Tuesday, August 19, 2014

වර්ණ යෙදීම සුළු දෙයක්.



අතත් හිතත් නිදහස් කරගන්න.
http://youtu.be/d54XXmex1Nk
.
Prabath Zoysa  
හරිම පුදුම විදියට වර්ණ වලින් ඔහු මුහුණ මතු කලේ 
ඔබට පුලුවන්ද වර්ණ යෙදීම ගැන ටිකක් පැහැදිලිකරන්න...
 --------------------------------------------------------------------------

වර්ණ යෙදීම සුළු දෙයක්.
වර්ණ යොදනකොට ඔහු ඉන්න
මානසිකත්වයෙයි රහස තියෙන්නෙ.
මේ නිදහසයි වටින්නෙ.
ඒ මානසිකත්වය හුරු වෙනකොට
ඔහු අඳින ක්‍රමය දන්නෙ නැති වුණාට
ඔබ මේ විදියට වැඩ කරාවි..

අතට අහුවෙන ඕනම පාටක් තවරන්න කියල
අඹපු මුහුණක්, මූර්තියක් දුන්නොත්
ඔබට පාට තවරන්න ගැටළුවක් තියනවද.?

අඹපු මුහුණක්, මූර්තියක් දකිනවා වගේ
මුහුණක් හිතෙන් දකින්න පුලුවනි නම්
මුහුණෙ හැඩ තල හොඳින් දන්නවා නම්
අතට අහුවෙන ඕනම පාටක් තවරලා
ඒ ත්‍රිමාණ හැඩය ගන්න පුලුවන්..

චිත්‍ර අඳින්න ඉගෙන ගන්නවා කියන්නෙ
තමන්ගෙ හිතේ දකින රූපය
පැහැදිලි කරගැනීමටයි..

චිත්‍ර අඳිනවා කියලා
අපි කරන ඕනෙම දේකින් ඒක වෙන්නෙ නැහැ.
ගීයක් වාදනය කරලා
අතපය වැනුවට නර්තනයක් වෙන්නෙ නැහැ.
අතපය වනන කෙනාගෙ හිත රිදෙන නිසා
ලස්සණ නැටුම කියල
ඔහු හිතන දේ තහවුරු කළත්
ඔහු නර්තන ශිල්පියෙක් වෙන්නෙ නෑ.

ඔහු ඉන්න තැන ඉඳලා
නර්තනයට කලින් පියවරක් තියනවා.
මේ පියවර අත් හැරලා
චිත්‍ර අඳින්න හදන අය තමයි
වැඩියෙන් ඉන්නෙ.

මම ජීවිත කාලෙන් තුනෙන් දෙකක්ම..
තවමත් ඒ පියවරෙයි ඉන්නෙ.

No comments:

Post a Comment