්නට
කැමති චිත්‍රකතා ශිල්පීන්ට
ආදර්ශ තිර කතා පිටු
මෙම යොමුවලින් ලබා ගන්නට පුලුවන්.
https://www.comicsexperience.com/scripts/
නිල් වර්ණයෙන් සකස් කළ පැන්සල් චිත්‍ර පිටුhttps://tinyurl.com/PencilPages01
මෙම යොමුවෙන් ලබාගත හැකියි.

වර්ණගත කිරීමට සුදුසු විශාල චිත්‍ර පිටු
මේ යොමුවෙන් ලබා ගන්න පුලුවන්.
දිවා කාලයේ ගුරුවරයෙක් ලෙස සේවය කරන
Sean Ellery නම් ඕස්ට්‍රේලියානු චිත්‍ර ශිල්පියා
පළමුවෙන් ආත්ම තෘප්තිය සඳහා
චිත්‍රකතා පිටු වර්ණ ගත කළා.
දැන් ඔහු වෘත්තීය වර්ණ චිත්‍රශිල්පියෙක්.
ඔහුගේ චිත්‍ර සිය ගණනක් මෙහි දකින්නට පුලුවන්.

---------------------------------------------

බටහිර චිත්‍රකතා ක්ෂේත්‍රයට චිත්‍රකතා අඳින්න

https://siththaraworkshop.blogspot.com/2019/07/blog-post.html

No comments:

Post a Comment