Saturday, September 21, 2024

දිය සායම් චිත්‍ර අඳින ආකාරය

 

 

 

දිය සායම් වලින්
නිවැරදිව අඳින ආකාරය
අපූරුවට පෙන්වන චිත්‍රයක්.

එකම වර්ණ පදාසය
ආලෝකය අඳුර පෙන්වමින්
භාවිතා කරන අයුරු බලන්න.

ඇත්තට තියන විදිය
ශිල්පියාට අදාළ නෑ..
කවියෙක් වගේ ව්‍යංගයෙන්
ඉඟි කරනවා පමණයි..
අපි අපේ මනසින්
හිස්තැන් පුරවා ගන්නවා.

වර්ණ තට්ටු තට්ටු
එක උඩ එක උලන්නෙ නෑ.

මුලින්ම චිත්‍රයට එක්කරන
දිය සායම් වියළෙන්න පළමුව
වර්ණ යෙදීම අවසන් කරනවා.
මේ බොඳවුණ ස්වභාවය
දිය සායම් චිත්‍රවල මූලික අංගයක්.

අඳුරු වර්ණවල දාරය
තියුණු විය යුතු තැන් අඳින්නෙ
පසුබිමේ වර්ණ වේලුණ පසුවයි.
මල් පෝච්චිය බලන්න.

ළාපාට පෙන්වන තැන්වල
තුනී වර්ණ අතරින්
කඩදාසියෙ සුද
විනිවිද පෙන්වීමයි ක්‍රමය.
ඒ ක්‍රමය මගින්
වර්ණවල දීප්තිය රැකෙනවා.

සුදු හයිලයිට් අඳින්නෙ නෑ.
කඩදාසිය ඉතිරි කරනවා.

සුදෙන් අඳින්නෙ නෑ වගේම
කලුපාට මිශ්‍ර කරන්නෙ නැතුව
වර්ණ මිශ්‍ර කිරීමෙන්ම
අඳුරු වර්ණ සකසා ගැනීම
ප්‍රවීණ දිය සායම් ශිල්පීන්ගේ
රීතියක්...

දිය සායම් චිත්‍ර අඳින අය
මේ චිත්‍ර ශිල්පියාගේ ප්‍රොෆයිල් එක
නිතර බලන්න.

දැඩි උනන්දුවක්, කැපවීමක් තියන අය
මේ චිත්‍රය පිටපත් කරල බලන්න.

තමන් අද ඉන්න තැන ඉඳලා
මේ ශිල්පියා ඉන්න තැනට
තාක්ෂණිකව තියන දුර ගැන
පොඩි අදහසක් ඇති කරගන්න පුලුවන්.
මේ හුරුව ඇති කරගත්තොත්
දිය සායම් චිත්‍ර ඇඳීම
ඉතා පහසුයි..

 

Tuesday, July 30, 2024

සම්පිණ්ඩණ රීති 001 - සමස්ත විශ්වයම සම්පිණ්ඩණයක්.

 







 

සම්පිණ්ඩණ රීති 001

සරල රේඛාවක් සහ වෘතයක්



සරල රේඛාවක් සහ වෘතයක්
පමණක් භාවිතා කරලා
අඳින චිත්‍රයකින් වුවත්
සංවේදී හිත්වල හැඟීම්
උත්තේජනය කරන්න පුළුවන්.

ඒ සඳහා ගැලපෙන
සම්පිණ්ඩණයක් අවශ්‍යයි.
සම්පිණ්ඩණ වෙනස් වෙනකොට
ඇතිවෙන හැඟීම් වෙනස්.

චිත්‍රයක්, ඡායාරූපයක් කියන්නෙ
සංඝටක රැසක සම්පිණ්ඩණයක්.

ශිල්පියා රීති ගැන  දැනුවත් වෙලා
හිතාමතා සම්පිණ්ඩණය නොකළත්
හැම නිර්මාණයක්ම සම්පිණ්ඩණයක්.


මේ චිත්‍ර කිහිපය
රේඛාවක සහ වෘතයක
සරල සම්පිණ්ඩනයක්.
මූලික සැකිල්ලක්.

පසුව තවත් අංග එක් කරමින්
වර්ණ යොදමින් යනකොට
චිත්‍රයක් බිහි වෙනවා.










සමස්ත විශ්වයම සම්පිණ්ඩණයක්.
අපි වෙසෙන මේ මඟුල් සක්වල
සෞරග්‍රහ මණ්ඩලය, පෘථිවිය
ආසියාව, අපේ රට, ගම හෝ නගරය
මේ සියල්ලම සම්පිණ්ඩණ.

අපේ මිදුල, නිවස, ආලින්දය
අපේ කාමරය, මේසය, අපි...
අපේ සිත හා කය ආදී සියල්ලම
විවිධ සංඝටකවල සම්පිණ්ඩණ.
මේ සම්පිණ්ඩණ හදාරන්න තමයි
අපි පාසලට, සරසවියට යන්නෙ.
දක්ෂ ගුරුවරු ඔවුන්ගේ දැනුම
සිසුවාට දිරවන්න පහසු වෙන්න
සම්පිණ්ඩණය කරනවා.

හැම දක්ෂයෙක්ම මතුවෙන්නෙ
තමන් සතු දේ සම්පිණ්ඩණයට
දක්වන හැකියාව මතයි.

විද්‍යාව සම්පිණ්ඩණවලත්
සංකීර්ණ සම්පිණ්ඩණයක්..
සංගීතය නර්තනය ආදියෙදි
රිද්මයානුකූල සම්පිණ්ඩණවලින්
මනස උත්තේජනය කරනවා.
චිත්‍රයත් ඇස හරහා කරන්නෙ
එවැනි පරිවර්තනයක්.
ඒ පරිවර්තනය නිසා අපේ සිතේ
කම්පන මාලා ප්‍රියමනාප නම්
අපි ඒ නිර්මාණවලට බැඳෙනවා.

චිත්‍රයක්, ඡායාරූපයක් කියන්නෙ
රේඛා, වර්ණ, හැඩතල ආදී
සංඝටක රැසක සම්පිණ්ඩණයක්.

ශිල්පියා රීති ගැන  දැනුවත් වෙලා
හිතාමතා සම්පිණ්ඩණය නොකළත්
හැම නිර්මාණයක්ම සම්පිණ්ඩණයක්.
යම් හැදෑරීමක් සහිතව
තමාගේ නිර්මාණය මගින් සිදුවෙන
වෙනස ගැන අවධියෙන් කරන නිර්මාණ
රසිකයාට මග පෙන්වීමක් කරනවා.
අපි පෙන්වන්නෙ මළ හිරු බසින
සුන්දර සැන්දෑවක අහස නම්
අපි ඔහුට වෙරළ පෙන්වන්නෙ අඩුවෙන්.
සමහර විට වෙරළ ඉඟියක් විතරයි.
අපි මළ හිරු සහ වර්ණවත් අහසට
මූලික අවධානය ලැබෙන විදියට
සම්පිණ්ඩණය යොදා ගන්නවා.

සම්පිණ්ඩණය කළ චිත්‍ර වල
රිද්මයක්, පිළිවෙලක්, සරල බවක්
බැලූ බැල්මටම දකින්න තියනවා.
බෝමලුවට බේබද්දෙක් වගේ
නොගැලපෙන අංග එක්වෙලා
චිත්‍රයේ අගය බාල වෙන්නෙ
සම්පිණ්ඩණය වැරදීමෙනුයි.

අකිරා කුරොසාවා හෝ
එවැනි වෙනත් කලාකරුවෙක් කිව්වා...
"කලා නිර්මාණයක අගය වැඩිවෙන්නෙ
නිර්මාණයට එක් කරන දෙයින් නොව
ඉවත් කරන දෙයින්" කියලා.

චිත්‍රයක, ඡායාරූපයක
සම්පිණ්ඩනයට බලපාන රීති
රැසක් ලෝකයේ ප්‍රචලිතයි.

ඉදිරියෙදි සලකා බලමු.

Sunday, January 9, 2022

චිත්‍රයක් සහ ඡායාරූපයක් අතර වෙනස කුමක්ද?

 

"චිත්‍රයක් සහ ඡායාරූපයක් අතර
වෙනස කුමක්ද?" කියා
මා නිතර කරන සංවාදයේ
තවත් පියවරක් මේ.

මෙහි පළමු වැන්න
ජනිත් වීරවර්ණගේ චිත්‍රයක්..

.
දෙවැන්න රුසියානු චිත්‍ර ශිල්පී
නිකොලායි ෆෙචින්ගේ චිත්‍රයක්.

.
තුන්වැන්න අන්තර්ජාලයෙන් ගත්
සාමාන්‍ය ඡායාරූපයක්.

.
සිව්වැන්න අසංක අනුජීවගේ චිත්‍රයක් පසුබිමේ
ඔහුගේ පියා සමග ගත් ඡායාරූපයක්.


මෙවර මේ සංවාදය ඇරඹුණේ
ජනිත් සමගයි.

මෙහි පළමු චිත්‍රය ඇන්ද
ජනිත් වීරවර්ණ කියනවා..
"කලාව තම තමන්ගේ පෞද්ගලික මතයන් අනුව වැටක් ගහලා නවත් වන්නට බෑ. තමන්ගේ මට්ටමින් අනුන්ගේ සිතුවම් සීමා කරන්නට බැහැ.
කලාව නීති දාලා කොටු කරන්නට බැහැ."

සොබා දහමේ
අනික් හැම දෙයක්ම වගේ
කලාවත් නීතිවලට යටත්.
ඒ නීති රැකිය යුතුයි කියා
නීතියක් නෑ..

ඡායාරූපයක් අඳින කෙනෙක්
ඒ ඡාරූපයේ නීතිවලට යටත්.
කැමරාවට නොපෙනුන තැන්
ඔහුට දකින්න බෑ.
ඒ පුද්ගලයාම වාඩි කරලා
ඔහු දිහා බලාගෙන ඇන්දොත්
කැමරාවට නොපෙනුන බොහෝ දේ
මිනිස් ඇසට පෙනෙනවා.
අවසානයට තියන
අසංක අනුජීවගේ චිත්‍රයේ
මේ වෙනස පැහදිලිව පෙනෙනවා.


ඔහු කණ ප්‍රදේශය මතු කරද්දී
වර්ණ යොදන්නේ අඳුර සලකා නොවෙයි.

ඔහු කැමරාව ඉක්මවා යනවා.



මීට අමතරව අපට බලපාන
තවත් නීති තියනවා.

කාගෙ හරි ඇණවුමකට චිත්‍ර අඳිනකොට
මම නොදැනුවත්වම ඔහුගෙ නීතිවලට යටත්..
ඔහුගෙ රුචිකත්වය තියෙන්නෙ
ඡායාරූප ශෛලියෙ චිත්‍රයකට නම්
මම ඔහුගෙ රාමුව තුළ කොටු වෙනවා.
ඔහු ඉල්ලන්නෙ චිත්‍රයක් නොවෙයි.
අතින් ඇන්ද ඡායාරූපයක්.
මම ඒ විදියට අඳිනවා.
ඔහුට රුචි විදියට චිත්‍රය නැත්නම්
ඔහු ඒ චිත්‍රය මිලට ගන්නෙ නෑ.

ඇණවුමකට අඳින කෙනෙක්
ඒ රාමුව තුළ කොටුවෙලා වැඩ කිරීම
මම වැරදියි කියන්නෙ නෑ.
ඒකට ඕනම කෙනෙකුට නිදහස තියනවා.
එහෙම නැත්නම් පැවැත්මක් නෑ.

මම කියන්නෙ වෙන දෙයක්.
මම කියන්නෙ චිත්‍රයක සහ
ඡායාරූපයක වෙනසක් තියනවා.
ඒ වෙනස පෙනෙනවාද නැද්ද කියන එක
කෙනෙකුට පුද්ගලික, ආවේණික දෙයක්.
සමහරුන්ට මේ වෙනස පෙනෙන්නෙ නෑ.

මම කෙනෙකුගෙ චිත්‍ර ගැන කතා කරන්නෙ
ඔහු වෙනස් කරන්න හිතාගෙන නොවෙයි.
ඔහුගෙ චිත්‍රය විශේෂ නිසයි.

ඡායාරූපයක් ඒ අයුරින්ම
පිටපත් කිරීමත් දක්ෂ කමක්.
ඒත් ඡායාරූපයක සීමාව
චිත්‍රයට වඩා පටු කුඩා සීමාවක්.
ඒ සීමාව තුළ තියෙන්නෙ
එළිය සහ අඳුර පෙන්වන
මූලිකම තොරතුරු විතරයි.

මිනිස් ඇසට කැමරාවට වඩා
පැහැදිලිව දකින්න පුලුවන්.

ඡායාරූප පිටපත් කිරීමට ඇබ්බැහිවීම නිසා
අවශ්‍ය්ව වුණත් ඡායාරූපය ඉක්මවා යන්න බැරි
චිත්‍ර ශිල්පීන් අද අප අතර බහුලව ඉන්නවා.
ඒ ශිල්පීන් දන්න එකම ක්‍රමය
සිත් පිත් නති කැමරාවක් කරන විදියටම
එළිය අඳුර අනුව සටහන් කිරීමයි.

ලයිෆ් ඩ්‍රෝවින් වලට දක්ෂ
හොඳ ත්‍රිමාණ දැක්මක් තියන
හැඩතල හොඳින් පෙනෙන චිත්‍ර ශිල්පියෙකුට
චිත්‍රයක් අඳින්න අවශ්‍ය වුණාම
ඡායාරූප ශිල්පියෙක් කරන විදියට
එක ආලෝක ප්‍රභවයක් භාවිතා කරන්න
කිසි සේත්ම අවශ්‍ය නෑ.

මේ සමග තියන
නිකොලායි ෆෙචින්ගෙ චිත්‍රය බලන්න.
එහි නිශ්චිත ආලෝක ප්‍රභවයක් නෑ.
ඔහු හැඩතල පෙන්වන්නට
කලු සහ සුදු භාවිතා කරනවා.
ඔහු සලකන්නෙ මුහුණෙ හැඩතල විනා
එළිය අඳුර අනුව හැදෙන
කලු සුදු සහ අලු රටාව නොවෙයි.
ඡායාරූපයක එළිය අඳුර වැටෙන කොට
එළිය වැඩිම තැන සහ එලිය අඩුම තැන
විස්තර අපිට දකින්න නෑ.
මිනිස් ඇස ඊට වඩා තියුණුයි.

ෆෙචින් අඳින නාසය බලන්න.
මිනිස් ඇසට පෙනෙන ආකාරයට
ඔහු නාසයේ හැම පැත්තම අඳිනවා.
නාසයේ සිදුර කලු කරලා නෑ.

ඡායාරූප වල මෙවැන්නක්
ඔබට දැකිය හකිද?
ඔහු එළිය අඳුර සලකන්නේ නෑ.
ඔහු කැමරාවක් නොවෙයි.

ඉතා දක්ෂ ඡායාරූප ශිල්පීන්
චිත්‍ර ශිල්පීන් අනුගමනය කරමින්
ආලෝක ප්‍රභවයන් කිහිපයක් භාවිතාවෙන්
මේ වගේ හැඩතල බහුල ඡායාරූප
නිර්මාණය කරනවා.
ෆෙචින් හිතන්නෙත් දකින්නෙත්
චිත්‍ර ශිල්පියෙක් වගෙයි.

"ඒ ෆෙචින්ගෙ ශෛලිය" කියල
කියන අය ඉන්න පුලුවන්.
ඔව්...ෆෙචින්ගෙ ශෛලිය
අපි නිතර දකින චිත්‍රවලට වඩා
බොහෝ වෙනස් ශෛලියක්.
ෆෙචින්ගෙ ශෛලිය වෙනස් වෙන්නෙ
ඔහු දකින විදියත් අඳින විදියත්
ඡායාරූප ශිල්ප ක්‍රමය නොවෙන නිසයි.

මේ වෙනස් කම් ගැන සිහියෙන්
අපි දකින චිත්‍ර ශෛලිය විමසද්දි
ඒ චිත්‍රයක්ද ඡායාරූපයක්ද කියා
වෙන් කර හඳුනා ගන්න තරමට
අපේ ඇස දියුණු වෙනවා.
එතෙක් මම මේ කියන දේ
වැටහෙන එකක් නෑ.
.
______Athula Siriwardhane









Friday, November 12, 2021

චිත්‍රයට සාපේක්ෂව ඡායාරූපය දුර්වල මාධ්‍යයක්.



ඡායාරූපය දුර්වල මාධ්‍යයක්.

ඕනම කෙනෙකුට ඡායාරූප ගන්න පුලුවන්.
හොඳ ඡායාරූපයක් ගන්න නම්
ඔහු අතිදක්ෂයෙක් වෙන්න ඕන.
ඔහු චිත්‍ර ශිල්පියෙක් වගේ සංයමයෙන්
තමන්ගෙ අරමුණ දකින්න ඕන...
ඒ වගේ හැඟීමෙන් ඒ අවබෝධයෙන්
ආලෝකය හසුරුවන්න ඕන.
ඒ ඡායාරූපය ඕන කෙනෙකුට ගන්න බෑ.

මේ අවස්ථාව, 

මේ කතාව තව ටිකක්
විස්තාරණය කරල තේරුම් ගන්න
අපිට උපයෝගී කරගන්න පුලුවන්..

අසංකගෙ මේ අපූරු චිත්‍රය...
දුර්වල කැමරා ඇස සහ මිනිස් ඇස අතර වෙනස
සංසන්දනාත්මකව මනාව පෙන්වන රූපයක්.
ඡායාරූප ඒ විදියටම අඳින අයට හිතන්න..
තමන් ඉන්න තැන බලාගන්න හොඳ තැනක්...

කැමරාව දකින්නෙ තනි ඇහෙන්.
මිනිසා දකින්නෙ ඇස් දෙකෙන්...


ඇස් දෙකෙන් අපට පෙනෙන්නෙ රූප දෙකක්.
අපි ඒ රූප දෙක මිශ්‍ර කරලා
තනි ත්‍රිමාණ රුවක් දකිනවා.
කැමරාවට ඒක කරන්න බෑ.
ත්‍රමාණ චිත්‍රපටි හදන අය
කැමරා දෙකක් උපයෝගී කරගෙන.
ඒ තාක්ෂණය භාවිතා කරනවා...


ඡායාරූපයක් අඳින කෙනාට ලැබෙන්නෙ
තනි ඇසෙන් දැකපු පැතලි රුවක්.
අසංකගෙ චිත්‍රයට එහා පැත්තෙන්
අසංකගෙ පියා දිහා බැලුවාම
කැමරාවෙන් දැකපු පැතලි රුව
අපට දකින්න පුලුවන්.
අසංකගෙ චිත්‍රයෙ තියෙන්නෙ
මිනිස් ඇසෙන් දුටු ත්‍රිමාණ රුව.
ඒ එක සාධකයක්.

අනිත් සාධකය එළිය සහ අඳුර.

මේ කැමරාවටත්
අසංකගෙ ඇසටත් ලැබෙන්නෙ
මේ අවස්ථාවෙ පියාගෙ මුහුණෙන්
පරාවර්තනය වෙන එකම ආලෝක කිරණ.
ප්‍රතිඵල දෙක කොතරම් වෙනස්ද?


අසංකට පෙනෙන වර්ණ කැමරාවට පෙනෙන්නෙ නෑ.
කැමරාව දකින්නෙ එළිය අඳුර විදියට.
කැමරාවට ත්‍රිමාණ දැක්මක් නැති නිසා
එලිය අඳුරෙන් ගැඹුර පෙන්වනවා.
මිනිස් ඇසට පෙනෙන හැඩතල
කැමරාවට පෙනෙන්නෙ නෑ...

චිත්‍ර ශිල්පියා දකින්නෙත් පෙන්වන්නෙ
එලිය අඳුර නොවෙයි...
ඔහු දකින්නෙ එක එක තලවල තියන
එකක වර්ණ වල රටාවයි..

තමන්ට අවශ්‍ය විදියට
අවශ්‍ය තැනට ආලෝකය දෙන්න
චිත්‍ර ශිල්පියාට පුලුවන්.

අසංකගෙ චිත්‍රයේ කණ ප්‍රදේශයට
වෙනම ආලෝකයක් ඔහු පතිත කරලා...
කැමරාවට ඒක කරන්න බෑ.
දක්ෂ ඡායාරූප ශිල්පීන් මේ වෙලාවට
ඒ ප්‍රදේශයට විතරක් වැටෙන්න
ප්‍රමානවත් දුර්වල ආලෝක කදම්බයක්
වෙනම පතිත කරනවා.
ඒ වෙලාවට ඒ ඡායාරූප ශිල්පියා හිතන්නෙ
චිත්‍ර ශිල්පියෙක් හිතන විදියටයි.
ඔහු පින්සල අතට ගත්තොත්
චිත්‍රත් හොඳට අඳින්න පුලුවන්.

ඡායාරූප ශිල්පීන්ගෙ ආලෝකකරණය
චිත්‍රශිල්පීන් විසින් හැදෑරිය යුතු
ඉතා ප්‍රයෝජනවත් ක්ෂේත්‍රයක්.

Franco Ziparellyගෙ
Jesus of Nazareth ටෙලි චිත්‍රපටයේ
එක දර්ශනයක
දොරක හෙවනැල්ල වැටෙන තැනක
මැටි බඳුන් රාක්කයක් තියනවා.
ඒ රාක්කයෙ උඩම තට්ටුවෙ මැටි බඳුන්
පෙන්වන්න ඔහුට අවශ්‍ය වුණාම
ඔහු කළේ බඳුන්වලට පිටුපස
බිත්තිය ආලෝකවත් කිරීමයි.
ඒ රූපය පැතළියි. මතුවීම ගාණකට...
ඒ අධ්‍යක්ෂකවරයා එක කාලයක
වේදිකා අලංකරණ ශිල්පියෙක්.
ඒ අත්දැකීම මෙතනදි වැදගත්වුණා.

Jesus of Nazareth ටෙලි චිත්‍රපටයෙන්
මෙහි දැක්වෙන්නෙ වෙනත් අවස්ථාවක්.

ජේසුට පිටුපසින් ඉන්න මිනිසුන් මතු වෙන්න
දැලක් වැනි ආවරණය මතට
ඔහු විශේෂ ආලෝකයක් දීලා.
ජේසුගෙ හිසට පිටුපසින් වැටෙන
විශේෂ ආලෝකයත් එවැන්නක්.

කැමරාවත් මිනිස් ඇසත් අතර පරතරය
පියවන්නෙ දක්ෂ ඡායාරූප ශිල්පීන්.
ඔවුන්ගේ චිත්‍රවල තියන ලක්ෂණ
හොඳ චිත්‍රවලට සමානයි.
බලාගෙන අඳිනවා නම්
කෙනෙක් තෝරාගත යුත්තෙ
එවැනි විශිෂ්ඨ ඡායාරූපයක්.

ඡායාරූප ශිල්පියා හිස් මනසක් තියන
කැමරා තාක්ෂණයට යටත් කෙනෙක් නම්
ඔහුගෙ ඡායාරූප දුර්වලයි..
ඔහු ඇස්දෙකෙන් දකින දේ
තනි ඇසෙන් ඡායාරූප ගත කරලා
මුළාවට පත් වෙනවා..
මේ දුර්වල ඡායාරූප භාවිතා කරලා
ඡායාරූපය වගේම චිත්‍ර ඇඳීමත්
ඒ වගේම දුර්වල අවස්ථාවක්.

ඡායාරූපයකින් ඇන්දත්
තෝරා ගන්න ඡායාරූපයෙන්
ඒ ශිල්පියා අඳින චිත්‍රයෙන්
ශිල්පියාගෙ ශක්‍යතාවය පෙනෙනවා.

කැමරාව, පෑන් පැන්සල් පින්සල්... මේ ඔක්කොම
අප්‍රාණික මෙවලම් විතරයි.
දක්ෂකම තියෙන්නෙ ශිල්පියාගෙ ආත්මයේ.
චිත්‍රය වගේම ඡායාරූපයත්
ආත්ම ප්‍රකාශනයක්.

 

 මේ අපූරු චිත්‍රය...අසංකගෙ.

Wednesday, June 16, 2021

හැඟීම් වලින් නොකෙළෙසෙන නි-මනස -බුදුන් වහන්සේ සහ Bruce Lee


බෘස් ලී රීති උපරිමයෙන් හදාරලා
රීති වලට වහල් නොවී සටන් කළ යුතුයි කියා උගන්වපු
අතිශයින්ම ස්වාභාවික සටන් කරුවෙක්.
ඔහු සටන් කලාව හැදෑරුවේ
සටන් කරන්න නෙමෙයි.
ආධ්‍යාත්මික දියුණුව සඳහායි.

සිත එකඟ කරගන්න
මත්පැනට හුරු වෙන
විශේෂ කුසලතා ඇති අය
මග වරද්දා ගන්නවා.
ඒ ඒකාග්‍රතාවය වැරදියි.
ඔවුන් සිතට වංචා කරනවා.

බෘස් ලී තමන්ගේ අරමුණ කරා යන්න
සිතේ පුළුල් දැක්ම භාවිතා කලේ
නිවැරදි ක්‍රමයටයි.

මත්පැන් වලින්
මේ මොහොත පිළිබඳ
සිහිය දුර්වල වෙනවා.
ප්‍රමාදය කියන්නෙ ඒකටයි..
පමාදට්ඨාන

සාමාන්‍යයෙන් අපි පොඩි පරාසයක්
තෝරාගෙන ජීවත් වුණාට
අපේ මනසටත් පසිඳුරන්ටත්
ලොකු පරාසයක් අසු වෙනවා.

ඔබ මේ තිරයෙන් ඇස් ඉවත් නොකර
අවට තියන දේවල් කොතරම් ප්‍රමාණයක්
දකින්න පුලුවන්ද කියා බලන්න.

අවට තියන ශබ්ද කොතරම් ප්‍රමාණයක්
ඔබට ඇහෙනවාද කියා බලන්න.

මත්පැන් බිව්වාම
මේ පරාසය අඩු වෙනවා.
පියවි ඇසෙන් බලන කෙනෙක්
කැමරාව තුළින්
යමක් දිහා බැලුවා වගේ.

ඒ පෙනෙන ප්‍රදේශයට
යොදාගන්න දේට
සිත යොමු කරගන්න පහසුයි.

බොබ් මාර්ලේ ඇතුළු බටහිර කලාකරුවන්
මෙන්ම සයිගාල් වැනි පෙරදිග කලාකරුවන්
අපේ රටේත් බොහෝ කලාකරුවන්
මත්පැනට වහල්වෙලා පිරිහුණා.

සාහිත්‍යයට, ගීත රචනයට සහ
වෙනත් කලාමාධ්‍යයන් වලට
මේ කිහිලිකරුව භාවිතා කරන අය
පසුකාලීනව නිර්මාණකරණය පිරිහිලා
මානසිකව අංග විකල වෙන්න පුලුවන්...
නිර්මාණශීලී බොහෝ අය
මේ උගුලට අසු වෙනවා.

ඒත් මේ ක්‍රමය හානිකරයි.

බාහිර දෙයක් භාවිතා කරලා
මනස වෙනස් කළොත්
වන්දි ගෙවන්න වෙනවා.
මත්ද්‍රව්‍ය වලදි මත්පැන් වලට වඩා
ඉක්මන් ප්‍රතිඵල ලැබෙනවා.
මත්පැන් වුණත් ප්‍රමාණය වැඩි නම්
ප්‍රතිඵල ඉක්මන්...

බටහිර බොහෝ ක්‍රම වගේ
තාවකාලික ප්‍රතිඵල තියනවා.

දීර්ඝකාලීනව අහිතකරයි.
මේ සමාධිය මිථ්‍යා සමාධියක්.
වැරදි සමාධියෙන් සිහිය අඩු වෙනවා.
කායිකවත් සිහිය විනාශ වෙනවා...
සංවේදී බව අඩු වෙනවා.
මනස පටු වෙනවා.

වයසට යද්දි සිහිය දුර්වල වෙනවා.
සමහර විට
සිහිය නැත්තටම නැති වෙනවා..
-------------------------------

බෘස් ලී නියම ක්‍රමය හොයා ගත්ත.
ඒ ක්‍රමය බුදුන් වහන්සේගෙ ක්‍රමය.

විපස්සනා සොයන්න මා පෙළඹුවේ
බෘස් ලීගේ නි-මනස පිළිබඳ සිද්ධාන්තයයි.

ඔහු -No-Mindedness - නමින් හැඳින්වූ
මානසික ස්වභාවය
ඊට වසර දහයකට පමණ පසුව
විපස්සනාව හමුවන තෙක්
ගවේෂණය කරන්න මා පෙළඹුවා.

Wu-hsin නම් වූ සංසිද්ධිය
නැත්නම් No-Mindedness කියන්නෙ
සියලු සිතිවිලි සහ හැඟීම්
පිට කර වසාගත් හිස් මනසක් නෙමෙයි
එසේම සිතෙහි නිසල බව
හෝ සිතෙහි නිහඬතාවයද නොවෙයි.

සිතෙහි සමාහිත බව හා නිසල බවද අවශ්‍ය නමුදු
නි-මනස නම් සිද්ධාන්තය සකස්වන්නේ
සිතුවිලි අල්ලා නොගැනීම මගිනි.

කුන්ග්-ෆු සටන් කරුවෙක් හැසිරෙන්නේ
කැඩපතක් මෙනි.
කැඩපත කිසිවක් රඳවා ගන්නේ නැත.
කිසිවක් පිළිකෙව් කරන්නේද නැත.
එයට ලැබෙන දේ එය රඳවා නොගනියි.

නි-මනස හැඟීම් වලින් නොකෙළෙසෙන ලෙස
ප්‍රතිශක්තිකරණය කළ මනසකි.

මේ පැහැදිලිවම
බුදුන් වහන්සේ දෙසූ විදර්ශනාවයි.

බුදුන් වහන්සේ
සම්පජානෝ සති කියන්නෙ
එකකට සාපේක්ෂව සියල්ල දැකීමට...

අපේ හැම ඉන්ද්‍රියකටම
සියල්ලම දැකීමෙ හැකියාව තියනවා.
නීවරණ නිසා අපිට පෙනෙන්නෙ
පවතින නීවරණය අනුව
අපිට පෙනෙන ටික විතරයි..

බුදුන් වහන්සේ සොයාගත්තෙ
තමන් දකින දේ
තනිව දැකීමෙන් මුදවලා
සියල්ලට සාපෙක්ෂව දැකීමයි..

හොඳ කලා කෘති වලත්
ඒ ගුණය තියනවා.
හොඳ කලා කෘති වල
නිකෙලෙස් බවට
එය හේතුවක් විය හැකියි.

අපේ හැම ඉන්ද්‍රියකටම
සියල්ලම දැකීමෙ හැකියාව තියනවා.
මේ මොහොතෙ ඔබ තිරයෙ මේ වචන ටික පෙණුනට
සිහියෙන් බැලුවොත්
ඔබ අවට විශාල ප්‍රදේශයක්
ඔබේ ඇසට වැටෙනවා.
මේ වචන කියවන ගමන්
ඔබට මේසය උඩ තියන
බොහෝ දේ අල්ලන්න පුලුවන්..

ඔබ තෝරා ගන්නා දේ ගැන
යොදවන අවධානය වැඩි නිසා
එය උපාදාන කරගන්නා අතර
ඔබට ලැබෙන තොරතුරු රාශියක් වැටෙන්නේ
මෝහයටයි...

සමස්ත රාමුවට සාපේක්ෂව
අරමුණ බලන්න
ඇස හුරුවෙන විට සිතත් පුළුල් වෙයි..

මම හිතන්නෙ ලෝකෙ ඉඳපු
දක්ෂම ක්‍රිකට් ක්‍රීඩකයන්
බෝලය දකින්නෙ
මුළු පිට්ටනියටම සාපේක්ෂව.

ලොව පැවති බොහෝ දර්ශන පිළිබඳව
මැනවින් හදාරා ඇති බෘස් ලීගේ අරමුණ වූයේ
සිතින් අල්ලා නොගෙන සියල්ලම ගැන සිහියෙන් විසීමෙන්
මමත්වයෙන් තොරව ක්‍රියා කිරීමයි.
ඔහු අරමුණු කළ මානසිකත්ව
යෙන් විසීම
බුදුන් වහන්සේ විදර්ශනාවේදී හඳුන්වන්නේ
සම්පජානෝ සතිමා විහරති යනුවෙනි.

මේ රහතන් වහන්සේගේ සිහියෙහි ස්වභාවයයි.
බෘස් ලී ඔහුගෙ සටන් ක්‍රමය හදාගත්තෙත්
මේ දැක්ම මුල් කරගෙනයි..

" Wu-hsin නම් වූ සංසිද්ධිය
නැත්නම් No-Mindedness කියන්නෙ
සියලු සිතිවිලි සහ හැඟීම්
පිට කර වසාගත් හිස් මනසක් නෙමෙයි
එසේම ඒ සිතෙහි නිසල බව
හෝ සිතෙහි නිහඬතාවයද නොවෙයි.
සිතෙහි සමාහිත බව හා නිසල බවද අවශ්‍ය නමුදු
නි-මනස නම් සිද්ධාන්තය සකස්වන්නේ
අරමුණ සිතින් අල්ලා නොගෙන 
සියල්ලම ගැන සිහියෙන් විසීමෙන්
මමත්වයෙන් තොරව ක්‍රියා කිරීමයි. "
අනිස්‌සිතො ච විහරති, 
න ච කිඤ්‌චි ලොකෙ උපාදියති.
 

Thursday, July 11, 2019

බටහිර චිත්‍රකතා ශිල්පීන් චිත්‍රකතා අඳින අයුරු


බටහිර චිත්‍රකතා වෙළඳපොලට
පිවිසෙන්නට සිහින මවන චිත්‍ර ශිල්පීන්ට
චිත්‍ර කතා අඳින්න ඉගෙන ගැනීමට
චිත්‍රකතා අඳින චිත්‍ර ශිල්පියෙකු අසලට වී
ඔහු අඳින අයුරු බලාසිටීම තරම් හොඳ
වෙනත් ක්‍රමයක් නැත.

චිත්‍ර කතා පිටුවක් අඳින අයුරු සහ
චිත්‍රකතා පොතක කවරයක් අඳින අයුරු
ආදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් දැක්වෙන
තෝරාගත් වීඩියෝ කිහිපයක්,
මූලිකාංග පිළිබඳ හැඳින්වීම් කිහිපයක් සහ
වෙනත් එවැනි වීඩියෝ වලට යොමු
මෙම පිටුවේ ඇත.
අන්තර්ජාලයේ ඇති සුවහසක් වීඩියෝ අතර
ජිම් ලීගේ වීඩියෝ පෙළ අනභිභවනීයයි.
නවකයෙකුට පමණක් නොව ප්‍රවීණයෙකුට වුවද
ඔහුගෙන් උගත හැකි දේ බොහෝයි.

හිස් සුදු කඩදාසියකින් පටන් ගෙන
චිත්‍ර කතා පිටුවක් සම්පූර්ණ කරන අයුරු සහ
චිත්‍රකතා පොතක කවරයක් අඳින අයුරු
 පළමු වීඩියෝ දෙකේ දැක්වෙයි.






චිත්‍රකතා ඇඳීමේ නොයෙක් අංශ
වෙන වෙනම විස්තර කරමින්, පෙන්වා දෙමින්
අන්තර්ජාලයට ජිම් ලී එක් කළ වීඩියෝ රැසකි.
පහත දැක්වෙන පිටුවෙන් වීඩියෝ තෝරාගෙන
ක්‍රමානුකූලව හැදෑරීම කළ හැක.
https://www.youtube.com/user/jimlee00/videos

පැන්සලෙන් චිත්‍රකතා ඇඳීමට හැකියාවක් නැතත්
වෙනත් ශිල්පියෙක් පැන්සලෙන් අඳින චිත්‍රකතා

තීන්තෙන් අඳින්නට හැකි ශිල්පීන්ටත්
බටහිර චිත්‍රකතා වෙළඳ පොළ විවෘතයි

xxx





පින්සල් සායම් හෝ පරිගණකය භාවිතයෙන්
චිත්‍රකතා පිටු වර්ණගත කරන අයටත්
වෙනම ඉපයීම් ක්ෂේත්‍රයක් විවෘත වෙනවා.

චිත්‍රකතා පිටු වර්ණගත කරන ශිල්පීන්ට
තාක්ෂණික උපක්‍රම කියා දෙන වීඩියෝ
අන්තර්ජාලයේ බොහෝය.

චිත්‍රකතා පිටු වර්ණගත කරන ශිල්පීන්ට
අතිශයින් ප්‍රයෝජනවත් වන මූලිකාංගය වන
ශිල්පියා සිතිය යුතු ආකාරය කියා දෙන
මේ වීඩියෝව ඉතාම ප්‍රයෝජනවත්ය.

මතුකර පෙන්විය යුතු දේ මතුවන ලෙස
වර්ණ පාලනය කරන අයුරු මෙහි දැක්වෙයි.



මේ චිත්‍ර ශිල්පියාගේ තවත් වීඩියෝ
https://www.youtube.com/channel/UCps08eOJfFRm00TE5LStIIg


පහත දැක්වෙන වීඩියෝ වලින්
චිත්‍රකතා ඇඳීමේ නොයෙක් අංශ පිළිබඳව
දළ අදහසක් ලබා ගත හැක.















බටහිර චිත්‍රකතා වෙළඳපොලට
පිවිසෙන්නට සිහින මවන චිත්‍ර ශිල්පීන්ට
සිය හැකියාව හැඩගස්වා ගැනීමට අවශ්‍ය
බොහෝ වැදගත් උපදෙස් ලබාගත හැකි
හොඳම පොතයි මේ.

http://www.mediafire.com/file/mq8ttx2xi7jar8p/How_to_Draw_Comics_The_Marvel_Way.pdf/file
චිත්‍රකතා ප්‍රකාශයට පත් කරන
ස්වාධීන බටහිර කතා රචකයෙක් හෝ
චිත්‍රකතා ප්‍රකාශක ආයතනයක්
සුදුස්සන් තෝරා ගන්නා අවස්ථාවේදී
පළමුවෙන්ම සලකා බලන්නේ
චිත්‍ර ශිල්පියාගේ හැකියාවයි.
ඒ හැකියාව සහතික වලින් හෝ
සම්මාන වලින් පෙන්වීම පලක් නැහැ.

ශිල්පියා නිර්මාණයක් කිරීමේදී
අභියෝග ජයගන්නා ආකාරය
පැන්සලෙන්, තීන්තෙන්, වර්ණයෙන් කළ
නිර්මාණ මගින්ම පෙන්විය යුතුයි.

සිය හැකියාව බටහිර ක්ෂේත්‍රයට
ගැලපෙන බව ශිල්පියා ආදර්ශ නිර්මාණවලින්
අදාළ පුද්ගලයන්ට පෙන්වීම අවශ්‍යයි.
මේ සඳහා බටහිර චිත්‍රකතා
පුලුල්ව හැදෑරීමක් අවශ්‍ය වන නිසා
විශේෂයෙන් කැප වීමට සිදුවෙයි.

චිත්‍රකතා ශිල්පියාගේ හැකියාව
මනාව නිරූපණය වන ආකාරයේ
චිත්‍රකතා ආදර්ශ පිටු ගොනුවක්
හැම චිත්‍ර ශිල්පියෙකුටම අවශ්‍යයි.


බටහිර චිත්‍රකතා ක්ෂේත්‍රයට පිවිසීමට
අවස්ථාව සලසා ගන්නට
කැමති චිත්‍රකතා ශිල්පීන්ට
ආදර්ශ තිර කතා පිටු
මෙම යොමුවලින් ලබා ගන්නට පුලුවන්.
https://www.comicsexperience.com/scripts/
නිල් වර්ණයෙන් සකස් කළ පැන්සල් චිත්‍ර පිටුhttps://tinyurl.com/PencilPages01
මෙම යොමුවෙන් ලබාගත හැකියි.

වර්ණගත කිරීමට සුදුසු විශාල චිත්‍ර පිටු
මේ යොමුවෙන් ලබා ගන්න පුලුවන්.
දිවා කාලයේ ගුරුවරයෙක් ලෙස සේවය කරන
Sean Ellery නම් ඕස්ට්‍රේලියානු චිත්‍ර ශිල්පියා
පළමුවෙන් ආත්ම තෘප්තිය සඳහා
චිත්‍රකතා පිටු වර්ණ ගත කළා.
දැන් ඔහු වෘත්තීය වර්ණ චිත්‍රශිල්පියෙක්.
ඔහුගේ චිත්‍ර සිය ගණනක් මෙහි දකින්නට පුලුවන්.

---------------------------------------------

බටහිර චිත්‍රකතා ක්ෂේත්‍රයට චිත්‍රකතා අඳින්න

https://siththaraworkshop.blogspot.com/2019/07/blog-post.html

බටහිර චිත්‍රකතා ක්ෂේත්‍රයට චිත්‍රකතා අඳින්න


.

බටහිර චිත්‍රකතා ක්ෂේත්‍රය සරු බිමක්.
ලංකාවේ චිත්‍රකතා ශිල්පීන් දක්ෂයි.

ඒ සරුබිමට ගැලපෙන ආකාරයට
බටහිර චිත්‍රකතා රසික රුචිකත්වයට අනුව
තාක්ෂණික සුදුසුකම් වගා කරගත්තොත්
ඒ සරුබිමේ අස්වැන්න නෙළීමට
අපේ චිත්‍රකතා ශිල්පීන් ඉතාම සුදුසුයි.

 ලංකාවේ චිත්‍රකතා ශිල්පීන්
කතාවේ සිට වර්ණ කිරීම දක්වා
පැන්සලෙන් තීන්තෙන් වර්ණයෙන්
සිය චිත්‍ර කතා නිර්මාණය කළත්
බටහිර ශිල්පීන් බොහෝ විට
එක් අංශයක් සඳහා විශේෂණය වෙනවා.
පැන්සලෙන්, තීන්තෙන් අඳින ශිල්පීන් මෙන්ම
චිත්‍රකතා වර්ණගත කරන ශිල්පීන්
තම ක්ෂේත්‍රයේ නමක් දිනා ගන්නෙ
ඒ කාර්යයෙහි පමණක් යෙදීමෙන්.

මේ නිසාම අපේ චිත්‍රකතා ශිල්පීන්ටත්
තමන්ගේ හැකියාව අනුව විශේෂණය වන්නට
අවකාශ තියනවා.

පැන්සලෙන් බටහිරට චිත්‍රකතා ඇඳීම
අපේ සංස්කෘතික පරතරය නිසා
අභියෝගාත්මක පියවරක්.
ඒත් පැන්සලෙන් ඇන්ද චිත්‍ර තීන්තෙන් ඇඳීම
සාපේක්ෂව පහසු කාර්යයක්.
පහසුම අංශය චිත්‍රකතා වර්ණගත කිරීමයි.

බටහිර සමාජයට ගැලපෙන ලෙස
තාක්ෂණිකව සහ ආකල්පිකව
වෙනස්වීමට පැහැදිලි කැමැත්තක් ඇති
නම්‍යශීලී චිත්‍රකතා ශිල්පීන් සඳහා
බටහිර චිත්‍රකතා වෙළඳපොල විවෘතයි.

කැපවීමෙන්, නම්‍ය ශීලීව,සංයමයෙන් යුතුව
ඒ සරුපසට ගැලපෙන වැපිරීමේ හැකියාව
තමා තුළ වගා කරගන්නා චිත්‍ර ශිල්පියෙකුට
පහසුවෙන් ජීවත් වෙන්න මාර්ගයක්
ඒ ක්ෂේත්‍රයේ සකස් කර ගන්න පුලුවන්.

මේ සඳහා ඉදිරිපත්වී ක්රියා කරන
අතරමැදියෙකු වන ලෙස කළ ඉල්ලීම් අනුව
කලක් දන්නා හිතවතෙක් විසින්
ඒ වෙනුවෙන්ම නිර්මාණය කරන අතරමැදි ආයතනයක
මූලික කටයුතු මේ දිනවල සකස්වෙමින් තියනවා.

චිත්‍රකතා ප්‍රකාශයට පත් කරන
ස්වාධීන බටහිර කතා රචකයෙක් හෝ
චිත්‍රකතා ප්‍රකාශක ආයතනයක්
සුදුස්සන් තෝරා ගන්නා අවස්ථාවේදී
පළමුවෙන්ම සලකා බලන්නේ
චිත්‍ර ශිල්පියාගේ හැකියාවයි.
ඒ හැකියාව සහතික වලින් හෝ
සම්මාන වලින් පෙන්වීම පලක් නැහැ.

ශිල්පියා නිර්මාණයක් කිරීමේදී
අභියෝග ජයගන්නා ආකාරය
පැන්සලෙන්, තීන්තෙන්, වර්ණයෙන් කළ
නිර්මාණ මගින්ම පෙන්විය යුතුයි.

සිය හැකියාව බටහිර ක්ෂේත්‍රයට
ගැලපෙන බව ශිල්පියා ආදර්ශ නිර්මාණවලින්
අදාළ පුද්ගලයන්ට පෙන්වීම අවශ්‍යයි.
මේ සඳහා බටහිර චිත්‍රකතා
පුලුල්ව හැදෑරීමක් අවශ්‍ය වන නිසා
විශේෂයෙන් කැප වීමට සිදුවෙයි.

චිත්‍රකතා ශිල්පියාගේ හැකියාව
මනාව නිරූපණය වන ආකාරයේ
චිත්‍රකතා ආදර්ශ පිටු ගොනුවක්
හැම චිත්‍ර ශිල්පියෙකුටම අවශ්‍යයි.

බටහිර චිත්‍රකතා වෙළඳපොලට
පිවිසෙන්නට සිහින මවන චිත්‍ර ශිල්පීන්ට
සිය හැකියාව හැඩගස්වා ගැනීමට අවශ්‍ය
බොහෝ වැදගත් උපදෙස් ලබාගත හැකි
හොඳම පොතයි මේ.
http://www.mediafire.com/file/mq8ttx2xi7jar8p/How_to_Draw_Comics_The_Marvel_Way.pdf/file



පැන්සලෙන් ඇඳීමට හැකියාවක් නැතත්
වෙනත් ශිල්පියෙක් පැන්සලෙන් අඳින චිත්‍රකතා

තීන්තෙන් අඳින්නට හැකි ශිල්පීන්ටත්
බටහිර චිත්‍රකතා වෙළඳ පොළ විවෘතයි.


තීන්තෙන් අඳින චිත්‍රකතා ශිල්පීන් කිහිප දෙනෙක්
VIDEO
https://siththaraworkshop.blogspot.com/2013/11/blog-post.html

තීන්තෙන් අඳින ශිල්පීන්ට කළ හැක්කේ

වෙනත් දක්ෂ ශිල්පියෙක් පැන්සලෙන් අඳින ලද
චිත්‍රකතා පිටු හැකි ප්‍රමාණයක් තීන්තෙන් ඇඳ
තමන්ගේ ඉහළම දක්ෂතාවය
හොඳින් පෙනෙන ආදර්ශ චිත්‍රකතා පිටු ගොනුවක්
හැකි ඉක්මණින් නිර්මාණය කර ගැනීමයි.
නම්‍ය ශීලී විය හැකියාවක් ඇත්නම්
ඒ ඒ ශෛලියට අනුගත වෙමින්
විවිධ ශිල්පීන්ගේ චිත්‍ර තීන්තෙන් ඇඳීම
රැකියා අවස්ථා පුළුල් කිරීමට හේතු වෙයි.

තුන්වෙනුව
පින්සල් සායම් හෝ පරිගණකය භාවිතයෙන්
චිත්‍රකතා පිටු වර්ණගත කරන අයටත්වෙනම ඉපයීම් ක්ෂේත්‍රයක් විවෘත වෙනවා.


වර්ණගත කිරීමට සුදුසු විශාල චිත්‍ර පිටු
මේ යොමුවෙන් ලබා ගන්න පුලුවන්.
දිවා කාලයේ ගුරුවරයෙක් ලෙස සේවය කරන
Sean Ellery නම් ඕස්ට්‍රේලියානු චිත්‍ර ශිල්පියා
පළමුවෙන් ආත්ම තෘප්තිය සඳහා
චිත්‍රකතා පිටු වර්ණ ගත කළා.
දැන් ඔහු වෘත්තීය වර්ණ චිත්‍රශිල්පියෙක්.
ඔහුගේ චිත්‍ර සිය ගණනක් මෙහි දකින්නට පුලුවන්.

චිත්‍රකතා ඇඳීමට හැකියාව නැතත්
චිත්‍රකතා පොත් කවර නිර්මාණය කරන ශිල්පීන්ට
චිත්‍රකතා ක්ෂේත්‍රයේ අධික ඉල්ලුමක් පවතිනවා.
සමහර විශේෂ අවස්ථාවන් වලදී
එකම චිත්‍රකතා පොත කිහිප වර්ගයක කවර සමග
චිත්‍රකතා වෙළඳපලට නිකුත් වෙනවා.
චිත්‍රකතා එකතු කරන සමහරුන් විසින්
මේ සියලු කවර සහිත පොත්
සියල්ලම මිලදී ගැනීම නිසා
පොතේ අලෙවිය ඉහළ යනවා.

මුල් චිත්‍ර කතා පිටු අලෙවිය මෙන්ම
පැරණි චිත්‍රකතා පොත් අධික මිලට විකිණීම
බටහිර වෙළඳ පොලේ සාමාන්‍ය දෙයක්..

මුලින්ම සුපර්මෑන් පෙනී සිටින චිත්‍රකතා පොත
ACTION #1 මෑතකදී EBAY මගින් විකුණුනේ
ඩොලර් මිලියන 3.2කටයි. ( රු මිලියන 562යි.)

බටහිර චිත්‍රකතා ක්ෂේත්‍රයට පිවිසීමට
ඔබටත් අවස්ථාව සලසා ගන්නට
ආයතනිකව සහයෝගයක් අවශ්‍ය නම්
මේ සඳහා අතරමැදියෙකු ලෙස
නියෝජිත කාර්යයේ යෙදෙන්නට ආයතනයක්
මේ වන විට අවශ්‍ය කටයුතු සකස්කරනවා.
ආදර්ශ චිත්‍ර කතා පිටු
සකස්කොට සපයන්නට කැමති චිත්‍රකතා ශිල්පීන්ට
ආදර්ශ තිර කතා පිටු
මෙම යොමුවලින් ලබා ගන්නට පුලුවන්.
https://www.comicsexperience.com/scripts/
නිල් වර්ණයෙන් සකස් කළ පැන්සල් චිත්‍ර පිටුhttps://tinyurl.com/PencilPages01
මෙම යොමුවෙන් ලබාගත හැකියි.

ආදර්ශ තිර කතා වල සිංහල පරිවර්තන අවශ්‍ය නම්
ඉංග්‍රීසි දන්නා කලා රසිකයෙක් මගින්
දළ වශයෙන් පරිවර්තනය කරගන්න.
ඔහුගේ කාලය ඉතිරි කිරීමට අවශ්‍ය නම්
ඔහු වාචිකව කරන පැහැදිලි කිරීම
මොබයිල් ෆෝන් එකකින් රෙකෝර්ඩ් කරගන
සවන් දෙමින් අඳින්න පුලුවන්.

පැන්සලෙන් සහ තීන්තෙන් අඳින ආදර්ශ පිටු
නිර්මාණයෙන් පසු යොමුකළ යුතු ආකාරය
පසුව දැනුම් දීමට බලාපොරොත්තු වෙමු.

පැන්සලෙන් සහ තීන්තෙන් අඳින ආදර්ශ පිටුවල
මුල් පිටපත් ඔබ ළඟ සුරක්ෂිතව තබාගන්න.
කිසි විටෙකත් කිසිවෙකුටත් ඒ මුල් පිටපත්
විමර්ශනය සඳහා නොයවන්න.
ඡායා පිටපත් ලෙස හෝ
Scan
පිටපත් ඊමේල් ඇමුණුම් ලෙස
යැවීම ප්‍රමාණවත් වනු ඇත.
 
පැන්සලෙන් චිත්‍රකතා පිටුවක් ඇඳීමේදී
අඟල් 11 X 17 ප්‍රමාණය තුළ අඳින්න.
මේ සඳහාම රූල් ගසා සකස් කළ
11 X 17 ප්‍රමාණයේ කඩදාසි සහිත පොත්
ඇමරිකානු වෙළඳ පොලේ තියනවා.

 
අවශ්‍ය නම් නිල් වර්ණ රේඛා මුද්‍රිත ආදර්ශ පිටු
ඝණ A3 කඩදාසියක මුද්‍රණය කරගන්න.


තීන්තෙන් අඳින ශිල්පීන්
තීන්තෙන් අඳින්නට නිල් වර්ණ චිත්‍රකතා පිටු
ඝණ A3 කඩදාසියක
මුද්‍රණය
කරගන්න අවශ්‍ය.


නිල් වර්ණයෙන් චිත්‍ර කතා ඇඳීමට
ප්‍රබල හේතු දෙකක් තියනවා.
පළමුවැන්න
ඇඳීමේදී කළු තීන්ත රේඛා පැහැදිලිව පෙනීම.
දෙවැන්න
Scan කර ගැනීමෙන් පසු
නිල් පැන්සල් ඉරි
පහසුවෙන් තෝරා ඉවත් කිරීමට හැකි වීම.

නිල් වර්ණයෙන් සකස් කළ පැන්සල් චිත්‍ර පිටු
මෙම යොමුවෙන් ලබාගත හැකියි.
නිල් වර්ණ පැන්සල් චිත්‍ර පිටු තීන්තෙන් ඇඳීම සඳහා
අඟල් 11 X 17 ප්‍රමාණය තුළ නිල් වර්ණයෙන්ම
ඝණ කඩදාසියක මුද්‍රණය කරගන්න.


චිත්‍රකතා පිටු නිර්මාණය කරන විට මතුවන ප්‍රශ්න සහ
අවශ්‍ය අමතර උපදෙස් "පුද්ගලිකව නොවිමසන්න."
කමෙන්ට් කර විමසන්න.
FB SHARE කළ තැන්වල විමසනවා නම් TAG කරන්න.

=======================================
අදාළ වැඩි විස්තර සහිත වෙනත් ලිපි
1, An art agency

Clip Studio pens

Pencils, Art pens & Brushes for Inking
http://siththaraworkshop.blogspot.com/2013/12/blog-post.html
=====================================

පැන්සලෙන් හෝ තීන්තෙන් අඳින ලද

මුල් චිත්‍රය ආරක්ෂා කර ගැනීම
බටහිර චිත්‍රකතා ක්ෂේත්‍රයේ සාමාන්‍ය දෙයක්.
ඔවුන් තීන්තෙන් අඳින්නේ පැන්සල් චිත්‍රය නොවෙයි.
එහි මුද්‍රිත පිටපතකයි.

ඇමරිකානු චිත්‍රකතා නීති අනුව
සියලුම චිත්‍ර වල අයිතිය හිමි වන්නේ
එය නිමවන ශිල්පියාට හෝ ශිල්පීන්ටයි.

Jim Lee වැනි සමහර ශිල්පීන්ගේ චිත්‍ර පිටු
ලංකාවේ මුදලින් ලක්ෂ ගණන්වලට
අලෙවි වීම සිදු වෙනවා.

ජිම් ලීගේ බැට් මෑන් චිත්‍රයක්
$25000කට මිළ කර ඇති දැන්වීමක්



ලංකාවේ මුදලින් රු ලක්ෂ හතලිස් පහකට
මේ චිත්‍රකතා පිටුව මිල කරලා තියනවා...