මිනිස් සිරුරක හැඩ හැදෙන්න
ඇටසැකිල්ල සහ පේශි
තියන ආකාරය අනුවයි.
මෙවැනි චිත්‍රයක් අඳිද්දි ඒ දැනුම ප්‍රයෝජනවත්.
හැඩ එකක් මතින් අනික තියන විදිය අනුව
රේඛා චිත්‍රයෙ ගැඹුර සහ
ත්‍රිමාණ බව තීරණය වෙනවා.
ඒ දේවල් සැලකීමෙන්
රසිකයාට විඳින්න පහසුවක් සැලසෙනවා.
--------------------------------------------------------------------------------------
කලාකරුවෙක් සත්‍යය
පිටපත් කළයුතු නැහැ.
අසත්‍යය මගින් වුවත්
සත්‍යය ප්‍රකාශ කිරීම
ඔහුගේ වගකීමක්.
---------------------------------------------------------------------------
ලී ජෙෆ්‍රීස්ගේ ඡායාරූපයක්.
පැන්සලෙන් හො වර්ණ වලින් වුවත්
නිදහසේ අඳින්නට සුදුසු ඡායාරූප රැසක්
ලී ජෙෆ්‍රීස්ගේ ඡායාරූප අතුරෙන්
සොයා ගන්නට පුලුවන්..
මෙහි ඇති අපූර්වත්වයේ සුන්දරත්වය
විඳින්න බොහෝ දෙනෙකුට අපහසු වෙයි.
සාමාන්‍ය ඡායාරූපයකට වඩා
මෙවැන්නක් ඉතාම අභියෝගාත්මකයි.
නිතර ඇඳීමෙන් එන ඇබ්බැහිකම්
චිත්‍රවල ජීවගුණයට හා හැඟීමට
බාධා පමුණුවනවා.
මෙවැන්නක් අඳින විට
ඇබ්බැහි වුණ ආකාරයට අඳින්න බැහැ.
මේ ඡායාරූපය ඇසුරෙන්
Ajith Sanjeewa Cooray
අඳින ලද චිත්‍රයයි මේ.
මම අජිත්ගෙ දක්ෂකම
වැඩියෙන්ම දැක්කෙ
මේ චිත්‍රයෙන්..
අජිත් ඉතාම සාර්ථකව ඇඳල තියනවා.
අඩුපාඩු විදියට තියෙන්නෙ
ඡායාරූප බලාගෙන අඳිනවිට
වැළැක්වීමට අපහසු මූලික අඩුපාඩු තමයි..
ඇස කියන්නෙ ගෝලයක්..
කුහරයක් තුල තියන ගෝලයක්..
ඇසේ ගෝලාකාර හැඩයත්
ඇස් කුහරයෙ ඇතුළට නෙරා ගිය ගතියත්
ඡායාරූපයක සටහන් වෙන්නෙ
එළිය අඳුර වශයෙන්..
ඉතාම ප්‍රාථමික හා බාල විදියට
ඇස වටා තියන එළිය අඳුර පිටපත් කරල
ඒ පෙනුම ගන්න පුලුවන්.
එය චිත්‍රයක් නෙමෙයි...
මිනිස් යන්ත්‍රයක් විසින් කළ ඡායා පිටපතක්.
අජිත් එහෙම කරල නැහැ.
එහෙම කළා නම් වටිනාකමකුත් නැහැ.
ඒත් ඡායාරූපයකින් ඇන්දත්
චිත්‍රශිල්පියා ඇසේ සහ..
මුහුණෙ අනික් පෙදෙස් වල
ගෝලාකාර ත්‍රිමාණ හැඩය
සිතින් විඳිය යුතුයි.
ඒ හැඟීමෙන් යුතුව
ගෝලාකාර ත්‍රිමාණ හැඩය මතුකරන්න
එළිය හා අඳුර යොදා ගත යුතුයි.
මුහුණෙ යම් යම් තැන්වල
පේශි තුනී වෙලා හිස් කබල මතු වෙනවා.
එවැනි තැන් හඳුනාගෙන මතුකළ යුතුයි.
ඡායාරූප ශිල්පියා කැමරාවෙන් සටහන් කරගන්නෙ
ආලෝකය ඇති හා නැති පදාස රැසක්.
ඒ පදාස වල හැසිරීම අනුව,
අපි හැඩ තල විඳිනවා.
ආලෝකය අඩු නම්
ඡායාරූප ශිල්පියාට හිසකෙස් කියන්නෙ
කළු පැහැති පදාසයක්.
පියවි ඇසෙන් දකින අපිට
හිස කියන්නෙ
රිද්මයකට ගලන හිසකෙස් පෙළක්.
අපි අඳින කොට
අපිට හිසකෙස් වල පැහැය පමණක් නොව
හැඩයත් ගමන් කරන දිසාවත්,
ඒ දිසාවේ ත්‍රිමාණ බවත්
දැනෙන්න ඕනෙ.
.
අපි ගෝලාකාර දෙයක් අඳින කොට
ගෝලාකාර ලෙස දැනෙන්න ඕනෙ.
වස්තුවක ත්‍රිමාණ බව
දෑසින්ම විඳින අත්දැකීම මගින්
අපිට හැඟීමක් විදියට දැනෙනවා..
වර්ණ අතින් හසුරුවමින් අඳිනකොට
චිත්‍රශිල්පියා එකතු කරන හැඟීම කැමරාව දෙන්නෙ නැහැ.
=========================================================
තවත් අදාළ ලිපි
.
ජීව චිත්‍ර ඇඳීම, ඡායාරූපයක් බලාගෙන ඇඳීමට වඩා වෙනස්
.
බොරුකාරයන්ගේ ඩිජිල්මාට් චිත්‍ර සහ සැබෑ චිත්‍ර
ඇටසැකිල්ල සහ පේශි
තියන ආකාරය අනුවයි.
මෙවැනි චිත්‍රයක් අඳිද්දි ඒ දැනුම ප්‍රයෝජනවත්.
හැඩ එකක් මතින් අනික තියන විදිය අනුව
රේඛා චිත්‍රයෙ ගැඹුර සහ
ත්‍රිමාණ බව තීරණය වෙනවා.
ඒ දේවල් සැලකීමෙන්
රසිකයාට විඳින්න පහසුවක් සැලසෙනවා.
--------------------------------------------------------------------------------------
කලාකරුවෙක් සත්‍යය
පිටපත් කළයුතු නැහැ.
අසත්‍යය මගින් වුවත්
සත්‍යය ප්‍රකාශ කිරීම
ඔහුගේ වගකීමක්.
---------------------------------------------------------------------------
ලී ජෙෆ්‍රීස්ගේ ඡායාරූපයක්.
පැන්සලෙන් හො වර්ණ වලින් වුවත්
නිදහසේ අඳින්නට සුදුසු ඡායාරූප රැසක්
ලී ජෙෆ්‍රීස්ගේ ඡායාරූප අතුරෙන්
සොයා ගන්නට පුලුවන්..
මෙහි ඇති අපූර්වත්වයේ සුන්දරත්වය
විඳින්න බොහෝ දෙනෙකුට අපහසු වෙයි.
සාමාන්‍ය ඡායාරූපයකට වඩා
මෙවැන්නක් ඉතාම අභියෝගාත්මකයි.
නිතර ඇඳීමෙන් එන ඇබ්බැහිකම්
චිත්‍රවල ජීවගුණයට හා හැඟීමට
බාධා පමුණුවනවා.
මෙවැන්නක් අඳින විට
ඇබ්බැහි වුණ ආකාරයට අඳින්න බැහැ.
මේ ඡායාරූපය ඇසුරෙන්
Ajith Sanjeewa Cooray
අඳින ලද චිත්‍රයයි මේ.
මම අජිත්ගෙ දක්ෂකම
වැඩියෙන්ම දැක්කෙ
මේ චිත්‍රයෙන්..
අජිත් ඉතාම සාර්ථකව ඇඳල තියනවා.
අඩුපාඩු විදියට තියෙන්නෙ
ඡායාරූප බලාගෙන අඳිනවිට
වැළැක්වීමට අපහසු මූලික අඩුපාඩු තමයි..
ඇස කියන්නෙ ගෝලයක්..
කුහරයක් තුල තියන ගෝලයක්..
ඇසේ ගෝලාකාර හැඩයත්
ඇස් කුහරයෙ ඇතුළට නෙරා ගිය ගතියත්
ඡායාරූපයක සටහන් වෙන්නෙ
එළිය අඳුර වශයෙන්..
ඉතාම ප්‍රාථමික හා බාල විදියට
ඇස වටා තියන එළිය අඳුර පිටපත් කරල
ඒ පෙනුම ගන්න පුලුවන්.
එය චිත්‍රයක් නෙමෙයි...
මිනිස් යන්ත්‍රයක් විසින් කළ ඡායා පිටපතක්.
අජිත් එහෙම කරල නැහැ.
එහෙම කළා නම් වටිනාකමකුත් නැහැ.
ඒත් ඡායාරූපයකින් ඇන්දත්
චිත්‍රශිල්පියා ඇසේ සහ..
මුහුණෙ අනික් පෙදෙස් වල
ගෝලාකාර ත්‍රිමාණ හැඩය
සිතින් විඳිය යුතුයි.
ඒ හැඟීමෙන් යුතුව
ගෝලාකාර ත්‍රිමාණ හැඩය මතුකරන්න
එළිය හා අඳුර යොදා ගත යුතුයි.
මුහුණෙ යම් යම් තැන්වල
පේශි තුනී වෙලා හිස් කබල මතු වෙනවා.
එවැනි තැන් හඳුනාගෙන මතුකළ යුතුයි.
ඡායාරූප ශිල්පියා කැමරාවෙන් සටහන් කරගන්නෙ
ආලෝකය ඇති හා නැති පදාස රැසක්.
ඒ පදාස වල හැසිරීම අනුව,
අපි හැඩ තල විඳිනවා.
ආලෝකය අඩු නම්
ඡායාරූප ශිල්පියාට හිසකෙස් කියන්නෙ
කළු පැහැති පදාසයක්.
පියවි ඇසෙන් දකින අපිට
හිස කියන්නෙ
රිද්මයකට ගලන හිසකෙස් පෙළක්.
අපි අඳින කොට
අපිට හිසකෙස් වල පැහැය පමණක් නොව
හැඩයත් ගමන් කරන දිසාවත්,
ඒ දිසාවේ ත්‍රිමාණ බවත්
දැනෙන්න ඕනෙ.
.
අපි ගෝලාකාර දෙයක් අඳින කොට
ගෝලාකාර ලෙස දැනෙන්න ඕනෙ.
වස්තුවක ත්‍රිමාණ බව
දෑසින්ම විඳින අත්දැකීම මගින්
අපිට හැඟීමක් විදියට දැනෙනවා..
වර්ණ අතින් හසුරුවමින් අඳිනකොට
චිත්‍රශිල්පියා එකතු කරන හැඟීම කැමරාව දෙන්නෙ නැහැ.
=========================================================
තවත් අදාළ ලිපි
.
ජීව චිත්‍ර ඇඳීම, ඡායාරූපයක් බලාගෙන ඇඳීමට වඩා වෙනස්
.
බොරුකාරයන්ගේ ඩිජිල්මාට් චිත්‍ර සහ සැබෑ චිත්‍ර