Thursday, August 21, 2014

පරිගණක චිත්‍රකලාවට ඔබ බය නම්....




මේ 1997 - 2002 අතර කාලයේ
ෆොටෝෂොප් සහ කොරල් ඩ්‍රෝ මගින්
මා කළ ඩිජිටල් නිර්මාණ කිහිපයක්.
මෙහි එන බොහෝ නිර්මාණ ඉතා දුර්වලයි.
තාක්ෂණික අතින් මෙන්ම
නිර්මාණාත්මක අතිනුත් දුර්වලයි.


ආධුනිකයන් විදියට තමන්ගෙ නිර්මාණ වල දුර්වල මට්ටම ගැන
හීනමානයක් තියන නවකයන්ට ආදර්ශයක් විදියට මේ ටික පෙන්වනවා.
.
තනිකරම හිතේ අසාවත් විශ්මයත් මත
පරිගණක හරඹය තනිවම හදාරමින්
කරන ලද නිර්මාණයි මේ.



මේ මා විසින්ම ඉගෙන ගන්න  මුලින්ම  හදාගත් අභ්‍යාසයක්.
https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn1/58288_3896925708312_606776897_n.jpg



සුද්දිලාගෙ කතාව කරද්දි මට මුද්‍රණයට භාවිතා කරන
රෙසලූෂන් ගැනවත් හරි අවබෝධයක් තිබුණෙ නැහැ.

 Mask කරන්න දැනගෙන හිටියෙ නැහැ..
කොළයක් කපල අලවනව වගේ හැඟීමකින් මම වැඩ කළේ.


https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash2/577116_3896217970619_1467074701_n.jpg


පසුව සංස්කරණය කරන ලද පොත් කවර.








 



 
අද ඉන්න බොහෝ ළාබාල නිර්මාණ කරුවන්
එදා මට වඩා ගව් ගාණක් ඉදිරියෙන් ඉන්නවා.

හිත එකඟ කරගෙන
තමන්ගෙ ක්ශේත්‍රයෙ අහුමුළු අත නොහැර
නිසි උනන්දුවෙන් හදාරමින් ඉදිරියට ගියොත්
ඔවුන්ට බොහෝ දුර යන්න පුළුවන්.

සුද්දිලාගෙ කතාව කරද්දි
මට මුද්‍රණයට භාවිතා කරන
රෙසලූෂන් ගැනවත්
හරි අවබෝධයක් තිබුණෙ නැහැ.

මොන දුර්වලකම් තිබුණත්
ඒ හැම එකක්ම
දීර්ඝ පියගැට පෙළක සාමාජිකයන් වශයෙන්
අදත් මට වැදගත් වෙනවා.



මෑත කාලයේ පරිගණකය ඇසුරෙන් කළ නිර්මාණ.

http://www.stephenjared.com/artists.php
Soft wares used  Manga Studio Photoshop Corel Painter

http://www.stephenjared.com/artists.php
http://www.amazon.com/Ten---Week-Steale-Stephen-Jared/dp/1470199386/ref=la_B006ZE8PMK_1_2?s=books&ie=UTF8&qid=1408655637&sr=1-2



 





























No comments:

Post a Comment