Color pencil art made in 1991 |
ඡායාරූපයක් බලාගෙන ඇඳීම
සැබෑ ද්‍රව්‍යයක් බලාගෙන ඇඳීම
සපුරාම වෙනස් අත්දැකීම් දෙකක්.
සැබෑ ද්‍රව්‍යයක් බලාගෙන ඇඳීම
සපුරාම වෙනස් අත්දැකීම් දෙකක්.
-------------------------------------------------------------------------------
පැතලි ඡායාරූපය මෙන්ම ඡායාරූපයක් බලාගෙන ඇඳීමත්
පැතලි නොගැඹුරු කලාවක්.
==============================================================
දෘෂ්‍ය කලාව නිදහසේ වැඩෙන්නෙ චිත්‍ර ශිල්පයත් සමගයි.
මූලික අවස්ථාවෙදි ඇසින් දකින දේ ඒ විදියටම අඳින්න
ජීව චිත්‍රකරණය මගින් නවක චිත්‍ර ශිල්පියා හුරු වෙනවා.
පසු කාලීනව ඔහු යෙදෙන්නට අවකාශ ඇති,
කලාත්මක නිර්මාණකරණයට පදනම ජීව චිත්‍රකරණයයි.
LIFE DRAWING
ඇසින් යමක් දෙස බලද්දී
අපට ආලෝකය අවශ්‍යයි.
ආලෝකය නැත්නම් අපට දැකිය නොහැක.
අපට ආලෝකය අවශ්‍යයි.
ආලෝකය නැත්නම් අපට දැකිය නොහැක.
ඡායාරූපයකට අඳුර අත්‍යාවශ්‍ය සාධකයකි.
එහෙත් මිනිසාට ඇසින් දකින්නට
අඳුර අත්‍යාවශ්‍ය නොවේ.
ඇස් දෙකෙන් දකින රූපය මොළයෙන් කියවා
වෙනත් බොහෝ තොරතුරු සමග ත්‍රිමාණ බවද පෙන්වයි.
එහෙත් මිනිසාට ඇසින් දකින්නට
අඳුර අත්‍යාවශ්‍ය නොවේ.
ඇස් දෙකෙන් දකින රූපය මොළයෙන් කියවා
වෙනත් බොහෝ තොරතුරු සමග ත්‍රිමාණ බවද පෙන්වයි.
එක් ඇසකින් මේ කාර්යය කරන්නට අපට සිදු වුවහොත්
ආලෝකය සමග තවත් මූලික සාධක තුනක් ඇවැසි වෙයි.
1, අඳුර,
2, වර්ණ,
3, තාන,
මෙම සාධක නැතිව
ආලෝකයෙන් පමණක් කැමරාවක් තුළ
ඡායාරූපයක් ඇඳිය නොහැක.
ඡායාරූප ආලෝකයෙන් ඇන්දත්
අඳුර, වර්ණ, සමග තාන අවැසි වෙයි.
============================================================
1, පැතලි ඡායාරූප බලාගෙන සාර්ථක චිත්‍ර අඳින බොහෝ දෙනෙකු
ජීව චිත්‍රකරණයට අසමත්.
නුපුහුණු වැඩිහිටියන්ට ජීව චිත්‍රකරණය ඉතාම අපහසු කාර්යයක්.
ඡායාරූප බලාගෙන
කෙනෙක් ඉතා සාර්ථක චිත්‍ර ඇන්දත්
ඔහු ජීව චිත්‍රකරණයට යොමුවුණොත්
මුලින් දැක්වූ දක්ෂකම
එහිදී දකින්න ලැබෙන්නෙ නැහැ.
ජීව චිත්‍රකරණය අතින් දක්ෂයෙක් වෙන්න
ඡායාරූප බලාගෙන ඇඳීම
පදනමක් නෙමෙයි.
ජීව චිත්‍රකරණය
ඔහුට අයන්නෙ ඉඳලම
වෙනමම හදාරන්න වෙනවා.
වර්ණ හැසිරවීමෙ හුරුව හැරෙන්න
ඡායාරූප බලාගෙන ඇඳීමෙන්
ඔහුට ලැබෙන දෙයක් නැහැ.
ඡායාරූප බලාගෙන
සාර්ථකව චිත්‍ර අඳින අය අතරෙ
තමන්ගෙ සහජ හැකියාවෙන්
චිත්‍රයට නැවුම් ත්‍රිමාණ බවක් එක්කරමින්
පැතලි ඡායාරූපයකට ත්‍රිමාණ බව කවන
විශිෂ්ඨයන් දැකිය හැකි වුවත්
ඡායාරූපයක් බලාගෙන ඇඳීම
සරල සාමාන්‍ය දක්ෂකමක්.
ඡායාරූපයක් බලාගෙන අඳින විට
අපි වෙනත් ද්විමාන තලයක අඳින්නෙ
එවැනිම ද්විමාන තලයක
තනි ඇසකින් බලා
එළිය අඳුර මගින් සටහන් කරගත්
සීමිත තොරතුරු ටිකක්.
සැබැවින්ම අපි බොහෝවිට කරන්නෙ
ඡායා පිටපත් යන්ත්‍රයක් මෙන්
අපි දකින වර්ණ පදාස
පාට අඩු වැඩි කරමින්
ඒ විදියටම පිටපත් කිරීමක්.
කැමරාවක සටහන්වෙන පරාසය ඉක්මවා
ඇසට ආලෝකයත් අඳුරත් තුළ දකින්න පුලුවන්.
ඒ අනුවත් ඇසට වඩා කැමරාව දුර්වලයි.
ඡායාරූප මගින්
ත්‍රිමාණ රූප හදන විට
කැමරා දෙකකින් රූපගත කරනවා.
2, අපි වස්තුවක් ඇත්තට දකින කොට
ත්‍රිමාණ ස්වරූපය දකින්නෙ
ඇස් දෙකෙන්ම ලැබෙන තොරතුරු වලින්.
කැමරාව එකැස් කණෙක්.
කැමරාවට එළිය විතරක් නෙමෙයි..
අඳුරත් අවශ්‍යයි.
3, ඇසට එළිය වැදගත්.
ඇසට අඳුර වැදගත් නැහැ.
අපේ පැත්තෙන් එළියක් දැල්වුවත්
අපිට වස්තුවක ත්‍රිමාණ බව පෙනෙනවා.
එවැනි අවස්ථාවක
කැමරාවට පෙනෙන්නෙ පැතලි රූපයක්.
කැමරාවට අඳුර නැතුව බැහැ.
ඡායාරූප මගින්
ත්‍රිමාණ රූප හදන විට
කැමරා දෙකකින් රූපගත කරනවා.
4, කැමරාව දකින්නෙ ත්‍රිමාණ රූපයක් වුණාට
කැමරාවට ගන්නෙ එළිය අඳුර මගින් ලබා දෙන
සීමිත තොරතුරු ටිකක්.
අපි කියවන්නෙ එළිය අඳුර නෙමෙයි.
වස්තුවක සැබෑ හැඩයයි.
අපි අඳින්නෙත් එළිය අඳුර නෙමෙයි..
වස්තුවේ සැබෑ ත්‍රිමාණ හැඩයයි.
ඒ හැඩය මතුවෙන විදියට
අපේ අත, ඇඟිලි, පින්සල, පෑන, සායම් හැසිරෙනවා.
5, සැබෑ වස්තුවක් අපි දකින්නෙ ත්‍රිමාණවයි.
වස්තු කිහිපයක් එකට දකින කොට
අපිට දැනෙන සැබෑ ගැඹුර
කැමරාවට ලැබෙන්නෙ
පැතලි දත්ත සමූහයක් විදියට.
අපිට දැනෙන සැබෑ ගැඹුර ඡායාරූපයක සටහන් වෙන්නෙ
බොඳ වීම්, පර්යාලෝකය වැනි දේවල් නිසා..
6, වස්තුවක ත්‍රිමාණ බව
දෑසින්ම විඳින අත්දැකීම මගින්
අපිට හැඟීමක් විදියට දැනෙනවා..
වර්ණ අතින් හසුරුවමින් අඳිනකොට
අපි එකතු කරන හැඟීම කැමරාව දෙන්නෙ නැහැ.
7, ඡායාරූප බලාගෙන
සාර්ථක චිත්‍ර අඳින අයට
ඔවුන් අඳින වස්තු ගැන
නිසි වැටහීමක් ලැබෙන්නෙ නැහැ.
චිත්ත රූප මගින් චිත්‍ර අඳින්න වුණොත්
ඔවුන්ගෙ තොරතුරු ගබඩාව හිස්.
8, සැබෑ වස්තුව දකින චිත්‍ර ශිල්පියාට
අනවශ්‍ය දේ ඉවත් කිරීමට සහ
අවශ්‍ය දේ මතු කිරීමට ඇති
විකල්ප ප්‍රමාණය අසීමිතයි.
බොඳ වීම්, පර්යාලෝකය වැනි දේවල් නිසා..
6, වස්තුවක ත්‍රිමාණ බව
දෑසින්ම විඳින අත්දැකීම මගින්
අපිට හැඟීමක් විදියට දැනෙනවා..
වර්ණ අතින් හසුරුවමින් අඳිනකොට
අපි එකතු කරන හැඟීම කැමරාව දෙන්නෙ නැහැ.
7, ඡායාරූප බලාගෙන
සාර්ථක චිත්‍ර අඳින අයට
ඔවුන් අඳින වස්තු ගැන
නිසි වැටහීමක් ලැබෙන්නෙ නැහැ.
චිත්ත රූප මගින් චිත්‍ර අඳින්න වුණොත්
ඔවුන්ගෙ තොරතුරු ගබඩාව හිස්.
8, සැබෑ වස්තුව දකින චිත්‍ර ශිල්පියාට
අනවශ්‍ය දේ ඉවත් කිරීමට සහ
අවශ්‍ය දේ මතු කිරීමට ඇති
විකල්ප ප්‍රමාණය අසීමිතයි.
ඡායාරූප ශිල්පියාට
අනවශ්‍ය දේ ඉවත් කිරීමට සහ
අවශ්‍ය දේ මතු කිරීම සඳහා ඇත්තේ
ක්‍රොප් කිරීම,
එළිය අඳුර පාලනය හා
ක්ෂේත්‍ර ගැඹුර පමණයි.
මේ හේතුව නිසාම
චිත්‍රශිල්පීන් අතර අනන්‍යතාවය
ඡායාරූපශිල්පීන් අතරට වඩා වැඩියි.
එළිය අඳුර පාලනය හා
ක්ෂේත්‍ර ගැඹුර පමණයි.
මේ හේතුව නිසාම
චිත්‍රශිල්පීන් අතර අනන්‍යතාවය
ඡායාරූපශිල්පීන් අතරට වඩා වැඩියි.
ඡායාරූප ශිල්පීන්
කලාව වශයෙන් හදාරන්නෙ
චිත්‍රශිල්පීන් විසින්
මිනිස් ඇස හා මොළය භාවිතා කරමින් කළ
නිර්මාණ වලට උපයෝගී වුණ රීතීන්.
ඡායාරූප ශිල්පීන්ගෙ මාධ්‍යය වන කැමරාව
ක්‍රියා කරන විදිය මූලික වශයෙන් සමානයි.
ඔවුන්ගෙ දර්ශනයත්, ප්‍රකාශනයත්
එළිය අඳුර මත පදනම් වෙනවා.
කැමරාවෙ වෙනත් සීමාවන් වලටත් යටත් වෙන්න
ඔවුන්ට සිදුවෙනවා.
ඔවුන්ගෙ පුද්ගලික ජීවන දර්ශනයත්
ඡායාරූපයෙ කලාත්මක සෞන්දර්යයත් මත
ඔවුන්ගෙ අනන්‍යතාවය සකස්වෙනවා.
එවැනි විශේෂත්වයක් නැති ඡායාරූප ශිල්පියා
යන්ත්‍රයක් ක්‍රියාකරවන කුලීකරුවෙක් පමණයි.
ඇත්තට මුහුදු වෙරළෙ ඉන්න කෙනෙකුයි...
ඡායාරූපයකින් මුහුද දකින කෙනෙකුයි සැසඳුවොත්
ඔවුන්ගෙ අත්දැකීම් අතර පරතරය
අහසට පොළව වගෙයි.
තමන්ගෙ චිත්‍රාගාරෙට වෙලා
ඡායාරූපයක් බලාගෙන මුහුද
පිටපත් කරන පිටපත් ශිල්පියාත්
මුහුදු වෙරළටම ගිහින්
මුහුද බලාගෙන අඳින චිත්‍ර ශිල්පියාත් අතර
එවැනිම වෙනසක් තියනවා.
හොඳ චිත්‍ර ශිල්පියෙක් කියෙන්නෙ
සීමිත සම්පත් වලින් අසීමිත සම්පත් නිර්මාණය කරන
විශ්වකර්මයෙක්.
=========================================================
================================================================
අපි ඉන්න කෝණය අනුව
හැම දෙයක්ම වෙනස් වෙලා පෙනෙනවා.
දෙවනුව
ඔබ අඳුරු කරල තියෙන්නෙ
ඡායාරූප වල වගේ
පැතළි පදාස විදියට.
අපි ගෝලාකාර දෙයක් අඳින කොට
ගෝලාකාර ලෙස දැනෙන්න ඕනෙ.
අපේ පින්සල, පැන්සල, පෑන...
ඒ ගෝලාකාර තලයෙ හැඩය අනුව ගමන් කරන්න ඕන.
චිත්‍රයක් ඡායාරූපය ඉක්මවා යා යුතුයි.
කැමරාවට නොදැනෙන හැඟීමක්
චිත්‍ර ශිල්පියාට තියනවා.
ඡායාරූප ශිල්පියා කැමරාවෙන් සටහන් කරගන්නෙ
ආලෝකය ඇති හා නැති පදාස රැසක්.
ඒ පදාස වල හැසිරීම අනුව,
අපි හැඩ තල විඳිනවා.
ආලෝකය අඩු නම්
ඡායාරූප ශිල්පියාට හිසකෙස් කියන්නෙ
කළු පැහැති පදාසයක්.
පියවි ඇසෙන් දකින අපිට
හිස කියන්නෙ
රිද්මයකට ගලන හිසකෙස් පෙළක්.
අපි අඳින කොට
අපිට හිසකෙස් වල පැහැය පමණක් නොව
හැඩයත් ගමන් කරන දිසාවත්,
ඒ දිසාවේ ත්‍රිමාණ බවත්
දැනෙන්න ඕනෙ.
දක්ෂ ඡායාරූප ශිල්පීන්
මනාව ආලෝකකරණය කරමින්
චිත්‍රයක මෙන් හැඩතල හා අරමුණෙහි ත්‍රිමාණ බව
මතු කරන්නට සමත් වෙනවා.
ඡායාරූප ශිල්පියාට දැනෙන දේ
කොතරම් ප්‍රබලව දැණුනත්
සටහන් කරද්දී
ඔහු කැමරාවේ සීමාවන්ට යටත්.
ආලෝකය අඩු නම්
කැමරාවටහිසකෙස් කියන්නෙ
කළු පැහැති පදාසයක්.
චිත්‍රශිල්පියෙකුගෙ හැඟීම
චිත්‍රයකට සම්ප්‍රේෂණය කරන්නට
ඔහුට ඊට වඩා අවස්ථා තියනවා.
ඔබ තමාට දැනෙන ත්‍රිමාණ බව
හැඟීමක් විදියට විඳිමින්
චිත්‍රය මගින් නිරූපණය කළ යුතුයි.
එහෙම නැතුව
ඔබ ඡායාරූපය පිටපත් කළොත්
ඔබ ඉන්නේ ඡායාරූප ශිල්පියාටත් පහළින්.
================================================================
තවත් අදාළ ලිපි
.
.
බොරුකාරයන්ගේ ඩිජිල්මාට් චිත්‍ර සහ සැබෑ චිත්‍ර
No comments:
Post a Comment