Tuesday, August 12, 2014

මේ චිත්‍රය ඇස් බැන්දුමක්.




දුරට පෙනෙන ත්‍රිමාණ බව සහ විස්තර
ළං වෙලා බැලුවොත් නැහැ..
ශිල්පීය නිපුණතාවයට වඩා
දකින දේ ත්‍රිමාණව විඳින්න ඇති හැකියාව වැදගත්.
 ඒ හැකියාව හැදෙන්න නම් සජීවී රූප බලාගෙන අඳින්න ඕන.
ඡායාරූපයක් වුණත් ත්‍රිමාණව දකින්න ඇස හුරුවෙන්න ඒ විදියටයි..

ජීව චිත්‍ර ඇඳීම, ඡායාරූපයක් බලාගෙන ඇඳීමට වඩා වෙනස් .
ඡායාරූපයක් බලාගෙන අඳින විට
අපි වෙනත් ද්විමාන තලයක අඳින්නෙ
එවැනිම ද්විමාන තලයක
තනි ඇසකින් බලා
එළිය අඳුර මගින් සටහන් කරගත්
සීමිත තොරතුරු ටිකක්.


කැමරාව එකැස් කණෙක්.
කැමරාවට එළිය විතරක් නෙමෙයි..
අඳුරත් අවශ්‍යයි.

  ඇසට එළිය වැදගත්.
ඇසට අඳුර වැදගත් නැහැ.
අපේ පැත්තෙන් එළියක් දැල්වුවත්
අපිට වස්තුවක ත්‍රිමාණ බව පෙනෙනවා.
එවැනි අවස්ථාවක
කැමරාවට පෙනෙන්නෙ පැතලි රූපයක්.
කැමරාවට අඳුර නැතුව බැහැ.


  කැමරාව දකින්නෙ ත්‍රිමාණ රූපයක් වුණාට
කැමරාවට ගන්නෙ ද්විමාන රූපයක්
එළිය අඳුර මගින් ලබා දෙන
සීමිත තොරතුරු ටිකක්.

ඇස කියවන්නෙ එළිය අඳුර නෙමෙයි.

අපි වස්තුවක් ඇත්තට දකින කොට
ත්‍රිමාණ ස්වරූපය දකින්නෙ
ඇස් දෙකෙන්ම ලැබෙන තොරතුරු වලින්.

http://lowvisionofmaryland.com/images/3d-2.jpg
ඇස කියවන්නෙ වස්තුවක ත්‍රිමාණ හැඩයයි.

අපි අඳින්නෙත් එළිය අඳුර නෙමෙයි..
වස්තුවේ සැබෑ ත්‍රිමාණ හැඩයයි.


ඒ හැඩය මතුවෙන විදියට
අපේ අත, ඇඟිලි, පින්සල, පෑන, සායම් හැසිරෙනවා.

හිසට උඩින් තියන ආරුක්කුවෙ
ඇතුල් පැත්ත හොඳින් බලන්න.


සිවුරෙ රැළි එකින් එක පැහැදිලිව ඇඳලා නැහැ.
ත්‍රිමාණව විඳින රැළි හැඟීමෙන් යුතුව  සටහන් කරලා තියනවා.

අඳින්නෙ කුමක්ද කියන හැඟීමෙන් කළ
කුරුටු ගෑමකුයි මෙහි තියෙන්නෙ.
ත්‍රිමාණ හැඩය හිතේ තියාගෙන කළ කුරුටු ගෑමක්..

ඔබ මෙහි වැඩි ප්‍රදේශයක දකින්නෙ
හිස් දුඹුරුපාට කඩදාසියයි.

මෙහි ඔබ දකින දේ පිළිබඳ
අත්‍යාවශ්‍ය ඉඟි කිරීමක් තියනවා.
ඒ ඉඟි කිරීමෙන් උත්තේජනය වෙන
ඔබේ විඤ්ඤාණය හිස් තැන් පුරවලා චිත්‍රය සකස් කරනවා.
 

 ආවරණය "Closure" 
ඔබ කලා අධ්යාපනයෙහිදී හදාරන දෙයක්.

එනම් ඔබ එහෙම්පිටින්ම ඉදිරිපත් නොකරන
නිර්මාණයෙහි ඉතිරි ටික සම්පූර්ණ කර ගන්නට
රසිකයා පෙළඹවීමයි, ඇවිස්සීමයි.
වැදගත් වන දේ මත...
ඇසට රැඳෙන්නට දෙන්න,
රස විඳින්නට දෙන්න,
එහෙත් ඉතා වැදගත් ක්‍රියාවලියක් වන
ආවරණය - Closure
කවදාවත් අමතක නොකරන්න.



චිත්‍රයක් අඳිනකොට
ඇසින් දකින හැම දෙයක්ම
අඳින්න අවශ්‍ය නැහැ.

ඇසට ඒ රූපය දකින්න අත්‍යාවශ්‍ය ප්‍රමාණය
අපි තෝරා දිය යුතුයි.

මේ චරිතය ගැන බොහෝ දේ දැනගන්න
මේ කොටස ප්‍රමාණවත්.

අපේ විඤ්ඤාණයෙ තියන තොරතුරු වලින්
හිස් තැන පුරවගෙන අපි කැමති විදියට
අපි හිතන විදියෙ චරිතයක් අපේ හිතේ අපි අඳිනවා.

ඒ චිත්‍රය සත්‍ය රූපය නොවෙන්න පුලුවන්.

ඒත් අපි ඇඳගන්න රූපයෙන් 
අපි තෘප්තිමත් වෙනවා.

මේ හිස්තැන අපිට අවශ්‍ය දෙයින් පුරවා ගන්න
අපට ඉඩ සලසන චිත්‍ර, ඡායාරූප, මූර්ති ආදී
සෞන්දර්ය කලා මාධ්‍ය Abstract  කලාව කියල හඳුන් වනවා.

Abstract චිත්‍ර,

 
Abstract ඡායාරූප,
 
Abstract මූර්ති
ඕනම කලා නිර්මාණයක් යම් ප්‍රමාණයකට
Abstract  කියල කියන්න පුලුවන්.

THIS IS NOT A PIPE
"මේ පයිප්පයක් නෙමෙයි"
රෙනේ මැග්‍රිට් 
ඔහුගේ මේ චිත්‍රය පිළිබඳව මෙසේ කියයි.
"ප්‍රසිද්ධ පයිප්පය.

  මිනිසුන් ඒ පිළිබඳව
මට කොතරම් අවලාද,
නින්දා අපහාස කළාද?

 
ඔබට එහි දුම්කොළ පිරවිය හැකිද?

  බැහැ. 
එය ප්‍රතීර්මාණයක් විතරයි.
එසේ නොවේද?

ඉතින් මම මගේ චිත්‍රයෙහි
"මේ පයිප්පයකි" කියා
ලියා තැබුවා නම්.....
මා කියන්නේ බොරුය."
අපි දකින්නෙ සත්‍ය දේ නෙමෙයි.

අපි දකින්නෙ කලාකරුවා පෙන්වන දේත් නොවෙන්න පුළුවන්..


එක ඉන්දියානු කවියෙකුගෙන්
කෙනෙක් අහල තියනවා,
"ඔබ සඳ දකින්නෙ කොහොමද"කියල.
ඔහු කිව්වලු...
"බඩගිනි වුණ වෙලාවට නම්
රොටියක් වගේ" කියලා.
 
--------------------------
අපි දකින්නෙ අපේම නිර්මාණයක්.
අපට ඒ නිදහස වැඩියෙන්ම තියෙන්නෙ
Abstract  කලාව තුළයි.
-------------------------------------------------
.

No comments:

Post a Comment