Friday, December 28, 2012

වයස හතට අඩු කුඩා දරුවන්ගේ ජීව චිත්‍ර


 සරල සජීවී වස්තූන්
බලාගෙන ඇඳීමේදී
අඳින්නට නුහුරු හෝ
රේඛා චිත්‍ර වලට හුරු
වැඩිහිටියන්ට වඩා හොඳින්
වයස හතට අඩු කුඩා දරුවන්
කැපී පෙනෙන දක්ෂතා පෙන්වයි.

සන්ජේ -අවු 6 1/2
 
සන්ජේ -අවු 6 1/2


ශාක්‍යා 4 1/2

ශාක්‍යා 4 1/2
ජීවී චිත්‍ර ඇඳීම කුඩා දරුවන්ට ඉතා පහසුය.
ඔවුන් අඳින්නේ ඔවුන්ට පෙනෙන දේ නොව
ඔවුන්ට දැනෙන දේය.

අපේ රුචිකත්වයට අවශ්‍යදේ
ඔවුන් ලවා කරගන්නට
අප වෑයම් නොකළ හොත්
ඉතා සජීවී චිත්‍ර ඇඳීම
ඔවුන්ට පහසුය.

රේඛා චිත්‍ර වලට යොමු නොවූ
කුඩා දරුවන්ට වර්ණ පදාස වලින්
හැඟීම් ප්‍රකාශ කිරීම පහසුය.

කුඩා දරුවන් මෙන් හැඟීමෙන් චිත්‍ර අඳින
වැඩිහිටි චිත්‍ර ශිල්පියෙකු ලෙස
මා දන්නේ වැන් ගෝ පමණි.

ශාක්‍යා නිතර චිත්‍ර අඳින දැරියක් නොවේ.
එහෙත් නාට්‍ය, නැටුම්, සංගීතය ආදිය
උද්‍යෝගයෙන් යුතුව රස විඳින්නියකි.

No comments:

Post a Comment